More
    NewsDevon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    -

    spot_img

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වු පුවත මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබේ. මෙම ධීවරයින් වැලිගම සහ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පසුගිය 4 වෙනිදා තංගල්ල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    දකුණු මුහුදේ සිට නාවික සැතපුම් 317ක් දුරින් මසුන් මරමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ ලීටර් 5 ක ප්‍රමාණයේ බෝතලයක් දුටු ධීවරයින් මුහුදට පැන එම බෝතලය බෝට්ටුවට රැගෙනවිත්, දේශීය මත්පැන් වර්ගයක් යැයි සිතා එය පානය කොට, විනෝද වී රාත්‍රි නින්දට ගොස් ඇති බවට පුවත් පලව තිබිණි. පසුදා උදෑසන වන විට යාත්‍රාවේ කපිතාන් ලෙස කටයුතු කළ ධීවරයා මිය ගොස් තිබු අතර, එම දියර වර්ගය පානය කළ 6 දෙනාගෙන් 5 දෙනෙකුම දින දෙකක් තුළ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.

    අන්තර්ජාලය පිරික්සීමේදී, මෙවැනි හැඩයේ බෝතල් භාවිතා කරනුයේ නයිට්‍රික් අම්ලය, මෙතිල් ඇල්කොහොල්, අයිසොප්‍රොපයිල් මධ්‍යසාර, මෙතිලීන් ක්ලෝරයිඩ් සහ ෆෝමල්ඩිහයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය බහාලීම සඳහා බව තහවුරු වෙයි. ධීවරයින් එම බෝතලය සොයා ගන්නා විට එහි ලේබලයක් නොතිබුණත්, බෝතලයේ තිබූ ඇල්කොහොල් සුවඳ දැනී, එය මධ්‍යසාර ලෙස වරදවා වටහා ගෙන පානය කළ බවයි, ජීවිතය බේරාගත් ධීවරයා පවසා තිබුණේ. බෝතලයේ ඇති දියර වර්ගය පානය කිරීමට පෙර ඔවුන් එම බෝතලය සමග සමුහ සෙල්ෆි ජායාරුපයක් ගෙන, එය සමාජ මාධ්‍යය වෙතද මුදාහැර තිබුණා. බොහෝ විට නැව් පිරිසිදු කිරීමට යොදා ගන්නා “මෙතිල් ඇල්කොහොල්” එම බෝතලයේ අඩංගුව තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි අතර, “එතිල් ඇල්කොහොල්” පානය ශරීරයට විෂ නොවන නමුත්, “මෙතිල් ඇල්කොහොල්” පානය ශරීරයට විෂ වීමෙන් භයානක ප්‍රතිපල අත්විඳින්නට සිදුවිය හැකි බව තේරුම් ගැනීමට තරම් අවබෝධයක් මේ ධිවර පිරිස සතුව නොතිබෙන්නට ඇත.

    මෙතනෝල් ශරීරයට ඇතුළු වූ පසු, එන්සයිම ක්‍රියාවලියක අතරමැදි නිෂ්පාදනයක් ලෙස “ෆෝමල්ඩිහයිඩ්” නිපදවයි. ෆෝමල්ඩිහයිඩ් යන්න සරල භාෂාවෙන් පැහැදිළි කරන්නේනම්, එය මෘතදේහ එම්බාම් කිරීම සඳහා භාවිතා කරන “ෆෝමලින්” ය. ශරීරයේ ෆෝමලින් තැන්පත් වීමෙන් ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල අක්‍රියවී මරණය සිදුවිය හැක. මෙතිල් ඇල්කොහොල් (CH3OH) යනු දැඩි ගන්ධයක් සහිත අවර්ණ ද්‍රව්‍යයක් වන අතර එය ඇස්, සම, පෙනහළු සහ ආහාර ජීර්ණ පද්ධතිය හරහා අවශෝෂණය කළ හැකි විෂ සහිත ද්‍රව්‍යයකි. අධික ලෙස නිරාවරණය වීම මරණයට හේතු විය හැකි බව කියනු ලැබේ. නමුත් මාත්‍රාව සහ කාලසීමාව අනුව හානියේ ප්‍රමාණය වෙනස් විය හැකිය. මියගිය ධිවරයින් සහ ජිවතුන් අතර සිටින ධීවරයා අපට පෙන්වා දෙන්නේ ඒ විද්‍යාත්මක සත්‍යයයි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page