NovelsShort Storiesඩෙලීලා නම් හිරු උදාව

ඩෙලීලා නම් හිරු උදාව

-

spot_img

ඩෙලීලා නම් හිරු උදාව

හිරු උදාවේ සියලු දේ අමතක කරවන අන්දමේ සාමකාමී බවක් තිබේ. එය හැමදේම අලුත් ලෙසින් දැනෙන, ඕනම දෙයක් කිරීමට හැකි අන්දමේ නැවුම් බවක් දැනෙන හැඟීමකි. හැම දවසකම මම හිරු උදාවේ සුන්දරත්වය විඳීමට මගබලා ගෙන සිටිමි. ඔබ මාව විශ්වාස නොකරන අතර සැබැවින්ම මම බොරු කියමින් සිටිමි. ඇත්තම කතාව නම් ඒ දවසේ මම එහි සිටි අතර ඇයත් එහි සිටියාය.

හිරු උදාවට පෙම් බඳින්නන් නිතැතින්ම එකිනෙකා වෙත ආකර්ෂණය වේ. ඔවුන් නිහඬ, සුන්දරත්වයක් බෙදා ගත් අයයි. මා ඇය දුටුමතින්ම ඇයට ආකර්ෂණය වෙන්නට ඇත්තේ ඒ නිසාය. නමුත් ඒ හිරු උදාව නිසාම පමණක් නොවේ. ඩෙලීලා, දවසේ කිනම් මොහොතක වුව මාව වසඟ කරනු නිසැකය.
මම ඇයව පළමු වරට දුටුවේ ක්විනෝල්ට් විල අසලදීයි. එය මට සැනසුම ගෙනෙන තැනකි. වොෂින්ටන් ප්‍රාන්තයේ පිහිටි මේ විල සැඟවුණු මැණිකක් වැනි තැනකි. බොහෝ අය ඒ ගැන එතරම් දැන සිටියේ නැත. ධීවරයින්, පිහිනන්නන් සහ නරඹන්නන්ගෙන් ගැවසීගත් ක්විනෝල්ට් සොබාදහමේ සුන්දරම තැන්වලින් එකකි. එය සොයා ගැනීම පහසු නැත. එය සොයාගත් පසු ඕනෑම අයෙක් එය රහසක්ව තබා ගනු නිසැකය. රූපවාහිනිය ඉදිරිපිට කාලය කාදමන මිනිසුන් ක්විනෝල්ට් විලට ඉහළින් හිරු උදාව සියැසින් දැක තියේනම්..?

Short Stories

ඒ අමතක නොවන සංචාරය සිදුකළේ ගිම්හානයේ මුල් භාගයේදීයි. හිරු උදාව නැරඹීමට හිමිදිරි පාන්දරම මම එතැනට ගියෙමි. කිසිවෙකු මේ තරම් උදෑසනින් මෙතැනට නොපැමිණේ. මා පමණි.
“මෙතැන කවුරුහරි ඉන්නවද?”
ගොඩක් අයට තම ආදරය පැවසූ පළමු වචන මතක නැතිමුත්, මට ඇගේ වදන් හොඳින්ම මතක තිබේ. ඒ අනපේක්ෂිත කටහඬ පැමිණියේ කොහෙන්දැයි බැලීමට මා හැරෙන විට හිරු උදාව මතින් ලෝකයේ මා දුටු සුන්දරම යුවතිය මා ඉදිරියේ සිටියාය. මුහුණේ කිසිඳු ආලේපනයක් තවරා නොතිබූ ඩෙලීලා ජීන්ස් කලිසමක් සහ පාට වියැකී ගිය දුඹුරු පැහැති හූඩියකින් සැරසී සිටියාය. ඇගේ හිසකේ දුඹුරු පැහැතිය. ඒවා පීරා තිබුණේ නැත. ඇය ලස්සන වීමට උත්සාහ කර නොතිබුණත්, ඒ පෙනුමට යටින් සැඟවුණු ආකර්ෂණයක් තිබුණි. ඇයව දුටු පළමු මොහොතේම මට මා අහිමිව ගියේය. වසර ගණනාවක් මෙතැන මට අයිති තැනක් සේ මම සිතා සිටි නමුත් දැන් මට හිරු උදාව ඇය හා බෙදාගැනීමට අවැසි විය. මම කවියෙකු නොවුණත් ඇය මෙතැන සේම මගේ හදවතද සොරකම් කර තිබේ.
ඉන්පසු ඇතිවුණේ නිහැඬියාවකි. ඇය කතාබහට එතරම් ප්‍රිය නොවූ කෙල්ලකි. ඩෙලීලා මෙහි පැමිණ සිටියේ හිරු උදාවේ සුන්දරත්වය විඳීමටය. අපි නිහඬවම ලෝකය එළිය කරමින් හිරු නැගෙන අපූරුව විඳිමින් සිටියෙමු. හරියට අපි වචන රහිත කතාබහක නියැළෙන්නාක් මෙනි. සැනසීම යනු මේ කලබළකාරී ලෝකයේ කිසිසේත් ළඟා කරගත නොහැකි ඉලක්කයක් නමුත් ඒ උදෑසන අපි එය ළඟා කරගෙන සිටියෙමු. මම සිතුවිලි අතර සිරවෙමින් සිටියදී ඩෙලීලා ඉක්මනින් සහ සන්සුන්ව, ඉඳගෙන සිටි තැනින් නැගිට බිම හිඳගැනීම නිසා ජීන්ස් කලිසමේ රැඳුණු දුහුවිලි පිසදා පාර දිගේ ඇවිද ගොස් මගේ දෑස් මානයෙන් නොපෙනී ගියාය. ඇයව නැවත දකින්නට නොලැබෙතැයි මට සිතුණි. ඒ සිතිවිල්ල මාව දුකට පත් කළේය.

Short Stories

ඊළඟ අවුරුදු පහ ගතවී ගියේ සුළඟක් මෙන් වේගයෙනි. විල අසලම අපේ හමුවීම්, සිපගැනීම්, ආදරෙයි යනුවෙන් පැවසීම සිදුවිය. නමුත් ඉරණම සිදුකරන සෑම කඩාකප්පල්කාරී ක්‍රියාවකින් පසුව මම සොබාදහම හා තනිවී මගේ සාමය රැකගත්තෙමි. සෑම සම්බන්ධතාවයකටත්, ඒවා අවසන්වීමටත් හේතුවක් හෝ නිදහසට කරුණක් තිබුණි.
ඉඳහිට මම අතීතයේ අපට හිමිව තිබූ තැනට ගියේ ඇය වෙනුවෙන් නොව හිරු උදාව බැලීම වෙනුවෙනි. මම ඈ ගැන බලාපොරොත්තු අතැර දමා සිටියෙමි. නමුත් ඇය නැවත දැකීමට, ඇය එහි සිටිනු ඇතැයි යන බලාපොරොත්තුව මගේ සිතේ කොනක තිබුණේය. අන්තිමේ එදවස උදා විය. පෙරසේම ඇය එතැන සිටියාය.
“මෙතන කවුරුහරි ඉන්නවද?”
“නෑ මෙතන නිදහස් තැනක් “
අතීතයේ වචනමය.
ඇයත් මා සේම අතීතය වෙනුවෙන් එහි පැමිණ ඇතිවග මා නොදැන සිටියෙමි. ඇයව නැවත දුටුවාට පසු ආයෙමත් ඇයට යන්නට හරින්න මට වූවමනා නොවුණි. අවුරුදු පහකට පෙර කළා සේම ඩෙලීලා නැගිට සිය ජීන්ස් කලිසම පිස දැමුවාය. මමත් නැගී සිටියෙමි.
“මගේ නම පීටර්. මම කෝපි වලට කැමති නෑ. ඒත් ඔයත් එක්ක කෝපි එකක් බොන්න කැමතියි.”
“මගේ නම ඩෙලීලා, මාත් කැමතියි ඔයත් එක්ක කෝපි එකක් බොන්න තියෙයිනම්”
ඇය පිළිතුරු දුන්නාය. ඇත්තටම ඇය පිළිතුරු දුන්නාද? අතීතයේ දිනවල මම ඇයට ආදරේ බව ඔප්පු කිරීමට උත්සාහ නොකළෙමි. මීට පෙර මම ගැහැණු ළමුන්ට ආදරේ යැයි පවසා තිබුණද, ඒවා බොරු බව මට වැටහුණේ ඒ මොහොතේය. සැබැවින්ම ආදරේ කෙබඳුදැයි මට හැඟී ගියේත් ඒ මොහොතේය.
ජීවිතය ඉදිරියට ගලා ගියේය. කෝපි කෝප්පයකින් පසු, රෑ කෑමකට පසු, යෝජනාවකට පසු සියල්ල සදාකාලික විය. දරුවන්, සුරතල් සතුන් සහ ප්‍රීතිමත් නිවාඩුවලින් ජීවිතය පිරුණි. ඒ හැමදේටමත් වඩා ක්විනෝල්ට් විල වෙත චාරිකා තිබුණි. හිරු උදාවේදී එතැන සිටියේ අපි දෙදෙනාම පමණි. අපි වචනයකුදු නොදොඩා එතැන සිටියෙමු. අපි දෙදෙනා අපේම තැනට වී නිහඬව බලා සිටියෙමු. හිරු පෙර සේම තරුණ වුවද ඩෙලීලා දැන් නැගී සිටින්නේ මගේ උදව්වෙනි.

Short Stories

“ඔයා කැමතිද කෝපි එකක් බොන්න?”
මම එයට කැමති වන බවත් ඈ සමීපයට වී කෝපිවලට කැමති බව මවාපෑම මගේ සතුට බවත් ඈ දැන සිටියාය. එමෙන්ම නැවත ඇයට හිරු උදාව දකින්න නොලැබෙන බවත් ඈ දැන සිටින්න ඇති. එදින කැෆේ එකේදී අපි පවුලේ අය සහ මිතුරන් පිළිබඳ කතා කළෙමු. අපි ජීවිතය සතුටින් ගතකළ බව දැණුනි.
දින දෙකකට පසු මට ඇයව සදහටම අහිමි විය. පළමු දිනයේ මෙන්, මාව තනි කර යන ඈ දෙස බලා සිටියෙමි. මේ වතාවේ ඇය නැවත නොඑනු ඇත. ශෝකය මා වෙළාගත්තේය.
“මම ඔයාට තැනක් තියන්නම්”
ඒ ඇගේ අවසන් වචන කිහිපයයි.
“ඒක හරි ලස්සන තැනක්”
මම ඇයට මිමිණුවෙමි. ඉන්පසු ඇය යන්න ගියාය. නුදුරු දිනකම මට මගේ ඩෙලීලා හා එක්ව අපේම තැනකට වී නැවතත් හිරු උදාව බලන්නට හැකි වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම දැන් අපේ තැනට යන්නේ රාත්‍රී අඳුරේම පමණි. එතැන මට තනි නැත. මා එතැන ඉඳගත් විට ඇගේ සැනසිලිදායක දෝත මා වෙනුවෙන් දිගුවනු දැනේ. නිහඬතාවය මැද පෙරටත් වඩා මට ඇයව ඇසෙයි.
(Reedsy වෙබ් අඩවියෙහි පළවූ Silence නම් කෙටිකතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි)

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you