NewsDevon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

-

spot_img

Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වු පුවත මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබේ. මෙම ධීවරයින් වැලිගම සහ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පසුගිය 4 වෙනිදා තංගල්ල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු මුහුදේ සිට නාවික සැතපුම් 317ක් දුරින් මසුන් මරමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ ලීටර් 5 ක ප්‍රමාණයේ බෝතලයක් දුටු ධීවරයින් මුහුදට පැන එම බෝතලය බෝට්ටුවට රැගෙනවිත්, දේශීය මත්පැන් වර්ගයක් යැයි සිතා එය පානය කොට, විනෝද වී රාත්‍රි නින්දට ගොස් ඇති බවට පුවත් පලව තිබිණි. පසුදා උදෑසන වන විට යාත්‍රාවේ කපිතාන් ලෙස කටයුතු කළ ධීවරයා මිය ගොස් තිබු අතර, එම දියර වර්ගය පානය කළ 6 දෙනාගෙන් 5 දෙනෙකුම දින දෙකක් තුළ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.

අන්තර්ජාලය පිරික්සීමේදී, මෙවැනි හැඩයේ බෝතල් භාවිතා කරනුයේ නයිට්‍රික් අම්ලය, මෙතිල් ඇල්කොහොල්, අයිසොප්‍රොපයිල් මධ්‍යසාර, මෙතිලීන් ක්ලෝරයිඩ් සහ ෆෝමල්ඩිහයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය බහාලීම සඳහා බව තහවුරු වෙයි. ධීවරයින් එම බෝතලය සොයා ගන්නා විට එහි ලේබලයක් නොතිබුණත්, බෝතලයේ තිබූ ඇල්කොහොල් සුවඳ දැනී, එය මධ්‍යසාර ලෙස වරදවා වටහා ගෙන පානය කළ බවයි, ජීවිතය බේරාගත් ධීවරයා පවසා තිබුණේ. බෝතලයේ ඇති දියර වර්ගය පානය කිරීමට පෙර ඔවුන් එම බෝතලය සමග සමුහ සෙල්ෆි ජායාරුපයක් ගෙන, එය සමාජ මාධ්‍යය වෙතද මුදාහැර තිබුණා. බොහෝ විට නැව් පිරිසිදු කිරීමට යොදා ගන්නා “මෙතිල් ඇල්කොහොල්” එම බෝතලයේ අඩංගුව තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි අතර, “එතිල් ඇල්කොහොල්” පානය ශරීරයට විෂ නොවන නමුත්, “මෙතිල් ඇල්කොහොල්” පානය ශරීරයට විෂ වීමෙන් භයානක ප්‍රතිපල අත්විඳින්නට සිදුවිය හැකි බව තේරුම් ගැනීමට තරම් අවබෝධයක් මේ ධිවර පිරිස සතුව නොතිබෙන්නට ඇත.

මෙතනෝල් ශරීරයට ඇතුළු වූ පසු, එන්සයිම ක්‍රියාවලියක අතරමැදි නිෂ්පාදනයක් ලෙස “ෆෝමල්ඩිහයිඩ්” නිපදවයි. ෆෝමල්ඩිහයිඩ් යන්න සරල භාෂාවෙන් පැහැදිළි කරන්නේනම්, එය මෘතදේහ එම්බාම් කිරීම සඳහා භාවිතා කරන “ෆෝමලින්” ය. ශරීරයේ ෆෝමලින් තැන්පත් වීමෙන් ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල අක්‍රියවී මරණය සිදුවිය හැක. මෙතිල් ඇල්කොහොල් (CH3OH) යනු දැඩි ගන්ධයක් සහිත අවර්ණ ද්‍රව්‍යයක් වන අතර එය ඇස්, සම, පෙනහළු සහ ආහාර ජීර්ණ පද්ධතිය හරහා අවශෝෂණය කළ හැකි විෂ සහිත ද්‍රව්‍යයකි. අධික ලෙස නිරාවරණය වීම මරණයට හේතු විය හැකි බව කියනු ලැබේ. නමුත් මාත්‍රාව සහ කාලසීමාව අනුව හානියේ ප්‍රමාණය වෙනස් විය හැකිය. මියගිය ධිවරයින් සහ ජිවතුන් අතර සිටින ධීවරයා අපට පෙන්වා දෙන්නේ ඒ විද්‍යාත්මක සත්‍යයයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

රත් දෝතළු – 48

රත් දෝතළු - 48 අඳුරු වූ අහසේ යාන්තමට දිස්වන මළානික සඳ එළිය දෙස මා බලාසිටියේ හිස් දෑසිනි. සවස ඇද හැළුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you