NewsNew York City - නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

New York City – නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

-

spot_img

ඇමෙරිකා එක්සත් ජනපදයේ New York නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී,එම නගරය වසරකට සාමාන්‍යයෙන්  මිලිමීටර්1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බව හෙළි වී තිබෙනවා. පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අනුරුවක් අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම භාවිත කර ඇති අතර, එය චන්ද්‍රිකා දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් වසරකට New York නගරය ගිලා බසින ප්‍රමාණය ගණනය කළ බවයි පැවසෙන්නේ. එහිදී, ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බව තව දුරටත් සනාථ කර ගැනීමට පර්යේෂකයන් සමත්ව තිබෙනවා.

මෙසේ New York නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.  පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය New York නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බවත්, ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින නගරයක් වන නිසාම නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

New York නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් New York නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී New York නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ. මීට පෙර 2022 වසර සිදුකල අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම ජනතාවක් ජීවත්වන වෙරළබඩ නගර 48 න් 44 කම මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ගිලා බසින ප්‍රදේශ තිබෙන බව හෙළි වී තිබෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you