Fukushima – පිරිපහදු කළ න්‍යෂ්ටික අපද්‍රව්‍ය පැසිෆික් සාගරයට මුදාහැරීමේ ජපානයේ මතභේදාත්මක තීරණයට එරෙහිව දකුණු කොරියානු ජනතාව සියගණනක් සෙනසුරාදා Seoul නුවර වීදි බැස විරෝධතාවයක නිරත වුහ. 2011 මාර්තු මාසයේ සුනාමියට ගොදුරු වු Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය මුදා හැරීමට ටෝකියෝව මේ මස අගදී සුදානම් වේ. එය එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික නිරීක්ෂකයන් විසින් අනුමත කර ඇති අතරම දකුණු කොරියානු පරීක්ෂකවරුන්ද එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුතූල බව සොයා ගන්නා ලදී.
එහෙත් සාගර ජීවීන් විනාශ වී මුහුදු ආහාර දූෂිත වේයැයි විරෝධතාකරුවන් අවධාරණය කර සිටිති. කොරියානු සමාජ ක්‍රියාකාරින් කණ්ඩායමක් වන Korea Radiation Watch හි Choi Kyoung Sook පැවසුවේ ජපානය මුදා හරින ජලයේ තිබිය හැකි විකිරණශීලි ද්‍රව්‍ය “සාගර පරිසර පද්ධතිය විනාශ කරනු” ඇති බවයි. “මුහුද යනු ජපන් රජයට පමණක් නොව, අප සැමට සහ මනුෂ්‍ය වර්ගයාටම” යැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
-BBC ඇසුරෙනි-
photo credit: www.local10.com/News.ogtn.com