Travelරාවණා රජුගේ දඬුමොණරය අලුත්වැඩියා කළ ගුරුළුපොත

රාවණා රජුගේ දඬුමොණරය අලුත්වැඩියා කළ ගුරුළුපොත

-

spot_img

රාවණා රජුගේ දඬුමොණරය අලුත්වැඩියා කළ ගුරුළුපොත

රාවණා රජතුමා ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී චරිතයකි. රාවණා රජතුමා පිළිබඳ බොහෝ වැදගත් කරුණු ඉතිහාසයේ සඳහන්වේ. රාවණා රජු පිළිබඳ ඉතිහාස තොරතුරු අතර හෙළ වෙදකම කැපී පෙනෙයි. හෙළ වෙදකම පැවත එන්නේ රාවණා රජු දවස පටන්ය. රාවණා රජතුමා ගැන ඉතිහාසයේ සඳහන් ජනප්‍රිය කරුණු අතුරින් ඉන්දියාවේ රාම කුමරුන්ගේ බිරිඳ සීතා කුමරිය පැහැරගෙන ලක්දිවට පැමිණීම විශේෂය. රාවණා රජුගේ නැගණියට රාම කුමරුගේ සොයුරු ලක්ෂ්මන් කළ හිරිහැරවලට පළිගැනීමක් ලෙස සීතා කුමරිය පැහැර ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. මෙසේ ලක්දිවට පැහැරගෙන පැමිණි සීතා කුමරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සඟවා තැබූ අතර එම ස්ථාන වර්තමානයේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශ බවට පත්ව ඇත⁣. මෙවර අප යන්නේ රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන විත් සඟවා තැබුණේ යැයි කියැවෙන එවැනි ස්ථානයක් නැරැඹීමටය. 

King Rawana

මහනුවර මහියංගනය මාර්ගයේ දහඅට වංගුව පසුකර හසලකට පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් හතරක් පමණ ගමන් කළ පසු හමුවන ‘ගුරුළුපොත’ ප්‍රදේශයේ මෙම ස්ථානය පිහිටා තිබේ. ගුරුළුපොත මධ්‍යම පළාතට අයත් දර්ශනීය සුන්දර ගම්මානයකි. කඳු වළලුවලින් වට වූ , ගොවිතැනෙන් ජීවත්වන ජනතාවක් වෙසෙන සශ්‍රීක ගම්මානයකි. මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ ගුරුළුපොත රජයේ තානායම අසලින් වැටී ඇති මාවතේ කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු හමුවන රාවණ රජු සම්බන්ධ ඉතිහාසය නැවත මතක් කරවන මෙම ස්ථානය සීතාකොටුවයි.

King Rawana

ගුරුළුපොත රාවණා රජුගේ දඬුමොණරය අලුත්වැඩියා කළ ස්ථානය වූ බැවින් රාවණා රජු මෙහි ගැවසෙන්නට ඇති බවත්, ඒ නිසා සීතා කුමරිය මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවත් මතයක් පවතී. එමෙන්ම තවත් සඳහන් වන කරුණක් වන්නේ සීතාකොටුව ලෙස හඳුන්වන මෙම මාළිගය සීතා කුමරිය වෙනුවෙන් හැදූ මාළිගයක් නොව රාවණා රජතුමාගේ බිසව මන්දෝදරී සඳහා ඉදිකළ මාළිගයක් බවයි. මෙම මාළිගයෙහි නටබුන් අදටත් දැක ගැනීමට හැකිය. මෙහි සක්මන් මලු දෙකක් තිබූ බවට සාක්ෂි අදටත් ඉතිරිව ඇත. සීතා කොටුවට යා යුත්තේ ගුරුළුපොත තානායම මාර්ගයෙන් වුවත් එදා මාළිගයට පිවිසීමට ප්‍රධාන පිවිසුමක් තිබී ඇති බවට සාක්ෂි ඇත. මෙම මාළිගය විශාල නොවූ බවට නටබුන්වලින් සනාථ වේ. වර්තමානයේ මාළිගය දැක බලා ගැනීමට යාමට ඇත්තේ ගස් වැල්වලින් ගහන අඩිපාරකිනි. එය තරමක දුෂ්කර මාවතකි. තරමක් වැඩිහිටි අයකුට නම් මෙම මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ තවත් අයකුගේ සහායෙනි.

King Rawana

කෙසේ වුවද මෙම ගමන හරිම විනෝදජනක ගමනක් බව නම් පැවැසිය යුතුමය. සශ්‍රීක වූ වනපෙත ඒ අතුරින් දිවයන වල් ඌරන්, රිලවුන් හා කුරුලු විශේෂ, සමනලුන්, රැහැයියන්ගේ නාදය නිසා ගමන් වෙහෙස නොදැනෙයි. සීතා කොටුව නැරැඹීමට දේශීය සංචාරකයන්ට වඩා විදේශිකයන් දැඩි උනන්දුවක් දක්වන බව අපට සංචාරය සංවිධානය කළ මවුන්ට් ඒජ් හෝටලයේ සභාපති නිශාන්ත මල්බැද්දගේ පැවසුවේය.

King Rawana

සීතාකොටුව මාළිගයේ නටබුන් අතර පියගැට පෙළ දෙකක් තිබූ බවට සලකුණු දැකගත හැකිය. සීතා දේවිය ස්නානය සඳහා අසල පිහිටි දිය ඇලිවලින් සෑදුණු පොකුණ වෙත යෑමට ඇයට ගමන් කිරීමට පියගැටපෙළ තනා තිබෙන්නට ඇතැයි පැවැසෙයි. අද වන විට දිය ඇලි හා පොකුණු දැක ගැනීමට තරමක් දුෂ්කර වූ මාවතක් දිගේ යා යුතුය.

King Rawana

සීතා කුමරිය මෙහි සඟවා තබාගෙන සිටින අතරතුර රාම කුමරු ඒ පිළිබඳ සැලවී කුමරිය හමුවීමට උත්සාහ ගෙන තිබෙන බවත් එය දැනගත් රාවණ රජු කුමරිය වෙනත් ප්‍රදේශයකට ( වර්තමානයේ නුවරඑළිය සීතා එළිය ) රැගෙන ගිය බවත් කියැවේ. නුවරඑළිය හග්ගල සංචාරය කිරීමේදී සීතා එළිය ප්‍රදේශයේ හමුවන සීතා අම්මාන් කෝවිල පිහිටි ස්ථානය එය බව සැලකෙයි. සීතා කුමරිය පිළිබඳ ඉතිහාස කතන්දරවල මෙම ස්ථානය පිළිබඳවත් සඳහන්ය.

King Rawana
ගුරුළුපොත, සීතා කොටුව ආසන්නයේ පිහිටි මවුන්ට් ඒ්ජ් හෝටලය

පවුලේ සංචාරයකට ගුරුළුපොත සීතාකොටුව මාළිගාව නැරැඹීමට ගියොත් අතීතය පිළිබඳව මෙන්ම සොබාදහම පිළිබඳවත් බොහෝ දේ ඔබට දැන කියා ගන්නට ලැබෙනු ඇත. සීතා කොටුව නැරඹීමට යන ඔබට පවුලේ සියලුම දෙනා සමග සුවපහසුව නවාතැන් ගෙන මතකයේ රැඳුණ සංචාරයක් බවට පත් කරවා ගැනීමට මවුන්ට් ඒ්ජ් හෝටලය කදිම වූ තැනකි. සීතා කොටුව ආසන්නයේ මෙය පිහිටා ඇත. සුවපහසු නිදන කාමර, දෙස් විදෙස් ආහාර පාන, නාන තටාක පහසුකම් සහිත අගනා සංචාරක හෝටලයකි.

King Rawana
මවුන්ට් ඒජ් හෝටලයේ සභාපති නිශාන්ත මල්බැද්දගේ
thulana-travel
සටහන සහ ඡායාරූප ශාන් බන්දු වීරසිංහ

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you