NovelsRath Dothaluරත් දෝතළු - 40 NovelsRath Dothalu රත් දෝතළු – 40 By Lakruwan Liyanage - February 27, 2026 32 0 Share FacebookXPinterestWhatsApp රත් දෝතළු – 40 අහස් මා ඇමතුවේ කුමක් හෝ පවසන්නටය. මම නැවතී බලා සිටියෙමි. “පුළුවන් නම් මට උණු වතුර ටිකක් ගෙනත් දෙනවද…?” ඔහු විමසුවේ තරමක වෙනස්ම හඬකිනි. “මං ගේන්නම් සර්…” “ඇයි පුතේ හෙම්බිරිසාවක් වත් හැදීගෙන එනවද…?” විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ කළබලයෙනි. “නැහැ…නැහැ… සුදු මම්මා… උගුර ටිකක් කසනවා වගේ…” මම පිටුපසට පැමිණියෙමි. වතුර කේතලය ළිප මත තබා මම එය රත් වන තුරු සිතුවේ අහස් ගැනය. ඔහු නම් සැබෑවටම අහසක් බඳු මිනිසෙක් කියා මට මේ මොහොතේත් සිතුණේ වරින් වර වෙනස් වන ඔහුගේ හැසිරීම් නිසාය. ඔහු උණු වතුර ඉල්ලුවේ අණ කිරීමක් ලෙස නොවේ. එය කාරුණික ඉල්ලීමකි. මා කරන්නේ රැකියාවකි. ඉතින් ඔහුට ඇත්තේ අණ කිරීමටය. නමුත් ඔහු එවැන්නක් නොකළේය. ඔහු විටෙක් රළුය, විටෙක මෘදුය. තද විටෙක උපහාසයට සිනහසෙන්නේත් විහිළු කරන්නේත් මා ඇවිස්සීමට බව දැන සිටි මුත් මා සිත එවන් විටෙක රිදුම් දෙන්නේ මන්දැයි කියා මට වටහාගැනීමට අසීරුය. ඉතින් ඔහු අහසක් මෙන් නොවන්නේද.? මම වතුර වීදුරුව රැගෙන එන විට අහස් ආලින්දයේ නොවීය. “මේ ළමයා එළියේ අරවින්දි… කෝල් එකක… එයාට ඇතුළට එන්න කියන්න…” මම ඔහු සොයා මිදුලට පැමිණියෙමි. ඔහු සිටියේ බංකුව මත හිඳගෙන මුත් දුරකථන කතා බහක නම් නොවේ. එහි යතුරු පුවරුවේ ඇඟිලි තුඩු දුවවමිනි. “සර්… උණු වතුර…” මගේ හඬින් ඔහු දුරකථනය පසෙක තබා හිස ඔසවා බලා අත දිගු කළේ වතුර වීදුරුව ගැනීමටය. මම වහා බන්දේසිය පසෙකට ගතිමි. ඔහු පුදුම වූ බවක් පෙනිණි. “වතුර උණුයි… අත පුච්ච ගන්නද… මං මෙතනින් තියන්නම්… සර් නිවුණාම බොන්න…” කුඩා බංදේසිය මම බංකුව මත තැබීමි. “මැඩම් කිව්වා සර්ට ඇතුළට එන්න කියලා… උණුවතුර බිව්වට වැඩක් නැහැ… මිදුලට වෙලා ඉන්නකොට පිනි බානවනේ…” ඔහු අහස දෙසට බැල්මක් හෙළා ළය හරහා දෑත් බැඳගෙන බංකුවේ පිටුපසට කය බර කළේය. “අද නම් පින්නක් පේන්න නැහැ…” “වහිනවා වගේ පිනි වැටෙන්නේ නැහැ… සමහර වෙලාවට පිනි වැටෙනවා නොපෙනෙන්නත්… ඔය ඔළුව පොඩ්ඩක් අතගාලා බලන්න…” “ඇයි මට අං එනවා කියලා හිතුවද…?” ඔහු නෙරවාගත් බැල්මකින් අසන විට මා මුවට සිනහානැඟිණි. “අං කෙසේ වෙතත් සර් වළිගේ නම් පාගන්… මං කිව්වේ පිනි වැටිලාද බලන්න කියලා…” එවර ඔහුද උස් හඬින් සිනහවක් පෑවේය. “මාව එහෙනම් ගොනා හා සම කළා නේද…?” “ඒක සර්ම කියාගන්නවා නම් මට කරන්න දෙයක් නැහැ…” එසේ කියා මම ආපසු හැරුණෙමි. “අරවින්දි… ඉන්න ටිකක්…” එම හඬින් මම නැවතී ඔහු වෙත හැරුණෙමි. “මම ඔයාට උණුවතුර ගේන්න කිව්වේ නිකන්… මට ඔයාට කතාකරන්න ඕන නිසයි…” මම පුදුම වූයෙමි. මා සමඟ කුමක් කතාකරන්නද.? “අපරාදේ සර්… ගෑස් ටිකයි… මගේ කාලෙයි…” මම වචන වලින් පහරක් ගැසීමි. “මගේම දේවල් අරන් මටම පහර ගහනව නේද…?” “අනේ… නැහැ සර්… මං ඇත්තනේ කිව්වේ ඉතින්… සර් කතාකරන්න ඕන කිව්වා නම් වතුර රත් කරන්න ඕන නැහැනේ…” ඔහු එයට කිසිත් නොකීය. “මොනවද අර හවස කියන්න ආවේ… ඇයි මට හදවතකුත් නැහැ… මොළේකුත් නැහැ කිව්වේ…?” මා දෙනෙත් බිමට නැඹුරු වූයේ ඉබේමය. ඒ මොහොතේ සිතට දැනුණු නොසතුට නිසා එසේ කීවාට දැන් මා සිතේ ඇත්තේ යම් පසුතැවීමකි. “සොරි ඉතින්…” පහත් හඬින් මම කෙඳිරීමි. “දැන් සොරි කිව්වට වැඩක් නැහැ… හිත රිදිලා ඉවරයි… ඒකට කමක් නැහැ… ඒත් ඒ ඇයි ඒ එහෙම කිව්වේ…?” මම හිස ඔසවා ඔහු දෙස බැලුවේ තිගැස්මෙනි. ඒ දෑස් මා වෙත දැල්වී ඇත. සැබෑවටම ඒ සිත රිදුණාද නැතිනම් ඔහු එය නිකමට කීවාද.? “ඔයාට හිතෙන්නේ මට හිතක් පපුවක් නැහැ වගේ කියලද අරවින්දි… මම අමනුස්සයෙක් වගේද…?” මා සිත රිදිණි. මම එවන් දෙයක් අදහස් කළේ නැත. “අනේ නැහැ… මම එහෙම අදහස් කළේ නැහැ… සර්ට පපුවක් නම් තියනවා… ඒත් හදවතක් නම් තියනවද මංදා…” මම ඔහු දෙස එක එල්ලේම බලාන කීවෙමි. “ඒ ඇයි…?” “ඇයි කියන්නේ ඉතින්… මං මෙතන්ට ඇවිත් කතා කරලාත් සර් ඇහුණේ නැහැ වගේ ෆෝන් එක ඔබ ඔබ ඉත්දි… මට කේන්ති ආවා… සර් කා හරි ළඟට ගිහින් එහෙම වුණා නම් සර්ට කොහොම හිතෙයිද… මං මෙහෙ ආව පළවෙනි දවසෙත් එහෙම නේද වුණේ…? සර් ඔෆිස් එකෙත් ඔහොමද… වැඩ කරන අය හිතනවා ඇති මේ මිනිහගේ කිසිම මනුස්සකමක් නැහැ කියලා… මහන්තත්තකම… එහෙම නෙවේද…?” ඔහු මා දෙසම බලා සිටියා මිස පිළිතුරක් නොදුන්නේය. මම දිගටම කතා කළෙමි. “මෙහෙ මිනිස්සු හරි අමුතුයි… තම තමන්ගේ ලෝකවල ජීවත් වෙන්නේ… වට පිටාවේ සිද්ද වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ… අඩුම තරමේ තමන්ගේ ගෙවල් වල මිනිස්සු ගැනවත් ගාණක් නැහැ…” මම නිහඬ වීමි. මා කී දේවල් ඔහු කුමන් ලෙසින් භාර ගත්තද මට කමක් නැත. ඔහු දොස් පැවරුවද ඉන් කාරියක් නැත. මිනිසෙකුගේ වරදක් දුටු කළ එය පෙන්වා දිය යුතුය. හරි වැරද්ද සාදාගැනීම ඔවුන් සතු කාරියකි. “අරවින්දි දැන් කියන්නේ මම සුදු මම්මා ගැන බලන්නේ නැහැ කියලාද…?” “බලනවා… නැත්තේ නැහැ… ඒත් බලනවා කියන්නේ කෑවද, බිව්වද, බේත් බිව්වද අහලා එළියට ඇවිත් ෆෝන් එක ඔබන එක නෙවේනේ…” “අරවින්දි කෙළින් කතා කරන එකට මම කැමැතියි…” “කැමති වෙලා විතරක් මොකටද…? තමුන්ගේ වැරදි හදාගන්න බැරි නම් ඇති වැඩක් නැහැනේ රජෙක් වුණත්…” මම ඇනුම්පදයක් එල්ල කළෙමි. “මම දැන් එළියට ආවේ සුදු මම්මා ටී. වී බලන නිසා… අනික හුළං ටිකක් වදින්නත් එක්ක… ඒ අතරේ යාළුවෝ එවපු මෙසේජ් වලට රිප්ලයි කළා…” ඔහු එසේ කීවේ ගුරුවරයෙකු ඉදිරියේ තම පැවරුම් නොකළ සිසුවෙකු නිදහසට කරුණු කියාපාන්නාක් මෙන් අවිහිංසක හඬකිනි. සුසුමක් මුදාහළ මම අහස දෙස බැලුවේ කිසිත් නොකියාමය. හුදකලා වූ තරුවක් ඈත අහසේ දිලෙනයුරු මා දෑසට හසු විය. බොහෝවිට අප ජීවිතද එලෙස හුදකලා වී නොමැතිදැයි කියා අනෙක් අතට මට සිතිණි. මුවින් නොකීවද අහස්ද විනීෆ්‍රීඩා මහත්මිය වගේම තමන් තුළම හුදකලා විය හැකි යැයි කියා මට සිතුණේ හදිසියේමය. ඒ සිතුවිල්ලෙන්ම මම ඔහු දෙස බැලීමි. ඔහුද මදෙස බැලූ අතර මඳ අඳුරේ වුවද අප දෑස් එකට ගැටෙන විට මම වහා වෙනතක නෙතු රැඳවීමි. “උණු වතුර දැන් ඇල් වෙලා ඇති…” මම එසේ කීවේ සිතේ ඇති වූ අපහසුතාවය සඟවාගන්නටය. ඔහුට උණු වතුර බොන්නට තරම් අසනීපයක් හෝ පිපාසයක් නොවූ නිසාවෙන්දෝ ඔහු ඒ ගැන තැකීමක් නොකළේය. “මම අහපු ප්‍රශ්නෙට අරවින්දි තාම උත්තරයක් දුන්නේ නැහැනේ…” “මොකක්ද සර්…?” “ආයෙමත් අහන්න ඕනද…?” “ඉතින් මට මතක නැහැ…” “ඔහොම අමතක වෙන එක ලෙඩක්…” “ඒක තමා… බෙහෙත් ගන්න වෙයිද දන්නැහැ…” “ඒකෙන් මේකෙන් කතාව අමතක කරන්න නේද හදන්නේ…?” සිනහවක් පාමින් ඔහු අසන විට මා මුවටද සිනහ නැඟිණි. “ඉතින් සර්ම කියන්නකො…” “අයියෝ… මේ ළමයා… මං ඇහුවේ අර හවස පුපුරලා ගියේ මොනවා කියන්න ඇවිත්ද…?” “පිළිතුරක් දීමට මම ඉක්මන් නොවූයෙමි. අහස් නිහඬව බලාසිටියේ මා කතාකරන තුරුය. “මැඩම් හරි පව්…” සවස පටන් අප කළ කී දෑ මම ඔහු සමඟ පැවසුවෙමි. අහස් දැඩි වුවමනාවකින් අසා සිටියේය. “මාළිගාවක් වගේ ගෙයක් තිබිලත්… එයා මේ බිත්ති හතරේ කොටුවුණ හිරකාරියක් වගේ… ඉඳලා හිටලා හරි මැඩම්ව ටිකක් එළියට එක්ක යන්න… එයාව සතුටින් තියන්න මහලොකු දේවල් කරන්න ඕන නැහැ… සර් ගොඩක් බිසී ඇති… ඒත් ඉතින් මාසෙකට සැරයක් හරි ඕවා පැත්තක දාලා මැඩම් එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්න… එයාට කියලත් දෙන කවුරුවත් නැහැනේ…” “සුදු මම්මා ඉන්නේ දුකෙන් කියලා අරවින්දිට හිතෙනවද…?” “කටින් නොකීවට පිටින් නොපෙන්නුවට ගැහැණු දුක හිරකරන් ඉන්නේ පපුව ඇතුලේ සර්…” “තැන්ක්යූ අරවින්දි…” “ඒ ඇයි…?” “ඔයා සුදු මම්මා ගැන හුඟාක් හිතනවා… එයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක් හම්බුණේ පළවෙනි වතාවට… මීට කලින් හිටපු අය කවුරුත් ඔයා වගේ නැහැ…” මම කිසිත් නොකියා නිහඬවම ගෙතුළට ඇවිද ආවෙමි. -මාර්තු 2 වන සඳුදා නැවත හමුවෙමු- Share FacebookXPinterestWhatsApp Previous articleප්ලාන්ට් වීදියේ යාචකයාNext articleරත් දෝතළු – 41 Lakruwan Liyanagehttps://thulanamag.lk Latest news NewsSeptember 17, 2026කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්... NewsSeptember 16, 2026අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලාඅගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී... NewsSeptember 15, 2026පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම... NewsSeptember 14, 2026පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑපළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා... - Advertisement - NewsSeptember 15, 2026පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම... Short StoriesSeptember 14, 2026ලියම් සහ සොෆීලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි... Must read - Advertisement - You might also likeRELATEDRecommended to you Short Stories ලියම් සහ සොෆී ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි.... Poornima Sewwandi - Short Stories මතක ඇටකටු මතක ඇටකටු - An Empty Plate Is Never Empty මම... Poornima Sewwandi - Short Stories මෝග්‍රා සහ ඩැෆඩිල් මෝග්‍රා සහ ඩැෆඩිල් - Mogra and Daffodils ඩැෆඩිල් මල් එක... Poornima Sewwandi - Short Stories ක්ලෝඩියාගේ සීයා ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා... Poornima Sewwandi -