Artසිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

-

spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව – Balan: The Boy

සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට ඒ කතාවෙ ඇත්ත නැත්ත නිවැරදිව තහවුරු කරගෙන තමයි ඔහු හෝ ඇය අපරාධකරුවෙක් වෙන්නේ සහ සිරදඬුවම් ලබන්නේ. කතා අවශ්‍ය සිරගෙය ඇතුළට යන්න විතරක් නෙමෙයි. ඉන් පිටත සමාජෙ ජීවත්වෙන්න රැකියාවක්, මුදල්, නිවසක් යනාදී දහසක් දේවල් සමග කතාවකුත් ඕනෙ වෙනවා. ඔබ ආවෙ කොහෙන්ද, කොහොමද? යනාදී වශයෙන් කතාවක් නැත්තං අනන්‍යතාවයක් නැති නිකමෙක් එහෙම නැත්තං සැකකාරයෙක් බවට පත්වෙන්නත් පුළුවන්. ඉතින් පිටත සමාජයෙ ඔළුව බේරගෙන ජීවත්වෙන්නනං කතාවක් ඕනෙමයි. කතාවක් නැතිනං අපිට සිද්ධ වෙනව කතාවක් නිර්මාණය කරගන්න. සමහරවිට එකක් නෙමෙයි කතා කිහිපයක්ම. සිරගෙය තිඹිරිගෙය කරගෙන මේ ලෝකෙට ආව පුංචි කොල්ලෙක්ගෙ කතාව කොහොම එකක් වේවිද? 

Balan: The Boy

මේ කතාව ඇරඹෙන්නෙ සිරගතව සිටිය මවක් සහ පුතෙක් එයින් නිදහස් වීම එක්ක. සිරගෙය ඇතුලෙම ඉපදුණ පුතාටත්, මිනීමැරුම් චෝදනාවකට වැරදිකාරිය වුණ මවටත් යන්න එන්න තැනක් තිබුණෙ නැහැ. කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්නනං ඉස්සෙල්ලම අනන්‍යතාවක් ඕනෙ වෙනව, ඊට පස්සෙ කතාවක් ඕනෙ වෙනව. නිකංම නිකං කතාවක් නෙමේ අහන කෙනාගෙ ඇස්වලට කඳුළු එන විදිහෙ කතාවක්. එක තැනක වැඩි කාලයක් රැඳෙන්න බැරි වුණ මේ අම්මයි පුංචි පුතයි එක එක නම් පවසමින්, එක එක කතා කියමින් තැනින් තැනට ගිහිල්ලා ජීවත්වුණා. මොකක්දෝ බයකින් ජීවත්වුණ අම්මට ඕනෙ වුණේ හැම අම්මෙක්ටම වගේ තමන්ට සිදුවුණු වැරදි, අතපසුවීම් තමන්ගෙ දරුවට වෙන්න දෙන්නෙ නැති විදිහට වැඩ කරන්න. නමුත් ඒක හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙමේ. තැනින් තැන යන ගමනෙදි මේ දෙන්නා තනිව ජීවත්වෙන මහලු කාන්තාවකගෙ ගෙදරට එන්නෙ ඇයට සේවය කරන්න හිතාගෙන. සාමාන්‍ය අත්තම්මා කෙනෙක්ට වඩා ගොඩක් වෙනස් වුණ මේ මහළු කාන්තාව එක්ක ඔවුන් ජීවත්වෙන්න ගන්නවා. නමුත් ටික දිනකට අම්මගෙයි, පුතාගෙයි ජීවිතවල පැවති සාමය නැතිවෙලා යන්නෙ එක්තරා බිහිසුණු සිදුවීමක් නිසා.

Balan: The Boy

 

අම්මෙක් කියන්නෙ මහ පුදුමාකාර කෙනෙක්ට. මොන තත්වයක, තරාතිරමක හිටියත් හැම අම්ම කෙනෙක්ම උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවන්ට හොඳක් කරන්න. ඔවුන්ගෙ ජීවිත වඩාත් සුරක්ෂිතව, යහපත් ඒවා බවට පත් කරන්න. ඔවුන් සමහර දේවල් වසං කරන්නෙත් දරුවන්ගේම යහපතට වෙන්න ඇති. නමුත් කණගාටුවට කරුණ වෙන්නෙ දරුවෙක් මෙලොව එළිය දැක්ක දවසෙ ඉඳලා තමන්ගෙ අම්මගෙ රටාවට, හුරුපුරුදු වලට හැඩගැහෙන එක. සමාජයට මොනතරම් වැරදිකාරයෙක්, අපරාධකාරයෙක් වුණත් දරුවෙක්ට අම්මෙක් සහ අම්මෙකුට දරුවෙක් පේන්නෙ හැමදාමත් නිවැරදි විදිහට. අහිංසක විදිහට. ඒ ආදරේ හැටි. සමාජෙට ගිහින් කියන්න දාහක් කතා තිබුණත්, ලෝකය දාහක් කතා හැදුවත් අම්මා මේ හැමදෙයක්ම කරේ තමන් වෙනුවෙන් වග දරුවො කවදමහරි දවසක තේරුම් ගනීවි.

Balan: The Boy

මෙම වසරේ ජුනි මස තිරගත වූ Balan: The Boy මලයාලම් චිත්‍රපටය ඇරඹුමේ සිටම කුතුහලය නොඅඩුව රඳවා ගනිමින් දිග හැරෙන කතාවක්. මිනිත්තු එකසිය පනහක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Chidambaram විසින් Adhisheshan K. R., Farzana Palathingal, Muhammad Zinaan, Beena Antony, Tovino Thomas, Girish A. D., Jean Paul Lal ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you