More
    spot_img
    NewsAnura Kumara Dissanayake ශක්තිමත් ආණ්ඩුවක් ඉල්ලන්නෙ ඇයි..?

    Anura Kumara Dissanayake ශක්තිමත් ආණ්ඩුවක් ඉල්ලන්නෙ ඇයි..?

    -

    spot_img

    Anura Kumara Dissanayake – සිය ධූරයට පත්වී පැය 24ක් ඇතුළත, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ හදිසි මහ මැතිවරණයක් කැඳවීමට තීරණය කළ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් “ශක්තිමත් රජයක්” සඳහා වැඩ කරන්නැයි දැඩිව ඉල්ලා සිටිනු දක්නට ලැබේ. පසුගියදා (ඔක්තෝබර් 13) කොළඹ ඉම්පීරියල් මොනෑෂ් හෝටල් ශ්‍රවණාගාරයට එක්වූ සිය පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ, තමන්ට තවමත් ඇත්තේ තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් බැවින්, එළඹෙන මැතිවරණයේදී “ශක්තිමත් ආණ්ඩු බලයක්” ලබාගත යුතු බවයි.

    ශ්‍රී ලංකා සමාජය තවමත් ගිලී ඇත්තේ ජාතිකවාදය සහ සිංහල ස්වෝත්තමවාදය තුළය. නිතිය සහ සාමය සුරක්ෂිත කිරීම වඩාත්ම අවශ්‍ය සහ කිට්ටු වන්නේ ෆැසිස්ට්වාදයට මිස සමාජවාදයට නොවේ. ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් “වාමාංශික” යන ලේබලය යටතේ හඳුන්වා දෙනු ලබන JVP නොහොත් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය වන NPP ය, ඒ පිළිබඳව දරණ මතය පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා එම හමුවේදී කිසිදු අදහසක් පළ කරේ නැත. එහිදී තම පක්ෂයේ වැඩපිළිවෙල පිළිබඳව කිසිත් ප්‍රකාශ නොකළ ඔහු, “දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය” යන ප්‍රසිද්ධ වේදිකා සටන් පාඨයම එහිදීත් පුනරුච්චාරණය කළේය. ඇත්ත වශයෙන්ම, දිසානායක රජය මුළුමනින්ම කැපවී සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද කප්පාදු ක්‍රියාවට නැංවීමට, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ සහනාධාර සඳහා රජයේ වියදම් උපරිමයෙන් කප්පාදු කිරීමටය. වැඩි කළ බදු සහ තීරුබදු හරහා විශාල ප්‍රාථමික අයවැය අතිරික්තයන් රැස් කිරීම, රජය සතු ව්‍යවසායකයන් විකිණීමක් සිදු කිරීම සහ රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් ඉවත් කිරීම ඒ අතර ඇති අනෙකුත් දේය. නමුත් “ණය තිරසාරභාවය” සාක්ෂාත් කර ගැනීම යනු ගෝලීය ආයෝජකයින්ට ආපසු ගෙවීම සහතික කිරීම සහ ආර්ථිකය දේශීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙත වඩාත් සමීප කිරීමයි.

    Aragalaya 2022

    පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ වැඩි ආසන සංඛ්‍යාවකින් පමණක් නොව “ගුණාත්මක” සාමාජිකයන්ගෙන් බව NPP නායකයා සිය කතාවේදී පැවසීය. NPP ය විසින් හුවා දක්වනු ලබන “ගුණාත්මක” අපේක්ෂකයින් බොහෝ දුරට ව්‍යාපාරිකයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්, තාක්ෂණවේදීන් සහ අනෙකුත් මධ්‍යම පන්තික කොටස් විය හැකිය. ඔවුන් “රට යලි ගොඩ නැගීමේ” ජාතිකවාදී රැළි කැඳවීම යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වලට සහාය වනු ඇත. දෙමළ සුළුතරයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ වාර්ගික යුද්ධයේ දී විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ නැගෙනහිර හිටපු ආඥාපතිවරයෙකු වූ අරුණ ජයසේකර සහ ආයතනික විධායකයින් වන එරංග උදේෂ් වීරරත්න සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමද මෙම කඳවුරට අතුලත් වීම ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ද සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස “දියුණු වෙමින් පවතිනවා” යන මැයෙන් මනඃකල්පිත දිලිසෙන පත්‍රිකාවක් පෙන්වනුයේ, ශ්‍රී ලංකාව ලෝක ධනවාදයේ සහ ආර්ථික අර්බුදයේ බර රටේ කම්කරුවන් හා ජනතාව මත පටවමින් සිටින බව වසං කිරීමට ය.

    එමෙන්ම ඔහුගේ තවත් අදහසක් වුයේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරමින් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීමට හැකිවූ බවත්, සම්ප්‍රදායික පැරණි දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂ බෙදී යෑමකට ලක්ව ඇති බවත් ය. 2022 වසරේදී මහජන නැගිටීමකින් පිපිරුණු ගෝඨාභය රාජපක්ෂ පාලනයේ බලය සහ ඒ කෙරෙහි ජනතාව තුළ මතුව තිබු කෝපය සහ අප්‍රසාදය ඉතාම සුක්ෂමව සහ උපායමාර්ගිකව ඩැහැ ගැනීමට NPP ය සමත් විය. පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සඳහා විරුද්ධ පක්ෂවල “දුර්වලතාවය” භාවිතා කරන ලෙස දිසානායක සිය පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. “ශක්තිමත් ආණ්ඩුවක්” සඳහා වන මෙම ව්‍යාපාරයේ විනිවිද පෙනෙන අරමුන වන්නේ, IMF කප්පාදු පැනවීමට එරෙහිව කම්කරු පන්තිය තුල මතුවන නොවැලැක්විය හැකි මහජන විරෝධයට මුහුණ දීමට ආණ්ඩුවේ හස්තය ශක්තිමත් කිරීමයි. පාලක ප්‍රභූවේ සැළකිය යුතු කොටසක් ද දැන් සංඥා කරන්නේ “ස්ථාවර” හෝ “බහුතර” JVP/NPP නායකත්වය දරන ආණ්ඩුවක් සඳහා දිසානායකගේ අභිලාෂයට සහය දෙන බවයි. මෙමගින් පාර්ලිමේන්තුව හරහා එහි වැඩපිළිවෙල කඩිනමින් සම්මත කර ගැනීමට සහ එය සියලු විරුද්ධවාදීන් හුදකලා කිරීමට පමණක් නොව එහි ප්‍රතිගාමී, අධිරාජ්‍ය ගැති න්‍යාය පත්‍රයට එරෙහිව මහජන විරෝධතා සහ වැඩ වර්ජන “නීත්‍යානුකූල නොවන”, “ප්‍රජාතන්ත්‍ර විරෝධී” සහ “ජාතික විරෝධී” ලෙස ලේබල් අලවා මඩ ගැසීම සඳහා පාලක පන්තියට ශක්තිය ලැබෙනු ඇත.

    පසුගිය ඔක්තෝබර් 11 වෙනිදා Daily Mirror පුවත්පත කතුවැකියක් ලියමින් සඳහන් කර තිබුණේ, අනුර කුමාර දිසානායක විශේෂිත ආයතනවලට ගජමිතුරන් පත් නොකිරීම, ජීවන වියදම පහත හෙලීම සහ IMF ගිවිසුමේ හානිකර දේ වෙනස් කිරීම වැනි “මැතිවරණ පොරොන්දු ඉටු නොකිරීම” සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක්ව ඇති බවයි. NPP ය වෙනුවෙන් නීතීඥයෙකු ලෙස ක්‍රියා කරමින් මිරර් කතුවරුන් තර්ක කළේ ගජමිතුරු පත්වීම් “අතළොස්සක්” පමණක් සිදුවී ඇති අතර ආණ්ඩුවට අද දක්වා තිබී ඇත්තේ “IMF සමග එක රැස්වීමක්” පමණක් බවත් ය. එදිනම The Island පුවත්පත කතුවැකියක් පළ කරමින් සඳහන් කර තිබුණේ, “රනිල් වික්‍රමසිංහ ගොස් ජනාධිපති ලෙස නැවත ඔහුම පැමිණ ඇති” බවට දේශපාලන කණ්ඩායම් විසින් අනුරගේ පාලනය හාස්‍යයට ලක් කර ඇති බවකි. ඊට හේතුව “නිර්භීතව ක්‍රියාවට නැංවූ වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති” නව පාලනය යටතේ ද නොවෙනස්ව පවතින බව යැයි ද අයිලන්ඩ් කතුවැකිය වැඩිදුරටත් විස්තර කර තිබිණි.

    Aragalaya 2022

    දැවැන්ත උද්ධමනය හේතුවෙන් 2022 දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 27% කින් පහළ වැටිණි. 2023 ජනාධිපතිවරණය ආසන්නයේ වසර ගනනාවක උද්ධමනය යම් මට්ටමකට පහල දැමීමෙන් පසුව වික්‍රමසිංහ පාලනය විසින් අවම වශයෙන් 25% ක රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් නිවේදනය කළේය. නමුත් පසුගියදා NPP කැබිනට් මණ්ඩල ප්‍රකාශක විජිත හේරත් නිවේදනය කළේ, රජය මිලියනයකට අධික රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම් නවතා දැමීමට තීරණය කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණයට පෙර වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කිරීමේදී හිටපු පාලානය විසින් මුදල් අමාත්‍යාංශයෙන් නිසි උපදෙස් ලබාගෙන නොමැති බවත් රටේ මූල්‍ය තත්ත්වය නිසි ලෙස සලකා බලා නොමැති බවත්ය. ඔහු තවදුරටත් කියා සිටියේ, ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු වලදී “කිසිවිටකත්”, “මෙවැනි කිසිවක්” සඳහා ප්‍රතිඥා නොදුන් බවයි. නමුත් පසුගිය සැප්තැම්බර් 4 වෙනිදා NPP ව්‍යාපාරික සංසදයක් අමතමින් අනුර කුමාර දිසානායක, රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන බව පැවසීම ගැන රනිල් වික්‍රමසිංහ සහ SJB නායක සජිත් ප්‍රේමදාස යන ය ඔහුව විවේචනය කළෝය. රටේ ආර්ථික අර්බුදය පෙන්වා දෙමින් සහ මුල්‍ය විනය හොඳින්ම ක්‍රියාත්මක කරන්නා ලෙස තමන්ව හුවා දක්වමින්, NPP නායකයා දැන් එවැනි වැටුප් වැඩිවීම් “මාරාන්තික” ලෙස හෙළා දකින්නේ ය.

    NPP ආන්ඩුවද, චීනයට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මිලිටරි, මූලෝපායික ප්‍රහාරයට ගැඹුරින්ද , ඉන්දියානු සාගර ප්‍රධාන නැව් මංතීරු වඩාත් හොඳින් හසුරුවන ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ දී වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ද සිටිති. තමන් පාලනය විශ්වාස කළ හැකි බව එම පාලක පන්තියට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, ජවිපෙ මෑත වසරවලදී වොෂින්ටනයට ආචාර කළ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් හමුව හරහා ද යළි යළිත් තහවුරු කළේය. කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සගයා වන ඉන්දියාවේ “මූලෝපායික අවශ්‍යතාවලට” පටහැනි කිසිවක් නොකිරීමට, මේ මස මුලදී, එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ ප්‍රධානී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් කොළඹට පැමිණ ජනාධිපතිවරයාද හමුවිය.

    ක්‍රමයෙන් කම්කරු පන්තියේ අප්‍රසාදයට මුහුණ දී සිටින ආණ්ඩුව, එහි පූර්වගාමීන් විසින් සම්මත කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිවලට බැටරිය යොදවා එක් අතකින් විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල භාවිතා කරන අතර අනෙක් පැත්තෙන් සිංහල ස්වෝත්තමවාදය අවුස්සමින් සිටි. NPP “විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික” සහ “විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකය” හරහා මිලිටරි, ආරක්ෂක උපකරණ සහ දෙමළ විරෝධී යුද්ධයේ ප්‍රවීනයන් බලමුළු ගැන්වීම සන්සුන් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. එබැවින්, NPP යට “ශක්තිමත් ආණ්ඩුවක්” අවශ්‍ය වන්නේ උක්ත කාරණා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට මිස මෙරට නිර්ප්‍රභූ ජනයාගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා නොවන බව පැහැදිළිය.

    WSWS.ORG ඇසුරෙනි-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...

    Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

    Germen - "විවිධත්වයේ උත්සවය" ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව්...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 71

    Hima Mal Renu හිම මල් රේණු මම තාත්තාට කෑමකවන අතර තුර ආච්චි අම්මාද අප අසළට වී සිටියාය. "අ...නු...රා...ග්...හො...ඳ...කො...ලෙ...ක්..." තාත්තා අපහසුවෙන් වචන එකතු...

    Hima Mal Renu හිම මල් රේණු – 70

    Hima Mal Renu හිම මල් රේණු අහසේ ඇදී ගිය අකුණු සැරයකින් මම තවත් කම්පනයට පත් වූයෙම්. නංගී මේ කියන්නේ කුමක්ද....?...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page