NovelsMandaramen EhaMandaramen Eha - 21 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 21 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – මුවේ එක් කොනක සිරකරගත් පයිප්පය විකමින් සිරිවර්ධන මුදළාලි උද්‍යාන බංකුවේ අසුන් ගෙන හුන්නේය. පුවත්පතක පිටු නොසැලකිලිමත් ලෙස එහා, මෙහා පෙරලමින් උන්නද ගෙතුළ සිට මිදුලට බට සුදු මහත්තයා ඔහුගේ නෙත හසුකරගෙන සිටියේය. එය සාමාන්‍ය ලෙස නොසලකා හරින්නට සිතූවද, සුදු මහත්තයාගේ නළලෙහි සහ අතෙහි තිබූ තුවාල පැලැස්තර දුටු සැනෙන් සිරිවර්ධන මුදළාලි හුනස්නෙන් නැගී හුන්නේය.

“ලොකු ළමයා..”

කුහුල හා විමතිය කැටිවූ සිය පියාගේ හඬින් සුදු මහත්තයා හිටිවනම නතර වීය.

” පප්පෙ..”

එසේ කියමින් සුදු මහත්තයා සිය පියා වෙත පැමිණියේ ඊළඟ මොහොත ගැන දෙගිඩියාවෙනි.

“මක් වෙලාද මේ..”

තමාගේ නළලට එල්ල වී ඇති පියාගේ දබරැඟිල්ල වෙත සුදු මහත්තයා හෙලූයේ අසරණ බැල්මකි.

“බයික් එකෙන් වැටුණා පප්පෙ..”

“ඒ අහවල් එකක් කොරන්ඩ ගිහින්ද.”

“හරකෙක් පාර පැන්නා…”

“හරකෙක්..”

“ඔව් පප්පෙ..ගල්නෑවෙ කඩේට යද්දි..”

“හුරිගස්සෑව පාරෙ කොහෙන්ද මනුස්සයෝ හරක්..”

“ළඟ නිසා මං ගිරාතලාන හරහා ගියේ..”

සිරිවර්ධන මුදළාලි අත තිබූ පුවත්පත ක්ෂණයකින් “චටාස්” හඬින් අසල තිබූ බංකුව මත ගසද්දී, සුදු මහත්තයා පියවරක් පිටුපසට ගත්තේය.

“ඉක්මනින් ගමන ඉවර කරන්ඩ හිතාගෙන කෙටි පාරවල්වල ගියාම,මේ වගේ හරක් පාර පනින එක නවත්තන්න බෑ ලොකු ළමයා..ඒත්..ටිකක් දුර වුණත් පැහැදිළි, පුරුදු පාරේ ගියානම් අවධානමක් නැතුව ගමනාන්තෙට යන්න තිබුණා…”

අහස කළු කෙරූ තරමට වැසි ඇද නොවැටුනායැයි සැනසුම් සුසුම් හෙළමින් සුදු මහත්තයා හිස දෙපසට වැනුවේය.

“තමුන් මේ කොහෙ යන ගමන්ද..”

“බන්ධු අයියගෙ ගරාජ් එකට..බයික් එක සර්විස් කරගන්ඩ..”

“ආහ්..එහෙමද..බන්ධුට කියනවා එහෙනං හවසට මොකුත් ගමන්, බිමන් තියාගන්න එපාය, මං මිනිහව හම්බවෙන්ඩ එනවය කියලා..”

“හොඳයි පප්පෙ.”

එසේ කියනා අතරතුර සුදු මහත්තයාගේ මුවින් පිටවූයේ සැනසුම් සුසුමකි. තමන්ට පිටුපා යන සිය වැඩිමහල් පුතු දෙස මඳ වේලාවක් බලා සිටි සිරිවර්ධන මුදළාලි නැවත ඔහු ඇමතීය.

“පොඩි එකා හෙට අනිද්දම ගෙදර ඒවී..”

“ආයෙමත් නිවාඩු…”

“නෑ…රස්සාවෙන් අස්වෙලා…”

සුදු මහත්තයා යමක් අසන්නට මුව විවර කළද, සිරිවර්ධන මුදළාලි සිය කතාව දිගටම කරගෙන ගියේය.

“මට කෑම්ප් එකෙන් විශ්වාසවන්ත ආරංචියක් ආවා…මිනිහ ඉල්ලා අස්වීම දීලය කියලා..මොන අරමුණෙන් මිනිහා රස්සාව අතෑරියත්, මගේ අරමුණ මිනිහට ගල්ගමුවෙ ෆැන්සි හවුස් එක භාර දෙන්ඩ..මිනිහා ටිකක් සුදි කාරයා නිසා ඒකේ පැත්තක පොඩි ඔෆිස් කෑල්ලක් අටවනවා ටිකක් ලකේට..”

“හොඳයි පප්පේ..”

“හොඳයි පප්පේ කියලා අනිත් වැඩ වගේ මේකත් මට ඇඟිල්ලෙන් ඇන,ඇන කියන්ඩ තියන්නෙපා ලොකු ළමයා…ඒ වගේම අර ගල්නෑවෙ කඩේට ගත්තා වගේ අලුත් ලියන මහත්තයෙකුත් හොයාගන්න බලනවා මේකටත්..”

“මං බලන්නම් පප්පෙ..”

“එහෙනම් දැන් තමන් ආ ගමන යනවා හොඳයි..”

සුදු මහත්තයා යතුරු පැදිය වෙතට යනතෙක් එදෙසම බලා හුන් සිරිවර්ධන මුදළාලි, බංකුව මත හිඳගෙන නිවී ගිය පයිප්පය සකසන්නට වූවාය.

කැලේගම වලව්වේ ගේට්ටුවට නුඳුරෙහි ඇති පැරණි සොහොන් කොත් දෙක සමීපයෙහි තාමත් කුඩා මැටි පහනක් දැල්වෙයි. දැවී,නිවී ගිය සුවඳ කූරු කිහිපයක සුවඳ මෙන්ම, තාමත් මැළවී නොගිය අරලිය මල්වල සුවඳට ඉව අල්ලමින් පැමිණි සරලා ඒ අසළ නතර වූවාය. හිරුටත් කලින් අවදිවී මේ වතාවත් කරන්නේ රිදී නැන්දා බව සරලා දැන් අත්දැකීමෙන් දනී. විටෙක ඉස්කෝලෙ නැන්දා පවා නොතකන මේ වතාවත් රිදී නැන්දා අතින් මඟ නොහැරී සිදුවනු දැක්ම සරලා විමතියට පත් කළාය. සොහොන් කොත් දෙක අතරට සමීප වූ සරලා එහි ඇති ජායාරූප දෙක තම පියාගේ සහ නැන්දම්මාගේ රුව හා සසඳන්නට වෙහෙසුනාය. කිරි අම්මාගේ මුහුණුවර එහෙම පිටින්ම ඉස්කෝලෙ නැන්දාගෙන් පිළිඹිබු වූවද, අපැහැදිලි මතකයක් වූ සිය පියා කිරිඅත්තාගේ මුහුණින් සොයනු වස් ඈ ඒ රුවට වඩාත් සමීප වූවාය.

“හප්පොච්චියේ…”

තමාට සමීපයෙන් ඇසුණු ඒ වේගවත් හඬින් තිගැස්සී ගිය සරලා පසුපසට වීසි වී ගියාය. ඈ සමීපයේ උන්නේ රිදී නැන්දාය. සරලා ඈට සිනාසුනද,රිදී නැන්දා උන්නේ මුහුණ බෙරි කරගෙනය.

“කිරි අත්තයි, අපේ අප්පච්ච්යි එක වගේද නැන්දේ..”

“අපේ වලව්වේ හාමුදුරුවෝ ළඟින් බංඩාර නිළමෙ තියන්නවත් බෑ..”

“ඒ කියන්නෙ අපේ අප්පච්චිට වඩා කිරි අත්තා ලස්සනයි..”

“බංඩාර නිළමෙ ඔය කැත වැඩේ නොකරන්ඩ අපේ වලව්වේ හාමුදුරුවෝ අදටත් ලස්සනට ජීවත් වෙනවා..”

රිදී නැන්දා ඒ තමන් වෙත දමා ගැසූයේ ඇනුම් පදයක් බව වටහා ගන්නට සරලාට එතරම් අපහසු නොවූවාය. කතාව වෙනතකට හැරවීම යෝග්‍ය බව ඈ හැඳින්නාය.

“හැබැයි ඉස්කෝලෙ නැන්දනම් කිරිඅම්මගෙ කපාපු පලුව නේද නැන්දෙ…”

“රදා කුලේ අපිට නැන්ද කිව්වට කාරි නෑ චූටි බබා…ඒත් පුංචි අම්මණ්ඩිට නැන්දම්මා කියලා කතා කරන්ඩ පුරුදු වුණොත් තමා හොඳ..”

ගේට්ටුව සමීපයෙන් ඇසුණු වාහනයක නලා ශබ්දයට, සරලාටත් කලින් ගේට්ටුවට උඩින් පාරට හිස පෙවූයේ රිදී නැන්දාය.ඇගේ බෙරිවුන මුහුණ වටහාගන්නට මෙන් සරලාද එදෙස බැලුවාය. ඈ තිගැස්සිනි. ඒ අදීෂය. ඔහු උන්නේ තමන්ට සිනාසීගෙනය. සිනාසෙන්නට තබා, මෙහි සිද්ධ වන්නේ කුමක්ද යන්න පවා ඈට වටහා ගත නොහැකි වූවාය.

“ඇයි..අපිව අඳුරන්ඩ බැයිදෝ…” අදීෂ කාරයේ සිට එසේ කෑගසා ඇසීය.

“චූටි බබා ගෙට ගියොත් තමා හොඳ..” රිදී නැන්දා එසේ කීයේ දත්කූරු සපමිනි.

“මට ඒ ළමයා දැකලා පුරුදුයි වගේ නැන්දේ..”

“බබාට විකාර..ඕකා බඩහැළයෙක්..”

“ඇයි මතක නැද්දෝ….මං ලක්මාල්ගේ යාළුවා සරලෝ…”

අදීෂ නැවත එසේ කෑගසද්දී , රිදී නැන්දා අසළ තිබූ කළු ගලක් ඔසවාගෙන ගේට්ටුව දෙසට දුවන්නට සැරසුනාය.

“නැන්දේ..එපා..එපා…එයා මගේ යාළුවෙක්..”

සරලාගේ ඒ හඬට ඉහළට එසවූ කළුගල එසැනින්ම රිදී නැන්දා අතින් පහළ හෙලුනාය. අනතුරුව ඇසුණේ ඇගේ බෙරිහන් දීමයි. රිදී නැන්දාගේ ආබාධිත කකුල මත අතහැරුණු කළුගල නිසාවෙන් එය තුවාල වී ලේ ගලන්නට වූවාය.

“ඉස්කෝලෙ නැන්දේ..” යැයි සරලා මොරගාද්දී, කාරයෙන් බැසි අදීෂ ගේට්ටුව වෙත දිව ආයේය.

“තියන්නෑ අඩියක් ගේට්ටුවෙන් මෙහාට බඩහැළයා….”

කියා රිදී නැන්දා මහ හඬින් මොර දීමත්, කැලේගම මැණිකේ වලව්වෙන් මිදුලට පැමිණීමත් සිදුවූයේ එකම මොහොතේය. ගේට්ටුව වෙතට තැබූ අත එහෙමම පසෙකට ගත් අදීෂ, සරලා සහ රිදී නැන්දා වෙත කඩිමුඩියේ පැමිණෙන කැලේගම මැණිකේ දෙස බලමින් ගොස් කාරයට නැගුණේය.

වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව ඇතත්,සමන්තීගේ නෙත අහලකටවත් නින්ද නොපැමිණියාය. පැදුරු කඩමාල්ලක සුව නින්දේ පසුවන සිය පුතුගේ හිස නැවත වරක් අතගෑ සමන්තී ඉන් නැඟී සිටියාය. වරිච්චි බිත්තියේ ඇණයක එල්ලා තිබූ කැඩපත අභිමුවේ ඈ සිටගත්තේ එළිය මළානික වෙමින් තිබූ කුප්පි ලාම්පුවද අතැතිවය. බිඳුණු කැඩපතින් පෙණෙන තමාගේම රුවට ඈ තනිවම සිනාසුනාය. පිරුණු ළැමත්, නිතඹත් මාරුවෙන්,මාරුවට හැරෙමින් කුප්පි ලාම්පුවෙන් දැකගත් ඈ පෙර කිසි දිනෙක නොවිඳි හැඟුමකින් ප්‍රබෝධමත් වූවාය.

“සමන්තී..”

පිටතින් කෙඳිරියක්ව ඇසුණු ඒ හඬට ඈ තිගැස්සුන මුත්, හුරු පුරුදු නියාවෙන් ඈ උන්නේ දොර අසළය.

“සමන්තී.. මේ.. මං..”

දොර විවර කරන්නට තමා ඉක්මන් වූයේයැයි ඇයට හැඟෙන විට, ගමන් බෑගය කරින් එල්ලාගත් ලක්මාල් ඈ අසළ වූවාය.

“බය වුණාද..මං මේ එන ගමන්..”

මාස ගණනාවකට පසු දුටු ඒ රුව විඳගත්තා මිස, ඈ ලක්මාල්ට පිළිතුරු නොබැන්දාය.

“එළියෙ ඉන්න එක හරි නෑනේ..මං ඇතුළට එන්නම්..”

තමා ඔහුට දොරටුව අවහිර කරමින් ඉන්නවාය යන හැඟීම, ක්ෂණයකින් ඇයව දොරකඩින් මෑත් කරවීය. ලක්මාල් ගෙට පිවිසෙද්දී ඔහුගේ උරහිස සමන්තීගේ ළැම මත වැදුනාය. වියළි කෙළ පිඩක් උගුර රිදවමින් පහළට යන බව ඇයට දැණිනි.

“දොර වහමු නේහ්ං..”

ආයාචනයක් ලෙසින් ඇසුණු ලක්මාල්ගේ හඬට සමන්තීගේ අතින් දොර වැසී ගියේ විධානයක හඬිනි.

“ඔයාව දකිනකං මට නිවනක් තිබ්බෙ නෑ සමන්තී..”

ලක්මාල් කීයේ කුප්පි ලාම්පු එළියෙන් දිලිසෙන සමන්තීගේ දෑස් මත එහා, මෙහා දුවමිනි. වේගයෙන් ඇසිපිය සැලුවා විනා, කිව යුතු යමක් ඇගේ මතකයට නාවාය.

“මං රස්සාවෙන් අයින් වුණා සමන්තී..ඔයාගෙන් ඈත මට ජීවිතයක් නෑ.. මං ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ ඔයා පේන මානෙ ඉන්නකොට විතරයි..”

ලක්මාල්ගේ දෑත් ඇගේ උර මත තැබුණේය. දරාගත නොහී බරක් උර මත පැටවුනාක් මෙන් ඈ පොළොවට හැකිළී ගියාය. ඈ වරිච්චි බිත්තියට හේත්තු වූයේ සමබරතාව රකිනු සඳහාය.

“මං දන්නෑ මං කොච්චර හොඳද,නරකද කියලා..ඒත් ඔයාගෙන් ඈත ඉන්නකොටයි මට ඔයාව ඕනේ කියලා දැණුනෙ..තව දුරටත් මට මාව හංගගෙන ජීවත්වෙන්න බෑ සමන්තී..”

ලක්මාල් සිය දෑතින් සමන්තීගේ හිස සහ දෙකොපුල් පිරිමදිමින් විත් නතරවූයේ ඇඟිලි තුඩු අතරට ඇගේ නිකට හිරකරගනිමිනි. අධික සීතලකින් පීඩා විඳින්නියක මෙන් ඇගේ දෙතොල් “සට සට” හඬින් වෙව්ලුවාය. ගත වූයේ නිමේශයකි. ඔහුගේ පළල් දෑත්වලින් නිතඹ මිරිකී තමන් වෙත ඇදී ආ සමන්තීගේ මුව ලක්මාල්ගේ මුවෙන් වැසී ගියේය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you