Interviewsවිනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

-

spot_img

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා – Janhvi Kapoor

ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ ඉන්දීය සිනමාවේ ජනප්‍රියම තාරකාවක් වන ශ්‍රීදේවි සහ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ඇගේ මව සහ පියා වීම නිසාය. කුඩා කල සිටම ජාන්වී කපූර්ට ජනප්‍රියත්වය අමුතු දෙයක් වුණේ නැත. මුම්බායිහි Ecole Mondiale World School හි අධ්‍යාපනය ලැබූ ඇය, පසුව ඇමරිකාවේ කැලිෆෝනියාවේ Lee Strasberg Theatre and Film Institute හි රංගන පුහුණුව ලබාගෙන සිය වෘත්තීය ජීවිතය සඳහා සූදානම් වූවාය. ඇගේ මව ශ්‍රීදේවි මුලදී ඇය රංගනයට පැමිණීම පිළිබඳ සතුටු නොවූවත් ජාන්වීගේ සිහිනය වූයේ සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමයි. 2018 වසරේ තිරගත වූ Dhadak චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ඈ Gunjan Saxena: The Kargil Girl, Roohi, Good Luck Jerry, Mili, Bawaal, Mr. & Mrs. Mahi සහ Devara: Part 1 වැනි චිත්‍රපට තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අතර Gunjan Saxena සහ Mili චිත්‍රපට සඳහා හොඳම නිළිය සඳහාවන Filmfare නාමයෝජනාද හිමිකර ගත්තාය. මේවන විට ජාන්වී කපූර් රංගනයට අමතරව විලාසිතා, සමාජ මාධ්‍ය සහ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රවලද බලපෑම් සහගත චරිතයක් බවට පත්වී අවසන්ය. 

Janhvi Kapoor

ජාන්වී පවසන්නේ ලෝකය ඇය ගැන දන්නේ ඇය ලෝකයට පෙන්වන දෙය පමණක් බවයි. ඇය ගැන හැබෑවටම දන්නේ තමාම පමණක් බව ඇය පවසනවා.

“මම දැන් චිත්‍රපටි තෝරගන්නෙ මගේ රුචි අරුචිකම් ගැන සලකලා බලමින්. ධඩක් චිත්‍රපටියෙ රඟපානකොට ෆිල්ම් එකක රඟපාන්න ලැබීමේ සතුට වින්දා. ඊට පස්සේ ගුන්ජන් චිත්‍රපටය. මට පුදුමාකාර පිටපතක් සහ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකුගේ ආශීර්වාද ලැබුණා.”

මිලී (2022), ගුඩ් ලක් ජෙරී (2022) සහ උලාජ් (2024) වැනි චිත්‍රපටවල කාන්තා ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම අභියෝගයක් වූ බව ඇය පවසනවා.

Janhvi Kapoor

“ඔයාට එක එක දේවල් තෝරගන්න වෙනවා. හොඳම ක්‍රමය ඒක නිසා. මට නටන්න පුළුවන්, වීරවරිය වෙන්න පුළුවන් කියලා ඔවුන්ට පෙන්වන්න මට ඕනෙ වුණා. ඒ නිසා මම හැමදෙයක්ම කෙරුවෙ ඒ වෙනුවෙන්. ඒත් දැන් මම මගේ තේරීම් ගැන ගොඩක් හිතනවා. Homebound (2025) වගේ කතා. දැන් මම මගේ වෘත්තිය ජීවිතේ එක්තරා අවධියකට ඇවිත් කියලා හිතෙනව. මම Homebound රඟපෑවේ නිෂ්පාදකතුමා එක්ක වැඩ කිරීමේ ඕනෙකම නිසා. නිළියක් විදිහට මට ඒ අත්දැකීම ගන්න ඕනෙ වුණා. ඒ වගේම ඒ චිත්‍රපටිය මිනිස්සුන්ට කිව්ව කතාවට මම කැමති වුණා. මට ලොකු චරිතයක් කරන්න තිබුණෙ නෑ. ඒක අවධානමක් බව මුල ඉඳලම දැනගෙන හිටියත් මම ඒකට කැමති වුණා. මට ආන්ද්‍රා, තෙලන්ගානා, තමිල්නාඩු සංස්කෘති එක්ක ලොකු බැඳීමක් දැනෙනවා. ඒවා මට හුරුපුරුදු මගෙ අනන්‍යතාවයෙම කොටසක් වගේ. මගේ උරුමය සහ මම දැන් භුක්ති විඳින දේවල් ප්‍රේක්ෂකයින් මගේ අම්මට දුන්න ආදරේ ප්‍රතිඵලයක්. මටත් ඒ ආදරේ ලැබෙනවා. ඔයා විනාඩි පහක් මාත් එක්ක කතා කරොත් මම මගේ හදවත එළියට දානවා. මම ඕනෑම කෙනෙකුගෙන් සහ හැම කෙනෙකුගෙන්ම උපදෙස් ගන්නවා. ඊට පස්සෙ මට හොඳයි කියල හිතෙන දෙයක් මම කරනවා.”

අන්තර්ජාලය ඇයට වැදගත් නැත. එය සංවාද සහ විවේචනවලින් පිරී තිබේ.

Janhvi Kapoor

“සමාජ මාධ්‍ය සංස්කෘතිය ගැන මට තේරෙන විදියට, හැමෝටම ඕනෙ වෛරල් වෙන්න. ඒ නිසා ඔවුන් ඔයා ගැන දේවල් නිර්මාණය කරනව කියන්නෙ ඔයා බිල්ලක් විතරයි. ඔවුන් ඔයා ගැන කියන දේවල් ගොඩක් වෙලාවට පදනමක් නැති ගොතන ලද කතා. ඒවා ගැන ලොකුවට හිතන්න නරකයි.”

විලාසිතා ලෝකය තුළද ඈ නිරතුරු කතාබහට ලක් වන්නීය. පසුගිය වසර කිහිපය තුළ කෑන්ස් වැනි සුප්‍රකට විලාසිතා උත්සව වලදී ඈ නිරතුරු අවධානයට යොමු වුණාය.

“ඉස්සර අම්මා එක්ක උත්සවවලට යනකොට ඒක අපේ ජීවිතවල ආසම දෙයක්. විලාසිතා, ෆොටෝවලට ඉන්න එක.”

ජාන්වී පවසන්නේ ඇය තම කැමැත්ත පරිදි විලාසිතා කරන බවත් රාමුවකට කොටු වී නැති බවත් ය.

Janhvi Kapoor

“අවංකව කිව්වොත්, මගේ වෘත්තීය ජීවිතයේ පළවෙනි අවුරුදු තුන හතර තුළ මම ආත්ම විශ්වාසයකින් තොරව හිටියා. මට පෞද්ගලිකව හොඳම දේ වුණේ රියා ඩිඩි (කපූර්) එක්ක වැඩ කරන්න ලැබීම. මොකද එයා එයාගේ වැඩවලට සංස්කෘතිය සහ උරුමය ගොඩක් එකතු කරනවා. ඒ වෙනකම් විලාසිතා කියන්නේ විලාසිතාවක් විතරයි. මට ලස්සනට පේන්න ඕන වුණා, නමුත් මම එයා එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්ත ගමන් අපි උරුමය ගැන හිතන්න පටන් ගත්තා. මම අඳින පළඳින විදිහේ සහ මම විලාසිතා ගැන හිතන විදිහ වෙනස් කළේ එයා. මම හැම දෙයක්ම ඕනෑවට වඩා සීරියස් ගන්නවා. ඇත්තටම මම හැමතිස්සෙම ජීවත්වෙන්නෙ ෆිල්ම් එකක තමයි. ජිම් එකෙන් එලියට ඇවිත් කාර් එකේ යන ගමනුත් මට හිතෙන්නෙ මම මියුසික් වීඩියෝ එකක ඉන්නව කියලා. නමුත් හැබෑ ජීවිතය ඔයාව ඒකෙන් ඈත් කරනවා. මම ජිම් එකෙන් ගෙදර එන අතරමගදී කාර් එකේ ඉන්නවා නම් ගොඩක් වෙලාවට කෝල් එකක ෂූටිං ගැන කතා කර කර එනවා. ඇත්තටම මම හිතන්නේ නැහැ මම ගොඩක් රොමෑන්ටික් කෙනෙක් කියලා. මම දැන් ඒ හැමදේම චිත්‍රපටි වලට ඉතිරි කර ගන්නවා. මම ඔයාට කතා කරනකොට, කැමරාව ඉස්සරහ හැමදේම කරන්න ලෑස්තිවෙනකොට. ඉස්සර මට මැරෙන්න හිතුණා. දැන් මට ඒ දේවල් හොඳට පුරුදු නිසා, රඟපාලා තියෙන නිසා, මට කකුල් නවලා, ලස්සනට ඉන්න හිතන්නේ නැතුව පහසුවෙන් ඉඳගෙන ඉන්න ඕන.”

Grazia ඇසුරිනි –

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you