NewsUkraine Russia War යුක්‍රේනය රුසියානු ගම්මානයකට පොකුරු බෝම්බ හෙලයි

Ukraine Russia War යුක්‍රේනය රුසියානු ගම්මානයකට පොකුරු බෝම්බ හෙලයි

-

spot_img

Ukraine Russia War – යුක්‍රේනය රුසියානු දේශසීමාවේ පිහිටි Klimovo නම් ගම්මානයට පොකුරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ Bryansk ප්‍රදේශයේ ආණ්ඩුකාර Alexander Bogomaz ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් එවැනි ප්‍රහාරයක් සිදුවූ බව සනාථ කර ගැනීමට අවශ්‍ය වීඩියෝ හෝ ජායාරුප සාක්ෂි ආණ්ඩුකාරවරයා විසින් තමන් වෙත ලබාදී නැතැයි Sky News සඳහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දී ඇත්තේ, සතුරු සොල්දාදුවන්ට පහර දීමට පමණක් භාවිතා කිරීමේ පොරොන්දුව මත බව කියවේ. පොකුරු බෝම්බ භාවිතය රටවල් 100 කට වඩා තහනම් කර ඇත්තේ, ඒවා සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී යාමෙන් නිකරුණේ විශාල ජිවිත හානි ඇතිවිය හැකි බැවින් සහ පුපුරා නොගිය කුඩා බෝම්බ දශක ගණනාවකට පසුව වුවද නැවත පුපුරා යෑමේ අවධානමක් ඇති හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රුසියාව බොහෝ වාරයක් පොකුරු ආයුධ භාවිතා කර ඇති අතර, Human Rights Watch සංවිධානයද Moscow හි එවැනි යුධෝපකරණ ස්ථානගත කළ සිදුවීම් පිලිබඳව වාර්තා පළ කර තිබිණි.

-Sky News ඇසුරෙනි-

Photo Credits: www.yahoo.com

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you