Artඋපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක්

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක්

-

spot_img

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක් – Baby Girl

ලොව උතුම්ම පදවිය මව් පදවියයි. දරුවෙක් කුසට ආ දිනයේ සිට මවක් තම දරුවා වෙනුවෙන් දුක් වේදනා උහුලමින් මොනතරම් නම් කැපකිරීම් සිදු කරනවාද? දරුවන් කොතරම් ලොකු මහත් වුණත්, මවකගේ සෙනහසේ අඩුවක් වෙන්නෙ නැහැ. අම්මලාට දරුවො හැමදාමත් පුංචියි. එවැනි උතුම් මව්වරු සිටින ලෝකයක, අතරින් පතර තම කුසෙන් උපන් බිළිඳා අත්හැර දමා යන, මහමග තනිකර දමා යන උදවියත් සිටිනවා. ගැහැණියක් දරුවෙක් වැදූ පමණින්ම මවක් නොවේය යනුවෙන් කතාවක් තියෙනවා. අම්මා කියන්නෙ කැපකිරීම, ආදරේ, රැකවරණය මේ වගේ තේරුම් ගොඩකට කියන තනි වචනයක්. 

Baby Girl

මේ කතාව අතුරුදන් වූ බිළිඳියක් ගැන. කේරළයේ තිරුවන්නාතපුරම් රෝහලේ ඉපදුණු කුඩා බිළිඳියක් ඉපදිලා දවස් තුනකින් කිසිවෙකු සොරකම් කරනව. පොලිසිය වහාම පරීක්ෂණ අරඹන අතර, ඔවුන්ගේ සැකය යොමුවෙන්නෙ එදින පමාවී සේවයට වාර්තා කළ සනල් නැමති රෝහල් සේවකයා වෙත. මේ අතුරුදන් වීම තවත් සංකීර්ණ වෙන්නෙ බිළිඳියගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කරනකොට. ඒ වගේම රෝහල් සේවක සනල් දකිනව බුර්කාවක් ඇඳසිටි කෙනෙක් විශාල බෑගයක් රැගෙන බිළිඳිය සිටි රෝහල් කාමරයෙන් පිටව යන අයුරු. පොලිස් පරීක්ෂවලින් ඵලක් නැතිබව සිතන සනල් තමන්ගේම මෙහෙයුමක් අරඹනව. ඔහුත් තාත්තා කෙනෙක්.

Baby Girl

ඉපදී පැය කිහිපයක් ගතවූ බිළිඳුන්, මහමඟ, දුම්රියවල දමා යාම ගැන කතා නිතර නිතර අසන්නට ලැබෙනවා. හේතුව මාතෘත්වය, පීතෘත්වය පිළිගැනීමට නොහැකි වීම. නිසි වයසට එළඹ නොසිටීම, සමාජ ආර්ථික හෝ වෙනයම් කාරණා. නමුත් මේ කාරණාවලට වැරදිකරුවා මහමග තනි කර දමා යන බිළිඳාද? උස්මහත් කරගැනීමට නොහැකිව මෙලොවට බිහිකළ අය විසින්ම ගඟට මුහුදට බිළිදෙන, වස පොවන කුඩා දරුවන්ද?

Baby Girl

දරුවන් නොලැබීමේ වාසනාව නොලද ස්ත්‍රීන් දෙස සමාජය අවඥාවෙන් බලනවා. දරුවෙක් වදන්නට වරම් නොලද මුත්, කාගේ හෝ දරුවෙක් තම ළයට තුරුළු කරගෙන අපිරිමිත මව් සෙනෙහසකින් ඔවුන්ව ලොකුමහත් කරන අම්මලා මේ ලෝකේ ඕනෑතරම් ඇති. දරු සෙනෙහස නිසා මවකගේ රතුපැහැ රුධිරය කිරි බවට හැරෙන බව පැවසෙනවා. විළිරුදා ඉසිලූ පමණින්, කිරි එරුණ පමණින් මවක් විය හැකිද? දරුවෙකු හැදුව පමණින් පියෙක් විය හැකිද?

Baby Girl

අප සමාජයේ නිතර අසන්නට දකින්නට ලැබෙන සංවේදී කතා පුවතක් රැගත් Baby Girl මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Arun Varma විසින්. Nivin Pauly, Sangeeth Prathap, Lijomol Jose, Abhimanyu Shammi ,Thilakan ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you