NovelsRath Dothaluරත් දෝතළු - 56

රත් දෝතළු – 56

-

spot_img

රත් දෝතළු – 56

අහස් අපහසුතාවයට පත් වූ බව නම් නොරහසකි. විහඟ හැසිරෙන්නේ පොඩි දරුවෙකු ලෙසිනි.

“චූටි පුතා… අනවශ්‍ය විහිළු එපා…”

වින්ෆ්‍රීඩා මහත්මිය තරවටුවක ලෙසින් කීවාය. මම නැඟිට ගොස් අහස්ට තේ කෝප්පයක් සාදාගෙන පැමිණියෙමි.

“ගෙදර අය සනීපෙන්ද අරවින්දි…?”

අහස් මා පිළිගැන් වූ තේ කෝප්පය අතට ගනිමින් විමසුවේය.

“ඔව්…සර්… හොඳින් ඉන්නවා…”

විහඟ මාරුවෙන් මාරුවට අප දෙදෙනා දෙස බැලුවේ තවත් කුමක් හෝ පවසන්නට මුව සාදමින් යැයි සිතුණු බැවින් මම ඔහුගේ දෑස් මඟ හැරියෙමි.

“අනේ… අනේ බිග් බ්‍රෝ… කැලෑ මල ඔයාට ගෙදර ගිහින් කෝල් නොකළා වගේ බොරුවට අඟවන්න එපා… ෆෝන් එකකුත් අරන් දීලා ගෙදර ගිහින් කෝල් එකක් වත් දුන්නේ නැහැ කියන එක නම් අන්බිලීවබල්… වට් ඩු යූ සේ සුදු මම්මා…?”

මම රතුව යන්නට ඇත. විනිෆ්‍රීඩා මහත්මිය නිහඬව සිටියේ විහඟට තරවටු කිරීමෙන් ඵලක් නොවන බව වැටහුණ නිසා වන්නට ඇත. අහස් ඔහු දෙස බලා සිටියේ නෙරවාගත් දෑසිනි.

“ගෙදර ගියාම කතා කළා නැතෑ… මනුස්සයෙක් ගෙදරට ආවාම විස්තර අහන්නෙ නැත්ද…?”

අහස් විමසුවේ නොසතුටෙන් මෙනි.

“ආහ්.. මේ අහන්නේ මේ මැනර්ස් එකට… ආහ්… ඕකේ… බිග් බ්‍රෝ…”

විහඟ කීවේ උපහාසයෙනි.

“ඔයත් චූටි පුතා කතා කරලා වැඩක් නැහැ…”

“ෆොර්ගෙටිට් සුදු මම්මා… එනිවේ… හෙට මගේ බර්ත් ඩේ එක කියලා මතකද…?”

විහඟ අසනවිට මම වහා ඔහු දෙස බැලීමි.

“ආහ්… හැබෑට… හෙට නේද…?”

“මම්ම මතක් කරන්න ඕන… ඕකේ…. මං පොඩි පාර්ටි එකක් ඇරේන්ජ් කරනවා… හැබැයි හෙට නම් නෙවේ… නෙක්ස්ට් සැටර්ඩේ…”

“පාර්ටියක්…?”

අහස් මවිතයෙන් ඇසීය.

“ඔව්… පොඩියට…”

“කොහෙද තියෙන්නේ පාර්ටිය චූටි පුතා… කට්ටිය ගොඩක් එනවද…?”

“වෙන කොහෙවත් නෙවේ… මෙහෙම තමා… ඉස්සරහා ගාර්ඩ්න් එකේ ඕන තරම් ඉඩ තියෙන්නේ… වැඩිය කවුරුත් නැහැ… අපේ කට්ටියයි… යාළුවෝ ටික දෙනෙක්…”

“ගෑණු ළමයි දුසිමක් වත් ඇති…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේ උපහාසයෙනි.

“ඔන්න සුදු මම්මා කිණ්ඩිය දානවා… නෝ ගර්ල්ස්…”

“පුදුමයි… හැබැයි ඉතින් දාන පාර්ට් එකක් රෑ දහය වෙනකොට ඉවර කරන්න වෙයි…”

අහස් අවධාරණයෙන් පවසා අසුනින් නැඟී සිටියේය.

“ඕහ්… නෝ වේ බිග් බ්‍රෝ… සන්ඩේ හොලිඩේ නේ…”

අහස් එය නෑසුණා සේ ඉවතට යන විට විහඟගේ මුහුණ ඇද වී ගියේ කරත්තයට අසු වූ කජු පුහුළමක් මෙනි. මා මුවට නැඟි සිනහව මම ආයාසයෙන් මැඩ ගෙන ඉවත බලාගතිමි.
————————————————————————————————————————————————————-
ශීලා මා සොයා පැමිණියේ ගොදුරකට ඉව අල්ලන බැලළියක් සෙමෙන්, සෙමෙන් ළංවන්නාක් මෙනි. විනිෆ්‍රීඩා මහත්මිය ඒ මොහොතේ සිටියේ සුපුරුදු නින්දේය. විහඟගේ උපන්දිනය නිසා ඈ අද උදෑසනම අවදි වූයේ කිරිබත් සෑදීමට මට සහය වන්නට කියාය. ශීලා සිටියද ඇයව සහභාගී කරවා ගන්නට ඈ අකමැති වූවාය. මේ නිසා ඈ දහවල වෙනදාට කලින් නින්දට ගියේ තෙහෙට්ටු යැයි පවසමිනි.

“පුංචි මිස්…”

ඈ මා ඇමතුවේ එසේය.

“මොකද ශීලම්මේ මේ හොරගල් අහුළන්නේ…?”

මඳහසක් මුවේ නංවාගෙන මම ඇසීමි. ඈ අම්මාගේ වයසට වඩා තරමක් වයස වැඩි අයෙකු නිසා මා ඈ ඇමතුවේ එසේය.

“ලොකු මැඩම් නිදි නේද මිස්…?”

ඈ ඇසුවේ රහසිනි. ඈ කුමක් හෝ දෙයක් කීමට සැරසෙන බවක් මට වැටහිණි.

“ඔව් ඇයි ශීලම්මේ…?”

තරමක නොපහන් බවක් මා සිතේ ඉපදුණේ ඈ කුමක් හෝ ඕපාදූපයක්වත් කිමට සැරසෙනවාදැයි සිතීය. එසේනම් එයට ඉඩ නොතියා ඇයව වහා පිටකරන්නට මම සිතා ගතිමි.

“අනේ… පුංචි මිස්… චූටි මහත්තයා කිව්වා මිස්ට කියලා බීම වීදුරු දෙකක් හදන් එන්න කියලා…”

“බීම විදුරු දෙකක්… ඒ කාටද ශීලාම්මා… විහඟ සර්ගේ යාළුවෙක් වත් ඇවිත්ද…?”

අද ඔහුගේ උපන්දිනය නිසා මිතුරෙකුවත් පැමිණියාද කියා සැකයෙන් මම ශීලා සමඟ මුළුතැන්ගෙය වෙත පැමිණියේමි.

“යාළුවෙක් නම් කමක් නැහැ… ඒත් මං හිතන්නේ නම් කෙල්ලෙක් එක්ක ආවා කියලා…”

මම තිගැස්මෙන් යුතුව ශීලා දෙස බැලීමි.

“මොනවා…?”

“ඔව් මිස්… මීට පැය කාලකට කලින් මට කිව්වා එස්.ඕ ට කියලා ගේට් එක ඇරලා තියන්න කියලා… ඒ කියලා ආවාම කාමරේ අස්කරලා අතුගාන්න කිව්වා… මං මේ කේළම් කියනවා නෙවේ…”

මා ගත හිරිවැටී ගියේය.

“මොන ජීවිතද මිස් මෙව්වා… අද එකෙක්… හෙට තව එකෙක්…”

ශීලා කීවේ ශෝකයෙන් මෙනි. විනිෆ්‍රීඩා මහත්මිය මේ ගැන දන්නවා නම්.? මම බීම සෑදුවේ නොකැමැත්‍තෙනි. මා මේ බව විනිෆ්‍රීඩා මහත්මියට දැන්විය යුතුද?ඇගේම වහලය යට ඔහු මෙසේ හැසිරීම නම් අප්‍රසන්නය. එක අතකින් මෙයට මැදිහත් වන්නට මට අයිතියක් නැත. මා මේ බව දැන දැනත් නොකීවේ මන්ද කියා විනිෆ්‍රීඩා මහත්මිය විමසාවිද? විහඟ කෙරෙහි මා සිතේ උපන්නේ පිළිකුළකි. ඔහු නම් කවදාවත් හැදෙන මිනිසෙකු නම් නොවේ.

“මං මේ ගැන කිව්වා කියලා ලොකු මැඩම්ට කියන්න එපා මිස්…”

මම නිහඬව සිටියෙමි. මා නොකීවද එය විනිෆ්‍රීඩා මහත්මිය දන්නා බව මම දනිමි.

“අනේ මන්දා…අපි ඉතින් වැඩකාරයෝ… අපිට පුළුවන්ද මෙයාලාට අවවාද කරන්න… අම්මලා තාත්තලා මීට වඩා දරුවෝ ගැන හොයලා බලන්න ඕන… නැත්ද මං අහන්නේ…?”

විහඟ කුඩා දරුවෙකු නොවේ. බියක් සැකක් නොමැතිව මෙසේ හැසිරෙන්නේ කෙසේද කියා මට නම සිතාගන්නට නොහැකිය. ශීලා පිටව ගියේ සුසුමක් හෙළමිනි. මමද ආලින්දය දෙසට යෑමට සුදානම් වන මොහොතේම විනිෆ්‍රිඩා මහත්මිය මුළුතැන්ගෙයට පැමිණියාය.

“ශීලා ඇවිත් ගියා නේද…?”

ඈ මා විමසුවාය.

“ඔව් මැඩම්… විහඟ සර්ට බීම එකක් හදාගන්න ආවා… මැඩම්ට ඇහැරුණාද…?”

“ම්ම්ම්… නින්ද ගියේ නැහැ… විහඟට ශීලාගේ තේත් එපා වෙලා ඇත්තේ… ඒකයි ඔයාට කියවලා හදවගන්න එවන්න ඇත්තේ…”

ඈ කීවේ සිනහසෙමිනි. මම කිසිත් නොකීවෙමි. විහඟ බීම සාදන්න කීවේ ඔහුට නොවේ වෙනත් අයකුට බවක් කීවා නම් කුමක් වෙයිද.?

“මැඩම්ටත් බොන්න බීම ටිකක් හදන්නද…?”

“බිව්වා නම් හොඳයි… හරි රස්නෙයි…”

මම ඇයටත් බීම වීදුරුවක් සාදා දී එහි අසුනක හිඳගතිමි.

“මේ අහස් පුතාට කොච්වර කියනවද සති අන්තේ හරි ගෙදර ඉන්න කියලා… කෝ කියන දෙයක් අහනවද…?”

“සර්ට එහෙම ඉන්න බැරිව ඇති මැඩම්… ඒකයි…”

“ම්ම්ම්… ඔහොම මහන්සි වෙලා මේ ළමයා අසනීප වෙයි කියලා මට බය…”

“නිකන් හිටියොත් නේ මැඩම් ලෙඩ… වැඩ කළා කියලා ලෙඩ වෙන්නේ නැහැ…”

මා එසේ කීවේ ඈ අස්වසන අදහසිනි. දොර අසළින් මතු වූ රුව දැක අපි දෙදෙනම එදෙස බැලීමු. මා සිතේ තිගැස්මක් ඇති වූයේ විශාකා මහත්මිය දුටු නිසා නොව, විහඟ සිහි වූ නිසාය. අද නම් ඔහු අතටම හසුවෙනු ඇත. විහඟගේ මිතුරිය පැමිණ ඇත්නම් සිදුවන්නේ විනාශයකි. මම හුනස්නෙන් නැඟී සිටියේ ඉවතට යෑමටය.

“මං බැලුවා කෝ මේ ගෙදර මිනිස්සු කියලා… කෝ ශීලා තවම ආවේ නැත්ද වැඩට…?”

ඈ අසුනක් හැද හිඳගනිමින් විමසුවේ මා වෙත නොපහන් බැල්මක් හෙළන්නටද අමතක නොකරය. මම එය සැළකිල්ලට නොගත්තේ ඈ විහඟගේ කාමරයට හිස පොවා බැලුවා නම් කුමක් වනු ඇතිද කියා මම සිතමින් සිටි නිසාය.

“මොකද ශීලා හොයන්නේ… ශීලාව බලන්නද ආවේ…?”

විනිෆ්‍රීඩා මහත්මිය උපහාසයෙන් අසන විට මම එතනින් මෑත් වූයෙමි.

“මං ආවේ චූටි පුතාට විශ් කරන්නත් එක්ක… එයාගේ බර්ත් ඩේ එකනේ… එයා ගෙදර ඉන්නවද…?”

ඇ විමසනු මට ඇසිණි.

“ඔයාට ඒකත් මතක තිබුණා ඇති…”

යළිත් විනිෆ්‍රීඩා මහත්මියගේ උපහාසය පිරි හඬ මා පසුපසින් ගලා ආයේය. මම වහා මැද දොරින් නිවසේ අනෙක් පසට පැමිණියෙමි. විශාකා මහත්මිය විහඟ සොයා කාමරයට ආවා නම් සිදුවන්නේ කුමක්ද කියා සිතාගන්නට නොහැකිය. මා ශීලා සොයා මුළුතැන්ගෙයට පැමිණියේ විශාකා මහත්මිය පැමිණි බව විහඟට දන්වන ලෙස පැවසීමට මුත් ශීලා පෙනෙන මානයක නොවූවාය. ඈ සොයමින් කාලය නාස්ති කිරීමටවත් කාලයක් නොවූ බැවින් මම විහඟගේ කාමරය සොයා උඩුමහලට පැමිණියෙමි. කාමරයේ දොර අඩවන්ව තිබූ අතර මම දුටුවේ යහන මත හිඳගෙන විහඟගේ තුරුළේ නැළවෙන යුවතියකගේ අඩ නිරුවත් සිරුරය. පිළිකුළක් මා සිතේ ඇති වුවද කළ හැකි කිසිත් නැත. දැන් දැන් විශාකා මහත්මිය මෙහි පැමිණෙනු ඇත.

-මාර්තු 30 වන සඳුදා නැවත හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you