More
    spot_img
    NewsNew York City - නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

    New York City – නිව්යෝර්ක් නගරය වේගයෙන් ගිලා බසී

    -

    spot_img

    ඇමෙරිකා එක්සත් ජනපදයේ New York නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී,එම නගරය වසරකට සාමාන්‍යයෙන්  මිලිමීටර්1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බව හෙළි වී තිබෙනවා. පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අනුරුවක් අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම භාවිත කර ඇති අතර, එය චන්ද්‍රිකා දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් වසරකට New York නගරය ගිලා බසින ප්‍රමාණය ගණනය කළ බවයි පැවසෙන්නේ. එහිදී, ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බව තව දුරටත් සනාථ කර ගැනීමට පර්යේෂකයන් සමත්ව තිබෙනවා.

    මෙසේ New York නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.  පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය New York නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බවත්, ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින නගරයක් වන නිසාම නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

    New York නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් New York නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී New York නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ. මීට පෙර 2022 වසර සිදුකල අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම ජනතාවක් ජීවත්වන වෙරළබඩ නගර 48 න් 44 කම මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ගිලා බසින ප්‍රදේශ තිබෙන බව හෙළි වී තිබෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත.

    Latest news

    A/L Exam අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

    A/L Exam - 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර්...

    Cabinet updates රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කිරීමට අනුමැතිය

    Cabinet updates - රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත්...

    GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින්...

    An intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

    An intelligence report - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකර ඇතැයි බුද්ධි වාර්තාවක්...
    - Advertisement -spot_img

    Cabinet updates රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කිරීමට අනුමැතිය

    Cabinet updates - රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත්...

    GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page