NovelsMandaramen EhaMandaramen Eha - 43 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 43 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – තාරුකා සිය නිවසේ මිදුලෙහි එහා, මෙහා සක්මන් කරමින් සිටියේ, තමාව සේවා ස්ථානය වෙත ඇරලවීම සඳහා කාලිංග පැමිණෙන තුරුය. ඔහු තමාට බසයෙන් ගල්ගමුව නඟරය තෙක් යෑමට පවා තහංචි දමමින් මෙසේ හැසිරීම දැන්,දැන් වදයක් වෙමින් පවතී. තවත් අතෙකින් සිය සොහොයුරා විටෙක හැසිරෙන්නේ වගකීම් විරහිතව බව ඇයට හැඟී ගොස් තිබේ. තමාගේ සේවා ස්ථානය හිමි ලක්මාල් පවා මෙතරම් සරලව හැසිරෙනු ඇය දැක ඇත්තේ කළාතුරකිනි. එසේ සිතමින්ම තාරුකා සිය මිදුලෙහි වූ ඇසළ ගස පාමුල බංකුවෙහි හිඳ ගත්තාය. ඇගේ මතකය සැනෙන් ඇදී ගියේ පෙරදා සිය සේවා ස්ථානයේදී සිරිවර්ධන මුදළාලී මුණගැහුණු අවස්ථාව වෙතටය.

සිරිවර්ධන මුදළාලී එක් අතක් තමාගේ ගෙල වෙත දිගු කරගෙන ක්‍රමයෙන් තමාට සමීප වද්දී, තාරුකා බියෙන් හැකිළෙමින් තව,තවත් බිත්තියට තද වූවාය. ලක්මාල් “පප්පේ…පප්පේ…” කියා කෑගසනු ඇයට ඇසුණේ අඩ සිහියෙන් මෙනි.
“දූගෙ බෙල්ල හොඳටම පාළු වෙලානේ…කෝ දුවේ කොටහළු මඟුල දවසෙ අම්මා අරං දුන්නු චේන් පොට…”

තාරුකාගේ ගෙල මෘදුව ස්පර්ෂ කරමින් සිරිවර්ධන මුදළාලී කියද්දී, ක්ලාන්ත වීමට ආසන්නව සිටි තාරුකා, හිරකරගෙන හුන් හුස්මක් බරට බිම අත හැරියාය.

“පප්පේ…මේ ළමයා හොඳටම බයවෙලා ඉන්නේ..එන්ඩ අපි යං..”

ලක්මාල් සිය පියාගේ උරහිස් මතින් අත තබා ඔහුව ඉවතට ගැනීමට උත්සාහ කළද, සිරිවර්ධන මුදළාලී උරහිස් හකුළුවමින් ඊට විරෝධය පළ කළේය.

“මගෙ දූ මොකටෙයි පප්පට බයවෙන්නේ…චේන් පොට නැතිවුණාද මයෙ අම්මේ…අම්මට බයේ කීවේ නෑ නේද..මං දූට අලුත් චේන් පොටක් අරං දෙන්නම්..බයවෙන්නෙපා….මං අම්මට කියන්නෑ…”

සිරිවර්ධන මුදළාලී අවසාන වචන කිහිපය කීයේ තාරුකාගේ හිස අතගාමීන් රහසෙන් මෙනි. තාරුකා තමන්ටත් නොදැනීම ඇගේ පාලනයෙන් තොර වූවාය. වහාම සිරිවර්ධන මුදළාලී වැළඳගත් ඇය ඉකිගසමින් හඬන්නට වූවාය.

“නංගී…”

ඒ හඬ සමන්තීගේය. තමා හිඳ ඇත්තේ ගැඹුරු කල්පනාවක බව තාරුකාට වැටහුණේ සිය සොහොයුරිය දුටු විටය. සමන්තී, තාරුකා අසළට පැමිණ හිඳගත්තාය. අනතුරුව ඇගේ හිස අතගාමින් කතා කළාය.

“ඇඬුවා කියලා වෙච්චි කිසි දෙයක් වෙනස් කරන්න බෑනේ නංගී…”

තමා සිට ඇත්තේ හඬමින් බව තාරුකාට තේරුම් ගියේ සිය සොහොයුරිය එසේ කියනා විටදීය. ඇය අත්ලෙන් දෑස් පිස දැමුවාය.

“අම්මා මතක් වෙද්දි මටත් හිතෙන්නෙම කොහෙට හරි වෙලා අඬ,අඬා ඉන්න නංගී..ඒත් අපි අම්ම වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්ඩෝනෙ..අපි කිව්වේ ඔයයි,මායි,අයියයි එකතුවෙලා…”

“අක්කේ…ඇයි අපි අප්පච්චිගෙ මරණෙ ගැන හොයන්න දාපු නඩුව අයින් කරගත්තෙ..”

සමන්තී විස්මයෙන් තාරුකා දෙස බැලුවාය. ඈ සිතූයේ තාරුකා හඬන්නේ මීට ටික දිනකට කලින් මියගිය තම මව සිහිවීමෙන් කියාය.

“අයින් කරගත්තෙ නෑ නංගී…කොහෙ තියන සල්ලියක්ද ඉවරයක් නැති නඩු වලට වලට වියදම් කරන්ඩ..ඉතිං අපි නඩුවාට නොගියාම ඉබේම නඩුව අහක යන්ඩැති…”

“අපි ආයෙම නඩුවක් දාමු..”

තාරුකා එසේ කියද්දී, සමන්තී කුකුසෙන් යුතුව සිය නැඟණියගේ මුහුණ බැලුවාය. ඒ මොහොතේම ශාරිකගේ යතුරුපැදිය ඔවුන්ගේ නිවස පසුකර ගියේය.

“ආන්න අපේ මස්සිනා මේ අහවත් නොබලා යන්න ගියා..”

තාරුකා කඩුල්ල දෙස බැලූයේ නොසැළකිල්ලෙනි. ශාරිකගේ යතුරුපැදිය පැමිණි දෙසින්ම කාලිංගගේ යතුරුපැදියද පැමිණ කඩුල්ල අසළ නතර කළේය.

“නඟේ විජහට වරෙං..පරක්කු වුණා….”

කාලිංග කඩුල්ල දෙස සිට කෑගසද්දී, සිය අත් බෑගය කරේ එල්ලා ගත් තාරුකා කඩුල්ල වෙත දිව ගියාය.

සරලා මිදුලට පැමිණියේ සිය සොහොයුරාගේ යතුරු පැදිය නිවසින් පිටවන හඬට කන්දීගෙනය. ඒත් සමඟම පිටුපසින් කාලිංගගේ යතුරුපැදියද ගමන් කරනු සරලා දුටුවාය. ඔහු නිකමටවත් තම නිවස දෙස හැරී බලනු සරලාට පෙණුනේ නැත. ඊයේ රාත්‍රියේ සිය මව සහ සොහොයුරාගේ කතාබහ කන වැකීම නිසාම ඇයට කාලිංගගෙන් අසා පැහැදිලි කරගත යුතු බොහෝ දේ තිබිණි. එසේ සිතමින්ම ඇය ගේට්ටුව හැර පාරට ඇවිද ගියාය. සරලාගේ නිවස අසළ කැරකෙමින් සිටි ජිල්බු ඇයව දුටු සැනෙන් පාරේ අනෙක් පසට ඇවිදගෙන ගියේ කිසිවක් සිදු නොවූ ගානටය. සරලා ඔහු දුටුවාය.

“ඒ..යී…ජිල්බූ..”

සරලාගේ හඬ ඇසෙත්ම අචාර පෙළපාලියක නිශ්චල ජායාරූපක් සේ ජිල්බූ එකතැන නතර වූයේය.

“අප්පට සිරි…දැක්ක නේහ්…කොරලා හමාරයි…”

ජිල්බු හිටිවනම තමන්ට මුමුණා ගත්තේත්, සරලා ඔහු සමීපයට පැමිණ සිටගත්තේත් එකම මොහොතකය.

“ආව් අප්පා…මෙයාගේ ලස්සන…කොණ්ඩෙ පැත්තට පීරලා….මැදින් රොදක් තියලා…මේ..නහය…කජු පූලමක් වගේ…ඒඒඑහ්..”

එසේ කියමින් සරලා ජිල්බුගේ නාසය තදින් මිරිකා දැමුවාය. නොසිතූ අකරතැබ්බය සිතාගත නොහැකිවූ ජිල්බූ විළියෙන් ඒ මේ අත ඇඹරෙන්නට වූයේය.

“අනේහ්…ලැජ්ජා වෙද්දි තවත් ලස්සනයි…වස්තු කොටේ…”

සරලා කීයේ ජිල්බුගේ නිකට ඇඟිලි තුඩු වලින් ස්පර්ෂ කොට තොඳොල් හඬකිනි.

“ඒ වුණාට ඔයා තරං නෑ…”

ජිල්බු සරලාගේ අතට ලැජ්ජාවෙන් පහරක් ගැසීය. සරලා ඉවතට හැරී අතින් මුව වසා සිනාසී, නැවත ජිල්බු වෙත හැරී බැරෑරුම් වූවාය.

“මේහ්…ඒක නෙවේ ඔයා කොහෙද අනේ මේ යන්නේ..”

“ආයෙ වෙන කොහේ යන්ඩෙයි..ඔයා බලන්ඩ තමා ආවේ…”

“ඉතිං අනේ ගෙදර පේන දුර තියං පාරේ ඉඳං බලන්ඩ ඕනයැ….ඔය ටික ඇවිත් ගෙට ගොඩ වුණානං අපි දෙන්නට තේ එකක් බිබී මූණෙන් මූණ බලං ඉන්ඩ තිබුණනෙ..”

“මාත් ඕකම කීවා අර කාලියට..කෝ ඇහුවයැ නෑනේ…මෙතෙන්ට වෙලා බලං හිටු..ගෙවල් පැත්තෙ ගියොත් තොගෙ කකුල් කෙටි දෙක කඩනවා කියල කීවනෙ..”

“කාලියා කීවේ..මේ..අර අපේ කාලිංගයිය නේද අනේ..”

“නැතුව ඉතිං වෙන මොන නොසන්ඩාල….”

සිය සුපුරුදු වාග් විලාශයට එමින් සිටි ජිල්බූ, එක්වරම යමක් මතක් වූවාක් මෙන් කතාව අතරමඟ නවතා,

“කිරි අප්පට බල්ලො පැනපි..කියවුණා නේද බොලේ…”

කියා අතින් කට වසාගත්තේය. සරලා ආයාසයෙන් සිනහව විකාගෙන, බොරු අමනාපයක් මූණට ආරූඪ කරගත්තාය.

“ඒ කියන්නෙ උඔ මෙතන හොර ගල් අහුල,අහුලා හිටියේ මං ගැන ඔත්තු බලන්ඩ නේද කළු,තඩි කොටෝ…”

“බංඩාර මුත්තේඒඒ..සරලා චූටී..දැන් ඕක කාලිංගයියගෙ කණේ තියලා, මගේ පස්ස බිම අන්නවනවා හෙම නෙවේ ඕං මයෙ දෙයියෝ….”

“කියනෙකත් කියනවා…උඔ කාලිංගයියට කාලියා කීවා.. නොසන්ඩාලයා කීවා කියලා…”

“අනේ අපේ හොඳ සරලා චූටිනෙ..බොරුවක් කියනවනම් ගිය සැරේ පස්ස බිම ඇනපු තැල්ම තාම තියනවා හිටින්ඩකො මං පෙන්නන්ඩ..”

ජිල්බු පිටුපස හරවා සරම ඔසවන්නට සැරසුණේය.

“ඒයී..ඒයී..ඒයී..උඔට පිස්සිද මෝඩයෝ…” සරලා අතින් පහරක් ගසා ජිල්බුව නැවැත්වූවාය.

“නැහ්නං ඉතිං සරලා චූටී මාව විශ්වාස කරන එකක් යැ…”

“හරි… මං මේ කිසි දෙයක් කාලිංගයියට කියන්නෑ….හැබැයි උඔ මං අහන හැමදේටම ඇත්ත කියන්ඩෝනෙ..එක බොරුවක් හරි කීවොත් එහෙම, මං උඔ කියපු දේවල් වලට අතිනුත් ටිකක් දාලා කාලිංගයියට කියනවා…දන්නවනෙ ඊට පස්සෙ උඔගෙ පස්ස විතරක් නෙමේ හොම්බත් බිම උලයි..”

මේ කතාබහ යන අතරවාරයේ හීන්බණ්ඩාර මැණිකේ ගේට්ටුවෙන් එළියට පැමිණියාය. පාරේ තැනක බැරෑරුම් කතාබහක නියැළෙන ජිල්බූ සහ සරලා ඇය දුටුවාය.

“චූටීඊඊ…”

හීන්බණ්ඩාර මැණිකේ ගේට්ටුව අසළ සිටම තරමක් උස් හඬින් කතා කළාය. ඒ හඬට සරලා හැරී බලන අයුරුත්, පසුව ඇය ජිල්බුට යමක් පවසා පිටත් කර හැර, තමා දෙසට ඇවිද එනුත් හීන්බණ්ඩාර මැණිකේ බලා සිටියාය.

ශාරික වහ,වහා පිටුපසින් සිය සේවා ස්ථානයට ඇතුළු වනු කැෂියර් කූඩුවේ සිටි මාධවී දුටුවාය. ඇයද වහා ශාරිකගේ මේසය අසළට ගොස් සිටගත්තාය. ශාරික සිය මේසය අසළට ආවේ බොහෝ සෙයින් කළබල වී බව මාධවී නිරීක්ෂණය කළාය.

“මේ මොකෝ අනේ..කවුරුහරි ගහන්ඩ පන්නං එනවද…”

සිය මේසය අසළ සිටගෙන සිටිනා මාධවී දුටු සැනෙන් ශාරික තවත් කළබලයට පත් වූයේය.

“මේහ්….මාධවී..ඔයා කැෂියර් කූඩුවට හෙම යන්ඩෙපා…ඔහොම පොඩ්ඩක් මෙතන ඉන්ඩ..”

“මොකද අනේ මේ…උදේ පාන්දර ඔයාට මෝහිණීවත් හම්බවුණාද..”

“මෝහනයක් වගේ දෙයක් තමා මිනිහා කරන්ඩ යන්නේ…අහුවෙන්ඩ නං එපා හරිද…”

“මොන විකාරයක්ද අනේ මේ…ඔයා අද නැඟිට්ටේ ඇඳේ වැරදි පැත්තෙන්ද..”

මාධවී කැෂියර් කූඩුව දෙසට යන්නට හැරුණාය.

“එපා..මාධවී..එපා..එපා..”

කැෂියර් කූඩුව දෙසට යන්නට පා එසවූ, මාධවීව ශාරික අල්ලා ගත්තේ ඉඟ පෙදෙසිනි. විදුලිය ශරීර ගත වූවාක් මෙන් මාධවී එතැනම නතර වූවාය. ඇය හිස පහලට හරවා බැලූයේ ශාරිකගේ අත දෙසය. එය තිබුණේ මාධවීගේ සාරියෙන් නිරාවරණය වූ නාභිය මතය. අඩවන් දෑසින් එදෙස බැලූ මාධවී, වටයක් කැරකී ශාරිකට මුහුණලා සිට ගත්තාය.

“මෙහෙම කියනවනම් ඉතිං කැෂියර් කූඩුවට විතරක් නෙවේ, ඕනේනම් අද වැඩ ඇරිලා ගෙදරත් නොගිහිං ඉන්නං අනේ…”

තමා ඇත්තේ මාධවීගේ ග්‍රහණයේ බව, ශාරිකට වැටහුණේ ඉන් පසුවය. ඔහු වහා මාධවීගේ ඉඟ අත හැරියේය. ඒත් සමඟම යතුරුපැදියක නලා ශබ්දයක් පිටතින් ඇසෙන්නට වූයේය.

“බොස් ඇවිත්..”

මාධවී කැෂියර් කූඩුව වෙත දිව ගියාය. ශාරිකද ඈ අනුගමනය කළේය. ගල්නෑව කෘෂි අළෙවිහල ඉදිරිපිට යතුරුපැදියේ සිටියේ කාලිංග සහ තාරුකාය. ඔහු සිය යතුරුපැදියේ නලාව දිගින් දිගටම හඬවමින් සිටියේය. ශාරික මාධවීගේ පිටුපස සිට ඇයට එළියට නොයන්නැයි සන් කරමින් සිටියේය. සුදු මහත්තයාගේ යතුරුපැදිය විත් කාලිංග සහ තාරුකා අසළ නතර කෙරුණේ ඒ මොහොතේදීය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you