A Flash from the Past
මඟ හැරුණු තැන් බැරිලු
ආයෙමත් හදන්න
කියන්නෙම ඔයා මට
එපා අතීතෙට යන්න
මං හරි මුරණ්ඩුයි ඔයාමයි
මේ නම මට දුන්නේ
මොනාද අනේ ඔයා දන්නේ
අතීතෙම තමා මං තාම ඉන්නේ……..
හුස්මක් දුරට මං පෙනෙන මානේ
ඕනෙමලු දැවටෙන්න අතනෑර මතකේ
මොනාද අනේ ඔයා දන්නේ
හදවතේ මැද මිදුලු ගානේ
ඇවිදින ඔයා ගැන මං ඇර වෙන කවුද දන්නේ…
එකනෑර වකවානු දින ගැනපු ප්‍රේමේ
අතනෑර අහුලලා මට එවපු අරුමේ
දන්නවා බැමි අතර රිදෙන ඒ කරුමේ
“ඔයා මොනාද අනේ මට දුන්නේ”
අතීතෙන් හෙණ හඬක්
ඇසී හිත ගැස්සේ….