Interviewsමම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

-

spot_img

මම රෑ දහය වෙනකොට නිදාගන්නව – Sonam Kapoor

සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක් ලෙසින්. බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ සහ සුනීතා කපූර්ගේ වැඩිමහල් දියණිය ලෙස සෝනම් සිනමාවට පිවිසියේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලිගේ Black චිත්‍රපටයේ සහකාර අධ්‍යක්ෂවරිය ලෙසින්. ඉන් අනතුරුව 2007 වසරේ Saawariya චිත්‍රපටයෙන් බොලිවුඩ් රංගනයට පිවිසි ඈ I Hate Luv Storys, Aisha, Raanjhanaa, Bhaag Milkha Bhaag, Khoobsurat, Prem Ratan Dhan Payo සහ Neerja වැනි චිත්‍රපට හරහා විශාල රසික ආදරයක් උරුම කර ගත්තා. Neerja චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ඇය ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මානයක් ද දිනා ගැනීමට සමත් වුණා. “Fashion Icon of Bollywood” ලෙස හැඳින්වෙන සෝනම් ජාත්‍යන්තර විලාසිතා උත්සවවල කැපී පෙනෙන චරිතයක් වන අතර ලෝකප්‍රකට වෙළඳ සන්නාම රැසක් සමඟම කටයුතු කර තිබේ.

ආනන්ද් අහුජා සමඟ විවාහ වූ සෝනම්ට වායු (Vayu) සහ රුද්‍රලෝක් නමින් පුතුන් දෙදෙනෙකු සිටිනවා. මේ වන විට ඇය පවුල් ජීවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. කෙසේ වෙතත් රංගනය සම්පූර්ණයෙන්ම අත්හරින්නේ නැති බවත්, සුදුසු ව්‍යාපෘති ලැබුණු විට නැවතත් සිනමාවට එක්වන බවත් ඇය සඳහන් කළා. මේ ඇය The Nod Mag සමගින් සිදුකළ කතාබහක්.

Sonam Kapoor

• ඔයා ඊයේ මොකද කරේ?

මම මොකද කරේ? ඒක මට ඇත්තටම අමතක වෙලා. මට මගෙ අම්මගෙ මොළේ තියෙනවා. ඊයෙ දවස ගොඩක් බිසී වුණා. රැස්වීමක් තිබුණා. මම ඒකට ගෙදරදිම සහභාගි වුණා. ඊට පස්සේ මගේ පුතාව ඉස්කෝලෙන් අරං ඇවිත් එයත් එක්ක ලන්ච් ගත්තා. ඩිනර් එකත් එයා එක්ක. ඊට පස්සෙ මම එයාව නිදි කෙරෙව්වා.

• ඔයා නිදාගත්තේ කීයටද?

මම සාමාන්‍යයෙන් රෑ 10 වෙනකොට නිදාගන්නව. ඒත් ඊයෙ රෑ වායුට උණ තිබුණා, ඒ නිසා මම මුළු රෑම ඇහැරිලා හිටියා.

• දැන් ඔයා උදේ පාන්දර දවස පටන් ගන්න කැමති කොහොමද?

උදේ පාන්දර තනියම දවස පටන් ගන්න මම කැමතියි. ඉතින්, මම පුතාට වඩා ටිකක් කලින් අවදි වෙන්න උත්සාහ කරනවා, එයා 6 හෝ 6:30 ට විතර අවදි වෙනවා. මගේ දවස 5:45 ට පටන් ගන්නවා, ඔයිල් මසාජ් එකක් කරනවා. දත් මදිනවා, ජීරා පානි එකක් බොනවා, ඊට පස්සේ උණු වතුරට දෙහි දාලා බොනවා. ඊට පස්සේ, මම පොඟව ගත්ත ධාන්‍ය වර්ග කනවා. පුතාව නැගිට්ටවන්නෙ ඊට පස්සේ.

Sonam Kapoor

• මේක ඔයාගේ සාමාන්‍ය පුරුද්දද නැත්නම් ඔයා අම්මෙක් වුණාට පස්සෙ ඒක වෙනස් වෙලාද?

ඒක හැමදාම උදේට එහෙමයි. ඊට පස්සේ මම කෝපි බොනවා.

• මට පේනවා ඔයා අලුත් Zoya collection එකෙන් සැරසිලයි ඉන්නෙ කියලා.

ඔව්, ඒක දැන් අවුරුදු තුනක් තිස්සේ තියෙන collection එකක්. ඒ වගේම එයාලා ඒක තවත් විශේෂ දෙයක් බවට පරිණාමය කරලා තියෙනවා. ඒක ඇඳගෙන යන්න මම ආසයි. ඇත්තටම මම සෝයා ජුවෙලරීස් හැම එකක්ම දානවා. ඒ වගේම මම The Nod Book Club event එකට ඒවා දැම්මා. මම ඇඳගෙන හිටියෙ බ්‍රවුන් සහ ගෝල්ඩ් කලර්ස්. ඒවා හරිම ලස්සනයි.

• ඔයා සිල්වර් ජුවෙලරීස්ද කැමති නැත්තම් ගෝල්ඩ් ද?

අනිවාර්යයෙන්ම ගෝල්ඩ්. ප්ලැටිනම්වලටත් ආසාවක් තියේ. නමුත් වැඩිය පාවිච්චි කරන්නෙ නැහැ. මොකද මේක තමයි මට වැඩියෙන්ම ගැළපෙන්නෙ. ඒ හින්දා මම ආසම ගෝල්ඩ්.

Sonam Kapoor

• ආභරණ සම්බන්ධයෙන් ඔයා stacker කෙනෙක්ද?

ඔව් ඕනෙවටත් වඩා. මම දේවල් එකතු කරන්න ආසයි. ඇඳුම්, ගෘහ භාණ්ඩ, ආභරණ මේ හැම දේකටම මම maximalist කෙනෙක්.

• ඔයා My Embrace ෆැෂන් කරන්නෙ කොහොමද?

මම දැන් ඒක ඇඳගෙන ඉන්න විදිහ ගැන මට හිතෙනවා. ඒ වගේම මම ඒක The Nod Book Club event එකට ඇන්ද හැටි ඔයා දැක්කොත්, මම ඒකෙන් ගොඩක් දේවල් එකතු කර ගත්තා. මාල, කරාබු, හැම දෙයක්ම. මම ඒවගෙන් එකක් දෙකක් එක සැරේකට පළඳින්න කැමතියි.

• මේ කතාබහට පස්සෙ ඔයාගෙ සැලසුම් මොනවාද?

ගෙදර යන එක. මගේ පුතාට කන්න දෙන්නයි මේකප් අයින් කරලා ටිකක් නිදාගන්නයි.

• ඔයා මේ දවස්වල මොනවා හරි බලනවද?

මම Severance බලලා ඉවර කළා විතරයි, ඒ වගේම මම The Pitt ත් බලලා ඉවර කළා.

Sonam Kapoor

• ඔහ්, ඒ දෙකම හරිම stressful ටීවී සීරස්!

මම දන්නවා! නමුත් මම ඒ වගේ දේවල් බලන්න කැමතියි. මොකද ඒව මගේ මනස රිලැක්ස් කරනවා.

• ඔයා Heated Rivalry බැලුවද?

තාම නෑ. මම ඒක ලන්ඩන් ගිහින් බලන්න හිතාගෙන ඉන්නෙ.

• හෙට දවස කොහොම වෙයිද?

හොඳයි, මට ආයෙත් රැස්වීම් තියෙනවා. මට එක වැඩක් විතරයි තියෙන්නේ, ඒක මම හෙට ඉවර කරනවා, සුපුරුදු විදිහට මගේ ජීවිතේ ගැන හිත හිත ඉන්නවා, නමුත් සිකුරාදා මට වැඩ තියෙනවා, ඊට පස්සේ මම සදහටම maternity break එකක් ගන්නවා. කවුරුත් මට කතා කරන එකක් නැහැ.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you