More
    spot_img
    NewsTrisomy 18 ගබ්සාවකට අවසර ඉල්ලා නඩු මඟට

    Trisomy 18 ගබ්සාවකට අවසර ඉල්ලා නඩු මඟට

    -

    spot_img

    Trisomy 18 – තම දරු ගැබ හේතුවෙන් ජිවිතයට දැඩි අවධානමක් ඇති බැවින්, එය ගබ්සා කිරීමට නීතිමය අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ගර්භණී කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයක නඩුවක් පවරා ඇතැයි වාර්තා වේ. අවධානම් ගැබ් ගැනීමක් සඳහා ගබ්සාවක් කිරීමට ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ පදිංචි 31 හැවිරිදි Kate Cox නම් කාන්තාව මෙම අවසරය ඉල්ලා ඇත්තේ තමන්ගේ දරු ගැබට Trisomy 18 නම් රෝගී තත්වය වැළඳී ඇති බව වෛද්‍යවරු නිර්දේශ කළ පසුවයි. පහළ අධිකරණයක් ගබ්සාව සඳහා අවසර ලබා දුන් නමුත් ටෙක්සාස් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ [11 වෙනි සඳුදා] එම තීන්දුව අවලංගු කර තිබේ.

    ට්‍රයිසෝමි 18 රෝග තත්වය යනු වර්ණදේහ ආබාධයක් වන අතර එය බොහෝ අවස්ථාවලදී ගබ්සාවීම්, මළ දරු උපත් හෝ ජීවිතයේ පළමු වසර තුළ දරුවාගේ මරණයට හේතු විය හැකි තත්වයකි. නමුත් අධිකරණ තීන්දුවේ දී විනිසුරුවන් කියා සිටියේ රාජ්‍ය නීති සම්පාදකයින්ගේ “ප්‍රතිපත්ති තේරීමට” ගරු කළ යුතු බවයි. නීතිය යටතේ අවශ්‍ය පරිදි “ජීවිත තර්ජනාත්මක කායික තත්වයක්” හේතුවෙන් ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට ඇගේ වෛද්‍යවරයා නිසි ලෙස සහතික කර නොමැති බව ද ඔවුහු සඳහන් කළහ. ගබ්සා ප්‍රවේශය පාලනය කිරීමට තනි තනිප්‍රාන්තයන්ට බලය ලබා දෙමින් පසුගිය වසරේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය Roe v Wade අවලංගු කිරීමෙන් පසු උසාවි නියෝග මත ගබ්සාවක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ. මවගේ ජීවිතයට තර්ජනයක් වන දුර්ලභ අවස්ථාවන් හැර, පිළිසිඳ ගත් ස්ථානයේ සිට ගබ්සා කිරීම් ටෙක්සාස් ප්‍රාන්තයේ තහනම් වන අතර ඇය ගබ්සා ක්‍රියා පටිපාටිය සිදු කිරීම සඳහා ප්‍රාන්තයෙන් පිටව ගොස් ඇති බව ඇගේ නීතීඥයින් පවසා තිබේ. ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට එරෙහිව තීන්දුවක් ලබාදී ඇත්තේ ඇගේ නීතීඥයින් ඒ බව අධිකරණයට දැන්වීමෙන් පසුවයි.

    pro-choice නම් ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Nancy Northup පැවසුවේ, “ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත් ඇය හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට පිටතට පැමිණ ඇති අතර ඇයට තවදුරටත් බලා සිටීමට නොහැකි බවයි” ගබ්සාව වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ ටෙක්සාස් හි ගබ්සා නීතිය ඉතා අපැහැදිලි වන අතර එය කාන්තාවන්ගේ සෞඛ්‍යය අවධානමට ලක් කරන බවයි. ටෙක්සාස් හි ගබ්සා කිරීම් සිදු කරන වෛද්‍යවරුන්ට ජීවිතාන්තය දක්වා සිරගත කිරීම, ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍රය අහිමි වීම සහ ඩොලර් ලක්ෂ ගණනක දඩ මුදල්ගෙවීමේ අවධානමට ලක්විය හැකි නමුත් ගබ්සාවක් සඳහා ප්‍රාන්තයෙන් පිටතට යෑම තහනම් කරන ලද නීතියක් ටෙක්සාස්හි ක්‍රියාත්මක නැත.

    -BBC News ඇසුරෙනි- by Holly Honderich.

    Image Source: BBC News

    Latest news

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...
    - Advertisement -spot_img

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page