FeaturesMathaka BanawaraMathaka Banawara - 01 මතක බණවර

Mathaka Banawara – 01 මතක බණවර

-

spot_img

Mathaka Banawara – 01 : – මේක හුඟක් පරණ තුවාලයක්.කැළල් මැකිලා තිබ්බට ඇතුළෙන් තාම විටින්,විට ඇදුම් කනවා. කැක්කුමක් එනවා. ඒක වෙලාවකට මට නරුම සතුටක්. හිතාමතාම පාරගන්නෙ ඒකයි.මේ කතාවට ජීවමාන සාක්ෂිකාරයො බොහොමයක් ඉන්නවා. ඒ අයගෙන් ඉල්ලන්න තියෙන්නේ දන්න,කියන දේවල් නොදන්න ගානට ඉන්න කියලා විතරයි. අපි හැමෝටම තමන්ගේම කියලා ජිවිත තියෙනවා.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාරගත්තු. මං හිතන්නෙ මගේ අහිමිවීම් මගේ උරුමයන්. එහෙම කියලා කිසි කෙනෙක්ගේ හිමිවීම් උදුරාගන්න, විනාශ කරන්න, කඩාකප්පල් කරන්න මට වගේම මේ කතාව කියවන ඔයාටත් අයිතියක් නෑ. මං ලියන්නෙක්. හැඟිම් කියන්නේ මං මුදාහරින දෙයක්. හිරකරගෙන ඉඳලා මට පුරුද්දක් නෑ. අපි ඒ හැඟීම් බෙදාගමු. මේක අඟමුල ගළපලා ලියාගන්න තරම් ලස්සන කතාවක් නෙවේ.හුඟක් පැටලිලි තියෙයි. ඒත් ඒ හැමදෙයක්ම ඔයාලට ලිහාගන්නැතුව දරාගන්න වෙයි. ආයෙත් කියනවා. අපි කාගෙවත් ලස්සන ජීවිත වලට නොරිද්දා මේ හැඟීම් බෙදාගමු.

“මයෙ පුතේ.. ඔය බොන ජාතී පොඩ්ඩක් අඩු කරන්න… කෙල්ලෙක් ජීවිතෙන් ගියා කියලා, කොල්ලෙක්ට මුළු ජීවීතේම නැතිවෙන්නෑ…..”

මයෙ අම්මා එහෙම කීවේ මං ලංකාව දාලා එන දවසෙ. එයාගේ ඇස්වල ගුලි වෙලා කඩාගෙන වැටෙන කඳුළු දිහා නොබලා ඉන්න මං වග බලාගත්තෙ පොරොන්දු රකින්න බැරි බව දන්න නිසා.මං යාස් අයිලන්ඩ් එකට ආවේ මහ පාන්දර.. ඒ මෙහේ ශීත කාලය. ජැකට් එකක්වත්තිබ්බේනෑ. නොදන්නා දීපංකරේක ගෙනල්ලා අතෑරපු තෙමිච්චි බළල් පැටවෙක් වගේ මං ගැහුණා.ඇත්තටම ගතට වඩා වේගෙන් ගැහුණේ හිත. තනියෙන් ඉන්න එදා වාගේම අදත් මං ආසයි. ඒත් මට මේ තනි ජීවිතේ උරුම කෙරුවෙ ඔයා කියලා දැනෙද්දි සර්වාංගයම වෙව්ලන්න ගත්තා.ඇත්තටම දැන් බොන්නෝනෙ. ඒත් ඩබල් ඇඳවල් උඩ නන්නාඳුනන මිනිස්සු තුන් හතර දෙනෙක් ගොර ඇද,ඇදා නිදි. මං ලංකාවෙන් අරං ගියපු බෝතලේ අරං අපිරිසිදු නාන කාමරේ කොමඩ් එක උඩ ඉඳගත්තා.මට මාව පාලනය කරගන්න ඕනේ වුණා. මත්වීම තමා ඒකට මං දන්න එකම විසඳුම. බෝතලේ කටේ තියාගෙන කාලක් විතර බීලා ටැප් එකට කට තියලා වතුරත් බිව්වා.ඇඟ ටිකක් උණුසුම් වුණා. ඇත්තටම හිත ඊටත් වඩා උණුසුම් වෙන්න ඇති. හිත ඇතුළෙන් ලොකු ඉකියක් ආවත් පිටවුණේ නෑ… ඒත් කම්මුල් රත් වීගෙන ඇස් දෙකෙන් කඳුළු පිටවෙනවා දැණුනා.

Mathaka-Banawara-1

සුදු නෝනා…. මං එදා ගම්පහට නෑවිත් ඉන්න තිබුණේ.. එහෙම වුණානම් ඒ කරුමක්කාර සිද්ධිය මගේ ඇස් දෙකට පේන එකක් නෑ. ගම්පහ ටවුමෙන් මිරිස්වත්ත හන්දියට යන අවසාන බස් එක යනකං ඔයා හිටියේ එයා එක්ක. මං ආවේ ඔයාගේ තනියට… ඒත් ඔයාට තනියක් නෑ කියලා මං ඇස් දෙකෙන්ම දැක්කා. මං හිටියෙ පිටිපස්සෙ සීට් එකේ පැයක් යනකං ඔයාට මාව පෙණුන්නෑ… දැකපු වෙලේ ඔයා ගැස්සුණා.
ඔයාගේ අයියගෙ යාළුවා මොනාම හරි මට කියන්න හැදුවා. මං අතින් ඌට “උඔ දැන් මෙතනිං පලයං” කියලා කීවා.

“මාව එච්චර සැකද.. හොර අල්ලන්නද පස්සෙන් ආවේ…”

ඒ ඔයාගේ උත්තරේ.. ඔයාව ස්ප්‍රයිස් කරන්න ඇවිත් මාව ස්ප්‍රයිස් වුණා. ඔයා තව මොන,මොනාද කීවා මට ඇහුණ්නෑ ඒ කිසි දෙයක්. ඒත් මං ඔයා එක්කම එක සීට් එකේ කිරිල්ලවල හන්දියට එනකං ඉඳගෙන ආවා.ඔයාව ගෙදරටම ඇරලලා.. අම්මයි, අයියයි ඉස්සරහ වෙච්චි සිද්ධියත් කිව්වා.

“අපි කසාද බඳිමු. හැබැයි ඔයා හෙට ඉඳං ඔය ජොබ් එකට යන එක නවත්තන්න ඕනේ…”

මං එද්දි එහෙම කියලා ආවා. ඔව් සුදු නෝනා.. ඔයා ජොබ් එකට යන එක ඔයාගෙ අයියා නැවැත්තුවා. ඔයා කසාදත් බැන්දා. ඒ ඔයාගේ අයියගෙයාළුවව.සමහර දේවල් ඇස්වලින් දකින්න හොඳ නෑ. ඒත් මං ඔයාගේ මඟුල් දවස හොරෙන් බලං හිටියා. පළවෙනි වතාවට එදා රෑ කාරීස් එකෙන් බීලා මුළු රෑම ඒ.ජී ඔෆීස් හන්දියේ දොන් ඇන්ඩ් සන් එක ඉස්සරහ වමනෙ දදා නිදාගත්තා. මේ දැන් අබුඩාබී වල යාස් අයිලන්ඩ් එකේ අපිරිසිදු නාන කාමරයක් ඇතුලේ ඉඳං කරන්නෙත් ඒක.

ඔයා දන්නෑ ඔයා යනකොට
මගේ සැනසුම ගියා අරගෙන
එදා ඉඳලා හිතේ තනිකම
සුසුම්ලනවා සොයා සැනසුම
හිනාවෙනවා නේද තනියම….

හිමින් ඇවිදින් මහා සද්දෙට
පපුව ඇතුලේ බරට ඇවිදින
ඔයාගේ මතකයන් සේරම
දරාගෙන මං හිනාවෙනකොට
කඳුළු තිබුණා ඇහේ නිතරම..

දොර කවුළු සේරම වසාගෙන
අපේ මතකෙට අගුළු දාගෙන
වෙහෙස දී මේ හිත හදාගෙන
බලද්දී හොරැහින් එබීගෙන
ඔයා ඇවිදින් ආයෙ හිත ළඟ…

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you