Foodදවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

-

spot_img

දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් – Chocolate Brownies

Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන Brownies දවසෙ ඕනෙම වෙලාවක ඇති තරම් කන්න පුළුවන්. වයස් භේදයක් නැතුව කවුරුත් ආස කරන දෙයක්. ලෝකෙ පුරාම බොහොම ජනප්‍රිය කෑමක්. ස්නැක් එකක් විදිහට, අතුරුපසක් විදිහට, උත්සව අවස්ථාවකට, මේ වගේ ඕනම වෙලාවකට කෑම මේසය රසවත් කරන්න brownies වලට පුළුවන්. ගෙදරදීම පහසුවෙන් රසවත්ව brownies හදාගන්නෙ කොහොමද කියලා බලමු. 

Chocolate Brownies

• අවශ්‍ය ද්‍රව්‍ය

උණු කළ බටර් 80 g

කැට සහිත සීනි 100 g Chocolate Brownies

දුඹුරු සීනි 75 g

බිත්තර 1

වැනිලා මේස හැඳි 1/2

ලුණු තේ හැඳි 1/8

පිටි 40 g

කොකෝවා පව්ඩර් 30g

චොකලට් චිප්ස් කෝප්ප 1/3

• සාදන ආකාරය

අවන් එක 350°F ට හීට් කරගන්න. උණු කෙරූ බටර්, කැට සීනි සහ දුඹුරු සීනි සමග මිශ්‍ර කරගන්න. එයට බිත්තරය සහ වැනිලා එකතු කර මෘදු වෙනතුරු බීට් කරගන්න. මීළඟට පිටි, කොකෝවා පව්ඩර් සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසුව චොක්ලට් චිප්ස් එකතු කරන්න. දැන් බැටර් එක සූදානම් !

Chocolate Brownies

මීළඟට බැටර් එක loaf pan එකට දමා පැතිරෙන සේ අතුරාගන්න. ඉන්පසු මිනිත්තු 26-36ක් පමණ බේක් කරගන්න. බ්‍රව්නීස් එක අවන් එකෙන් එළියට ගත්විට ඉරිතලා ඇති විදිහට දකින්න පුළුවන්. අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවුණ පසු කැබලිවලට කපා ගන්න.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 68

රත් දෝතළු - 68 විහඟට සූපයක් සාදමින් සිටි මා තිගැස්මෙන් හැරී බැලුවේ සුපුරුදු විලවුන් සුවඳක් දැනුණ නිසාය. අහස් මා පිටුපස...

බත් එක රසවත් කරන – බිලිං අච්චාරු

බත් එක රසවත් කරන - බිලිං අච්චාරු ලංකාවෙ කොයි කවුරුත් ආසම කෑමක් තමයි බිලිං අච්චාරු කියන්නෙ. බත් එක රසවත් කරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you