මම ගූගල් සර්ච් කරලා කිස් කරන්න පුරුදු වුණා – Nicholas Galitzine
බ්‍රිතාන්‍ය නළු Nicholas Galitzine ඔහුගේ මතක හිටින රංගනයත්, කඩවසම් පෙනුමත් හේතුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකර ගත් නළුවෙක්. Red, White & Royal Blue, The Idea of You, Bottoms වැනි චිත්‍රපට තුළින් රසික සිත්වල ලැගුම් ගත් ඔහු එලඹෙන වසරේ Masters of The Universe චිත්‍රපටයේ He Man ලෙසින් රසිකයින් හමුවට එනු ඇත.

• Idea Of You පිටපත කියවනකොට මොකද හිතුනෙ?
මම ඒකට ආකර්ෂණය වුණා. ඒක ආදරය ගැන නැවුම් අදහසක් තිබුණ කතාවක්. Anne එක්ක වැඩ කරන්න මම ආසාවෙන් හිටියෙ. මට හිතුණා ඔවුන් මාව තෝරගත්ත එක මගෙ වාසනාව කියලා.

• ඔයා ගොඩක් ජනප්‍රිය පිරිමි බෑන්ඩ් එකක ප්‍රධාන ගායකයා විදිහට රඟපානවා. ඔයා හොඳ dancer කෙනෙක්ද?
ඇත්තටම නැහැ. නමුත් අනිත් කොල්ලො ඔක්කොම වෘත්තීය නර්තන ශිල්පීන්. මම ඒක කියන්නම ඕනෙ.
• ඒක හරියට NSYNC නැත්තම් One Direction වගේ?
ඒක පසුගිය දශකයේ හෝ දෙකේ පැවතුන දේවල්. One Direction වගේම K-pop සංගීතයේ ආභාෂය තිබුණා. ජනප්‍රිය නමුත් නිර්මාණය කරන්න කැමති විදිහෙ කලාත්මක බවක් නොතිබුණ කොල්ලෙක් ගැන කතාවක්.
• ඔයා Sports වලට ආදරෙයි නේද?
ඒ මගේ එකම ආදරය. කවදාවත් පොඩි කාලේ රඟපෑවේ නැහැ. මම රග්බි යුනියන් එකට සෙල්ලම් කරා. වතාවක් මම හෙල්ල විසි කරලා දෙවෙනි තැන ලබා ගත්තා. රග්බි වලදි හිස් ආවරණ, පෑඩ් එහෙම නැහැ. ඒක මට අපහසුවක් වුණ නිසා අවුරුදු 17 දී මම ඒක නතර කළා. ඊට පස්සෙ මම මොනවද කරන්න ඕනෙ කියල idea එකක් තිබුණෙ නැහැ. හදිසියේම වගේ නාට්‍යයක් කළා. ඒක තමයි පටන් ගැන්ම.

• ඔබේ පළමු රංගනය
The Beat Beneath My Feet. Luke Perry එක්ක තමයි මම රඟපෑවෙ. ඒක ලස්සන කතාවක් .
• දැන් ඔයා He-Man විදිහට රඟපානවා. කොහොමද ඇඟ හදාගන්නෙ?
ගොඩක් කෑම කන එකයි බර ඉසිලීමයි කරලා. මම දවසකට කැලරි 4,000ක් විතර ගන්නවා. ඒත් මම කරන වැඩ ගොඩ නිසා දවස ඉවරවෙද්දි ආයෙමත් බඩගිනි වෙනවා. ඒක හරිම පුදුමයි. ඒත් මම බඩගින්නෙ ඉන්නවා. ඒක වේදනාකාරියි. ඒත් හැමදේම චරිතය වෙනුවෙන්.
• Mary & George කතා මාලාවේ ඔයා ගොඩක් හිටියෙ ඇඳුම් නැතුව ?
මම ඇඳුම් සීයක් ඇන්දා. ඒ වගේම ඇඳුම් නැතුව රඟපාන තැන් ගොඩකුත් තිබුණා. අවංකවම, ඒක සතුටක්. තමන්ගේ ශරීරයෙන් මිනිසුන්ව වසඟ කරලා එමගින් ආධිපත්‍යය දරන්න හැකියාව තිබුණ මිනිහෙකුගෙ මානසිකත්වයට පිවිසෙන්න ලැබුණ එක මාරයි. ඒක මාව මත් කරා වගේ.





