More
    spot_img
    NewsUkraine Russia War යුක්‍රේනය රුසියානු ගම්මානයකට පොකුරු බෝම්බ හෙලයි

    Ukraine Russia War යුක්‍රේනය රුසියානු ගම්මානයකට පොකුරු බෝම්බ හෙලයි

    -

    spot_img

    Ukraine Russia War – යුක්‍රේනය රුසියානු දේශසීමාවේ පිහිටි Klimovo නම් ගම්මානයට පොකුරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ Bryansk ප්‍රදේශයේ ආණ්ඩුකාර Alexander Bogomaz ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් එවැනි ප්‍රහාරයක් සිදුවූ බව සනාථ කර ගැනීමට අවශ්‍ය වීඩියෝ හෝ ජායාරුප සාක්ෂි ආණ්ඩුකාරවරයා විසින් තමන් වෙත ලබාදී නැතැයි Sky News සඳහන් කරයි.

    ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දී ඇත්තේ, සතුරු සොල්දාදුවන්ට පහර දීමට පමණක් භාවිතා කිරීමේ පොරොන්දුව මත බව කියවේ. පොකුරු බෝම්බ භාවිතය රටවල් 100 කට වඩා තහනම් කර ඇත්තේ, ඒවා සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී යාමෙන් නිකරුණේ විශාල ජිවිත හානි ඇතිවිය හැකි බැවින් සහ පුපුරා නොගිය කුඩා බෝම්බ දශක ගණනාවකට පසුව වුවද නැවත පුපුරා යෑමේ අවධානමක් ඇති හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රුසියාව බොහෝ වාරයක් පොකුරු ආයුධ භාවිතා කර ඇති අතර, Human Rights Watch සංවිධානයද Moscow හි එවැනි යුධෝපකරණ ස්ථානගත කළ සිදුවීම් පිලිබඳව වාර්තා පළ කර තිබිණි.

    -Sky News ඇසුරෙනි-

    Photo Credits: www.yahoo.com

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page