NovelsRath Dothaluරත් දෝතළු - 86

රත් දෝතළු – 86

-

spot_img

රත් දෝතළු – 86

පස්මසක් ගෙවී ගියේ ඉතා වේගයෙන් කියා මට සිතේ. පුතු දැන් දණගායි. නොබෝ දිනකින් ඔහු තනිව නැඟිටින්නටත් අඩිය අඩිය තබමින් ඇවිදින්නටත් හුරුවනු ඇත. ඔහුට සය මසක් පිරෙන තැන අහස්ගේත් මගේත් ගිවිසුම අවසන්වේ. ඉන්පසුව මා කුමක් කළයුතුද කියා සිතමින් සිටින විට මට නිලූපා සොයුරිය සිහිවිය. ඇගේ අංකය මගේ ජංගම දුරකථනයේ දමාගත්තද, මට ඇයට ඇමතුමක් දීමට කාලයක් නොලැබිණි. මේ මොහොතේ මම ඇයට ඇමතුමක් ගෙන ඇයත් සමඟ කතාබස් කළෙමි. ඈ දැන් සිටින්නේ වෙනත් මීසමකට අයත් දේවස්ථානයක බව ඈ මා සමඟ කීවාය. එයද කොළඹට නුදුරු තැනකි. රැකියාවක් සොයා ගැනීමට ඈ මට සහාය වීමට පොරොන්දු වුවාය. එයින් මා සිතට දැනුණේ යම් සහනයකි.

පුතුගේ සියලු කටයුතු ඉටුවූයේ මාතින් වුවද දැන් මා ඒවායින් නිදහස්විය යුතුය. නයනාට මේ සියල්ල පැවරිය යුතුය. ඇයව මේවාට හුරුකළ යුතුය. පුතු දැනටමත් ඈ සමඟ එකතුය. නයනා කැඳවා මම කෙමෙන් කෙමෙන් ඇයට වගකීම් පැවරුවෙමි. ඈ සියල්ල ඉතා හොඳින් ඉටුකළේ කිසිදු පැනයක් නොවිමසාමය. මා කුසින් බිහිකළ දරුවා කෙරෙහි මා සිතේ බැඳීමක් නැතැයි කියා කිසිවෙකු සිතනු ඇතිමුත් එය එසේ නොවීය. ඔහුව පෝෂණය කළේ මගේ දෙතනේ කිරිවලිනි. ඔහු මා කුසින් ඉපදුණු මගේ දරුවාය. එය එසේ වුවත් ඔහු මට අහිමි , මගේ නොවන දරුවෙකි. ඔහු හැරදමා යෑමට සිදුවන බව සිතන මොහොතක් මොහොතක් පාසාම මා හද මහත් වූ ගින්නකින් ඇවිළිණි.

පුතුට මෙන්ම මම අහස්ටද ඉත සිතින් ආදරයකරමි. ඔහු සමඟ ගෙවුණු සෑම තත්පරයක්ම මට කිසිකලෙක අමතක නොවනු ඇත. යුවතියක ලෙස පැමිණි මා මෙතැනින් පිටව යන්නේ ගැහැණියක මවක වීය. මා අහස්ගේ බිරිඳ නොවූවද ඔහුගේ සියලු කටයුතු ඉටුවූයේ මා අතිනි. නමුත් දැන් මට සමුගන්නට කාලයයි.
පොද වැස්සක් වැටෙන්නට සැරසෙන අහස දුටු මම ජනේලයෙන් එළියට බැස මිදුලේ වනා තිබූ රෙදි ටික රැගෙන මිදුල දිගේ ඉදිරිපසට ආවේ දොරින් ගෙතුළට ඒමට වුවද විනීෆ්‍රීඩා මහත්මියත් අහසුත් කතාබස් කරමින් සිටිනු ඇසී ආපසු හැරුණේ ජනේලයෙන්ම ගෙතුළට ඒමට සිතාය. රෙදි පොට්ටනිය පපුවට තුරුළු කරන් සිටියද සායක් බිම වැටුණෙන් මම නැවී එය අහුළාගන්නා විට මට විනිෆ්‍රීඩා මහත්මියගේ හඬ ඇසිණි.

“දැන් මොනවද පුතේ ඔයා කරන්න හිතන් ඉන්නේ අරවින්දි ගැන…?”

එය සවන් වැකුණ නිසා මම සායත් අසුළාගෙන හුන් තැනම නැවතුණෙමි.

“අරවින්දි ගැන මොකද…?”

ඔහුගේ මුහුණ මට නොපෙනුනද ඒ හඬේ වූ මවිතය නම් මට පැහැදිලිව වැටහිණි.

“ඒ ඇයි අහන්නේ ළමයෝ… ඒ ළමයාටත් යන කල දවසක් තියෙන්න එපැයි…”

“ඒ මොකද සුදු මම්මා දැන් එහෙම කියන්නේ… මං අරවින්දිව බලෙන් කැමති කරගත්තා නෙවේනේ… එයා කැමැත්තෙන් මේ ඇග්‍රීමන්ට් එක සයින්කළේ…”

“හරි… ඒක මං දන්නවා… ඒත් දැන් ඒ ළමයට ජොබ් එකක්වත් හොයලා දෙන්න ඕන නේද… අරවින්දි හොඳට ඉගෙනගෙන තියනවානේ… අපේ කම්පැණි එකේ හරි එයාට ජොබ් එකක් බලන්න… මට නම් පුළුවන් එයාව හැමදාම මා එක්ක තියාගන්න… ඒත් ඒක ප්‍රැක්ටිකල් නැහැ… දරුවා ගැන වුණත් එයාට බැඳීමක් ඇතිවෙන එක වැඩියි එතකොට…”

ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් වළකා ගතිමි.

“අරවින්දිට මම ජොබ් එකක් බලලා තියෙන්නේ සුදු මම්මා… මගේ යාළුවෙක්ගේ ඔෆිස් එකේ…”

ඒ කතාවට මා සිත රිදුණේ මන්ද කියා මම නොදනිමි. නමුත් මා සිත රිදවාගන්නේ මන්ද.? අවසානයේ සිදුවන්නේ මෙය නොවේද.? හුන් තැනින් මෑත්ව මම ජනේලයෙන්ම කාමරයට ආවෙමි. නයනා සිටියේ පුතු නිදිකරවමිනි. තනිවන්නට වුවමනා වුවද කාමරයේ එවන් වාතාවරණයක් නොවූ තැන රෙදි ටික පුටුවක් මතට අතහැර මම නාන කාමරයට වැදී දොර වසාගතිමි. දෑස් බොඳකරමින් කඳුළු ගලාගියේ නොනවත්වාමය. කරාමය හැර මම සිත්සේ හැඬුවෙමි. කඳුළු ගලායන්නට ඇත්තේ, සිත දුකින් පිරුණේ මා සිතේ වූ ආත්මාර්ථකාමි හැඟීම මෙන්ම අහස් කෙරෙහි වූ ලෝභකම නිසාත් වන්නට ඇත. ඔහුට තව දුරටත් මා වුවමනා නොවේ. මෙහිදී ඔහුට හෝ විනිෆ්‍රීඩා මහත්මියට මම කිසිදු දොසක් නොපරවමි. සියල්ල සිදුවූයේ මගේ එකඟතාවයෙනි. මා අතේ වූ වරද නම් මට ඔහු කෙරෙහි බැඳීමත්, ඔහු කෙරෙහි ඇති ආදරය සඟවාගත නොහැකි වීමත්ය. මුහුණ තෙමාගත් මා කරාමය කැඩපතින් මුහුණ බැලීමි. එය රතු වී ඉදිමී තිබිණි. එහි වූ තුවාය ගෙන මුහුණ පිසගත් මම පිටතට පැමිණියෙමි. නයනා පුතු නිදිකරවා යහන මත තබා ඔහුගේ කකුලක් සිපගනු දැක මා සිතේ ඇතිවූයේ කෝපයකි. ඇයට බැන වැදී පළවාහරින්නට උපන් හැඟීම මැඩගෙන මම යහන අසලට ළංවූයේ මා සිතේ ඇති කෝපය, දුක ඈ කෙරෙන් පිටකරන්නේ මන්ද කියා සිතමිනි. මා ඒ තරමට කුරිරු අයෙකු නොවේ.

“පුතා නිදි නේද නයනා…?”

මම අසන විට ඈ මා දෙස හැරී බලමින් යහනින් නැඟී සිටියාය.

“ඔව්… මිස්… අනේ… ඇයි මිස්… මූණත් රතුවෙලා… මිස් ඇඬුවද…?”

ඈ මා අසලට ළංව විමසුවේ අනුකම්පා මුසු හඬකිනි.

“ඔ..ඔව්…”

නැතැයි කීමට දිව නොනැමිණි.

“අනේ…. ඇයි මිස් ඇඬුවේ…?”

ඈ විමසුවද මම කිසිත් නොකීවෙමි.

“කමක් නැහැ… මට කියන්න බැරිදෙයක් වෙන්නැතිනේ… මං මිස්ට තේකක් හදන් එන්නම්…”

එවන් අවශ්‍යතාවයක් නොවුවද මම එයට එකඟ වූයේ ඇයව පිටත්කර හැරීමේ වුවමනාව නිසාය. නයනා පිටතට ගිය පසුව මම යහනේ පසෙක වැතිරගත්තේ සිතේ වූ ශෝකී හැඟීම නිසාවෙනි. දෑස් පියාගෙන යහන මත වැතිර සිටියද මා සිටියේ නින්දේ නොවේ. කිසිවෙකු යහන මත හිඳගත් බව දැනුණද මම දෑස් හැර නොබැලුවෙමි. නළලතට දැනුණු සීතල දෙතොලක පහසින් මම හිරිවැටීගියෙමි. ඒ අහස් හැරුණුකොට අන් අයෙක් නොවේ. ඒ සමඟම ඔහු නැඟිට ඉවත යන බවද මට දැනිණි. මා දෑස් අඩවන්කොට බැලුවේ ඊටත් මොහොතකට පසුවය. අහස් පිටව ගොස් සිටි අතර සිරකරගෙන සිටි හුස්ම මම පහත හෙළුවේ ඉන්පසුවය. “අහස්” මම සිතින් මිමිණුවෙමි. මට ඔහු වටහාගන්නට අපහසුය. අනෙක් ඇළයට හැරුණු මම දෑස් පියාගත්තේ සිතේ අලුතින් ඇතිවූ ශෝකී හැඟීම නිසාය.
————————————————————————————————————————————————————-
අහස් විදෙස්ගතව දැන් සතියක් ඉක්මගොස් ඇත. ඔහු තව දින කීපයකින් යළි පැමිණෙන බව පැවසීය. මේ දින ගණන පුරාම ඔහු වීඩියෝ ඇමතුම් හරහා අප සමඟ කතාබස් කළේය. ඔහුට පුතු සමඟ නිතර කතාබස් කරන්නට වුවමනාය. දැන් ඔහුට සමසකි. සිහින පුතුටද අහස් නැතිව පාළුවක් ඇති බවට සැකයක් නැත. අහස් යළි පැමිණි විගස මම මෙහෙන් පිටිව යන්නට සූදානමින් සියල්ල සූදානම්කොට තැබුවෙමි. ගෙන යෑමට මට එතරම් දේ නොමැත. ඇඳුම් කීපයක් සහිත ගමන් මල්ල පමණි. මා පිටව යන බවක් කිසිවෙකුට කීමට වුවමනා නැත. විනීෆ්‍රීඩා මහත්මියට වුවද දැන් මගේ සේවය වුවමනා නැත. නයනා පුතුගේ වැඩ කටයුතුත් සමඟ ඇයවත් ඉතා හොඳින් රැක බලාගනී. මේ අතර නිර්මාණි ඇමතුමක් ගන්නා සෑමවිටම මගෙන් විමසුවේ මා කුමක් කරන්නට සිතා සිටිනවාද කියා මුත් මම ඈ හා වුවද කිසිත් නොපැවසුවේ ඇගෙන් සංජීව්ටත් සංජීව්ගෙන් අහස්ටත් ඒ බව සැළවන බව දත් නිසාය. නිලූපා සොයුරිය සමඟ කතාබස් කරමින් මගේ අවශ්‍යතාවය මම ඈ හා පවසා තිබුණෙමි. ඈ දැන් සිටින තැන වැඩිහිටි නිවාසයක් වූ අතර එහි කුමක් හෝ රැකියාවක් සොයාගන්නට හැකි බවක් ඈ මා හා පවසා තිබිණි. එය මසිතට අලුත් බලාපොරොත්තුවකි. රැකියාවක් සොයා දෙන්නැයි මම අහස්ට කියන්නේ මන්ද? ඔහුට වුවමනා නම් ඔහුගේ ආයතනයකම මට රැකියාවක් සොයා දීමේ හැකියාව තිබියදී ඔහු මිතුරෙකුගේ ආයතනයක රැකියාවක් සොයා දෙන්නට සැරසෙන්නේ මගෙන් නිදහස් වීමේ වුවමනාව නිසා නොවේද?

“මම කරේ ලැඟන් ඉඳියි කියලා හිතන් ඇති…”

මම සිතුවේ නොපහන් සිතිනි. එවන් අවශ්‍යතාවයක් මට නැත. ආදරය කළ පමණින් මා ඔහු මගේ කරගන්නට හෝ ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වූවා නොවේ. බලෙන් කිසිත් ලබාගත නොහැක. බලෙන් මෙහි රැඳී සිටීමටද මට වුවමනාද නැත. කිසිවෙකුට නොදන්වා පිටව යෑමට මා ගත් තීරණය ගැන පසුතැවීමක් මා තුළ නොවීය.

-හෙටත් හමුවෙමු-

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you