Newsබංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන...

බංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන ලකුණු

-

spot_img

ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා.

ඒ අනුව එම පක්‍ෂ නායක තාරික් රහමාන් බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවයි බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂයේ ප්‍රකාශකයෙකු බීබීසී ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත්තේ.

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 300න් ආසන 212 ක් දිනා ගැනීමට බංග්ලාදේශ ජාතිකවාදි පක්‍ෂය සමත් වී තිබෙනවා.

2024 වසරේ පැවති ශිෂ්‍ය විරෝධතාවලින් ශෙයික් හසීනාගේ වසර 15 ක පාලනය අවසන් කිරීමෙන් පසු බංග්ලාදේශයේ පැවති පළමු ජාතික මැතිවරණය මෙයයි.

එම විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 1,400ක් පමණ මියගිය අතර හිටපු අගමැති ශෙයික් හසීනා කැරැල්ල මර්දනයට ඍජුවම නියෝග කළ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ශෙයික් හසීනාගේ පක්‍ෂය වන බංග්ලාදේශ අවාමි ලීගයට මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කෙරුණා.

බංග්ලාදේශයේ නව අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි පැවසෙන බංග්ලාදේශ ජාතිකවාදි පක්‍ෂයේ නායක තාරික් රහමාන් එරට පළමු අගමැතිනිය වන බෙගම් ඛලීඩා ශියාගේ පුත්‍රයෙකු වනවා.

එමෙන්ම ඔහුගේ පියා වන සුහීර් රහමාන් එරට හිටපු හමුදා නිලධාරියෙකු මෙන්ම 1977 – 1981 කාලසීමාව තුළ බංග්ලාදේශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you