More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsVapes ජනවාරියේ සිට තහනම්!

    Vapes ජනවාරියේ සිට තහනම්!

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Vapes – e-cigarettes එසේත් නොමැතිනම් Vapes යනු නිකොටින්, කෘතිම රසකාරක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රව වලින් පිරවූ කාටිජ ඇති ලිතියම් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන උපාංග වේ. ළමුන් නිකොටින් වලට ඇබ්බැහි වීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඕස්ට්‍රේලියාව ජනවාරි මාසයේ සිට මෙම ඉවත දැමිය හැකි දුම් උරන උපාංග ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම තනි භාවිත උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම, ප්‍රචාරණය කිරීම සහ සැපයීම නැවැත්වීම සඳහා නව නීති ද හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර විනෝදාංශයක් ලෙස දුම් ඉරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට මෙම නව නිතිය ඉවහල් වනු ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

    Vapes

    2021 සිට ඕනෑම ඕස්ට්‍රේලියානුවෙකුට වෛද්‍ය නිර්දේශයකින් තොරව විද්‍යුත් සිගරට් හෝ නිකොටින් වාෂ්ප මිලදී ගැනීම හෝ ආනයනය කිරීම නීති විරෝධී ය. නමුත් එම සීමාවන් නොතකා ඇබ්බැහි වීමේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව සමීක්ෂණ වලින් හෙළිව තිබේ. මෙම වසර මුලදී සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 14-17 අතර යෞවනයන්ගෙන් හතරෙන් එකක් පමණ විද්‍යුත් සිගරට් හෝ නිකොටින් වාෂ්ප වලට ඇබ්බැහි වී ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලයේ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එකම වයස් කාණ්ඩයේ සිටින යෞවනයන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට පහසුවෙන් නිකොටින් වාෂ්ප භාවිතයට හුරුවිය හැකි බවයි. Johns Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් මෙම පුරුද්ද නිදන්ගත පෙනහළු රෝග සහ ඇදුම රෝගයට දැඩි බලපෑම් එල්ල කරන බව තහවුරු කර ඇත. ඕස්ට්‍රේලියාවේ,වාෂ්ප උපාංග සඳහා භාවිතා කරන ද්‍රව අධ්‍යයනය කළ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ඒවායේ පෙනහළු සෞඛ්‍යයට බලපාන “රසායන ද්‍රව්‍ය කට්ටලයක්” අඩංගු බවයි.

    Vapes

    දුම්පානය නැවැත්වීමේ මාර්ගයක් ලෙස Vaping වෙළෙඳපොළට හඳුන්වා දී ඇතත්, ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය, Mark Butler පවසනුයේ එය “නිකොටින් මත යැපෙන නව පරම්පරාවක්” නිර්මාණය කර ඇති බවයි. මැයි මාසයේදී, ඕස්ට්‍රේලියානු රජය තනි භාවිත වාෂ්ප භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම ප්‍රකාශයට පත්කළ නමුත් මේ වන තෙක් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දී නොමැත. සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඉවත දැමිය හැකි වාෂ්ප ආනයනය තහනම් කිරීම 2024 ජනවාරි 1 වනදා ආරම්භ වන අතර මාර්තු වන විට නැවත පිරවිය හැකි චිකිත්සක නොවන වාෂ්ප ද රට තුළට ඇතුළු වීම තහනම් කරන බවයි. චිකිත්සක වාෂ්ප සපයන ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදනවල රසයන්, නිකොටින් මට්ටම් සහ ඇසුරුම් සම්බන්ධයෙන් රජයේ දැඩි රෙගුලාසිවලට අනුකූල වීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කර සිටි. ඔස්ට්‍රේලියාව මෙම තීරණයට එළැඹ ඇත්තේ නවසීලන්ත රජය විසින් ලොව ප්‍රමුඛතම දුම්පානයක බදු කපා හැරීමෙන් දින කිහිපයකට පසුවය.

    -BBC News ඇසුරෙනි- by Hannah Ritchie

    Photo Source: Washington Post /Word Press /SBS /NPR

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page