More
    NovelsMandaramen EhaMandaramen Eha - 08 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 08 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – ගිරාතලාන වැවේ පිටවානේ කොන්ක්‍රීට් බැම්ම දිගේ මඳ දුරක් ඇවිද ගිය ශාරික,වෙල්‍ යායට මුහුණලා එහි හිඳ ගත්තේය. මින් වසර කිහිපයකට පෙරනම් පිටවාන මෙලෙස වියළිව,අලසව තිබුණේ නැත. දවසේ සෑම තත්පරයක්ම දිය සීරාවකින් හෝ සිසිල්ව තිබුණේය. වසර ගණනාවක් තිස්සේ නිසිකලට වැසි ඵල නොලබා හිඳීගිය වැවත්, පාළුවට ගිය වෙල්‍ යායත් ගමේ ගොවීන්ගේ දුක්ක දෝමනස්සයන් කෙසේ නෑසුකන්ව සිටින්නේදැයි සිතී ශාරිකට ඉබේම සුසුමක් හෙලිණි. තවත් මාස කිහිපයක් සොබාදහම මෙලෙස අකීකරුව හැසිරුනහොත් ගම්මුන්ට පමණක් නොව තමන්ටද ජීවිතය පිළිබදව කිසියම් නිශ්චිත එළැඹුමකට පැමිණීමට සිදුවන බව ශාරික දනී. මේ නිකිණි මහෙන් අහවරව ගම්මුන් අහසට ආවඩන්නේ වැසි දිය ඉල්ලාය. වැව ඔවුන්ගේ හද ගැස්මයි. වැව පිරීම ඔවුන් සළකන්නේ කුස පිරුණා හා සමානවය. ගමේ අනෙක් ගැමියන් මෙන් ශාරිකට හේන,කුඹුර සමඟ දැඩි බැඳීමක් නොවූයේ සිය පියා ඒ සියල්ල කරට ගෙන කළ හෙයිනි. පියාගේ අභාවයෙන් පසු අද වන තෙක් සිය පවුල යැපෙන්නේ ඔහු එක් රැස් කල ධනයෙනි. ඒ සංචිතය නිමාවූ පසු ප්‍රයෝජනයට ගත හැකි කිසිඳු ආයෝජන මාර්ගයකට පවුලේ වැඩිමලා ලෙස තමා තවමත් අත ගසා නොමැති බව සිහියට නැගෙන සෑම මොහොතකම ශාරික ඇතුලාන්තයෙන් වෙව්ලා යයි.

    “මොනාද අප්පේ මේ..අහස පොලොව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ..”

    තාරුකා එසේ කියාගෙනම ශාරිකට පසෙකින් වාඩි වූවාය.

    “ඇත්තටම ඒක තමයි කල්පනා කර කර හිටියේ..”

    “ඒක කිව්වෙ..”

    “අහසයි පොලොවයි ගැට ගහන ක්‍රමයක් ගැන..”

    “ගැට ගහලා තියන්න ඕන වෙන එකක් නෑ…අහසයි පොලොවයි හැමදාම ආදරෙන් ඉන්නවා..”

    “මටනම් හිතෙන්නෙ දැන් අවුරුදු ගාණක ඉඳන් අහසයි පොලොවයි තරහවෙලා වගේ ඉන්නෙ..”

    තාරුකා ශාරිකගේ අත් ගොබයක එල්ලී මුහුණට එබුණාය.

    “මොනා හරි බර….දෙයක් හිතේ හිරකරං නේද ඉන්නෙ..”

    “කොහොමද හරියටම දන්නෙ..”

    “මට එහෙම දැනනවා.. ඇත්තද බොරුද..”

    “ඇත්ත… මාත් දැන් ජීවිතේ ගැන බරට හිතන්න ඕනේ කාලේ ඇවිත් කියලා මට හිතෙනවා..”

    “තේරුණේ නෑ..”

    “වැස්ස වලාහක දෙයියෝ ගමේ මිනිස්සුන්ගෙ මූණ බැලුවොත් මේ පොලොව එක්ක ගැහෙන්න හිත හදාගන්න ඕනෙ..එහෙම නොවුණොත් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන ගමෙන් පිටවෙන්න ඕනේ තාරූ..”

    “එච්චර ඉක්මනට මාව දාලා යන්න හිත හදාගන්න පුළුවන්ද මගෙ අයියේ..”

    “ඒක හරියට මේ වැවයි පිටවානයි වගේ තාරූ..වැව පිරෙද්දි පිටවානෙන් වතුර බහින්නෙ වැවට ආදරේ නැතුව නෙවේ..පිරෙන තරම දරාගන්න ඕනේ හින්දා…ඕනවට වඩා පිරුණොත් බැම්ම කඩාගෙන යනවා..”

    “ඔයාගේ ආදරේ මේ හිඳිච්ච වැව වගේ අඩියෙම තිබුණත් මං දරාගන්නම් මගෙ අයියේ…ඒත් පිටවානෙන් බැහැලා යන්නේ ආදරේට කියලා හිත රවට්ට ගන්නනම් මට බෑ..”

    මොහොතකින් තාරුකාගේ හිස ශාරිකගේ වම් උරයට බරවිනි. තවත් මොහොතකින් ඇගේ හිස ගැස්සෙනු ශාරිකට දැණිනි. කමිසය විනිවිද උණුහුම මුසු තුනී සීතලක් උරයට දැණිනි. ආදරය වෙනුවෙන් නැගෙන තාරුකාගේ ඉකිබිඳුම් මෙන්ම වැස්ස වෙනුවෙන් නැගෙන ගම්මුන්ගේ ඉකිබිඳුම්ද එක්වී වැස්සක්ව මේ වියළුන පොලොව තෙත් කරනවානම් කෙතරම්දැයි ශාරිකට සිතිණි.

    අර්ධ නාගරික පසුබිමක පිහිටියද ගල්ගමුව නගරය කාර්යය බහුලය. ප්‍රධාන බස් නැවතුමෙහි ගාල් කොට ඇති බස් කිහිපය වෙනුවෙන් පොදිකන ගම්මුන්ගෙන් එය පිරී තිබේ. සෑම වෙළෙඳ සලකින්ම විනාඩි කිහිපයකට වරක් පිටතට සහ ඇතුළට යන එන මිනිස් හිස් ගෙඩිය. බස් නැවතුමට මුහුණලා ඇති ගබඩාවක් වැනි ගොඩනැගිල්ලේ “සිරිවර්ධන ෆැන්සි හවුස්” යනුවෙන් සඳහන් පූවරුවකි. සුදු මහත්තයාගේ නවීන පන්නයේ යතුරු පැදිය ඒ ඉදිරිපිට නතර කෙරිණි. ඉන් බැස ගත් ඔහු ගොඩනැගිල්ල තුළට ඇතුළු වූයේය. එය මිළදී ගැනීමේ මධ්‍යස්ථානයකි. වී,මුං,කව්පි,උඳු,රටකජු,බඩ ඉරිඟු,වියළි මිරිස්,සියඹලා වැනි නොයෙකුත් ගොවි නිෂ්පාදන දිගු ශාලාවේ තැන් තැන්වල අතුරා ඇති අතර,තවත් පසෙක පොහොර උරවල සහ ගෝනිවල දමා ප්‍රවාහනය සඳහා සකස් කරන ලද ධාන්‍ය වර්ග හා අතිරේක බෝග රැසකි.

    “සින්නා..”

    සුදු මහත්තයා ශාලාවට ඇතුලු වූයේ එසේ හඩ ගා යමෙකු අමතමිනි.

    “එනවා මාතියා…”

    යැයි කියමින් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙකු ඔහු දෙසට දිව ආයේය. කොටු වැටුන සරමක් සහ සුදු මේස් බැනියකින් සැරසී සිටි මිනිසා සිය කසට බැදුනු දත් විදහා සිනාවක් නැගීය.

    “කොළඹ යන ලොරිය ආවද..”

    “තාම නේ මාතියා…මාත් මේ පල පලා ඉන්නවා..”

    “උඔ මෙතන බල,බලා හිටියම ලොරිය එනවද බං..ඔය මේසේ උඩ ෆෝන් එකක් තියෙන්නෙ කතා කරලා අහපංකෝ..”

    ” මේ ගත්තා මාතියා..”

    සින්නා යුහුසුළුව දුරකථනය වෙත දිවීය. සුදු මහත්තයා ගබඩාව සිසාරා නෙත් යැවීය. බිම අතුරා ඇති ධාන්‍යවලින් ඇට කිහිපයක් ගෙන මුවට දමා සපමින්,හට්ටි ගසා ඇති ගෝනි පරික්ෂා කර බැලීය. සින්නා පැමිණ පසෙකින් සිට ගත්තේය.

    “කීයටද එනවා කිව්වෙ..”

    “මේ…යේක පෝන් එකට තමා කතා කරන්නෑ මාතියා…”

    “ඒකත් එකට ඊයෙ රෑ කසියා කෙලලා බුදි ඇති කාළකන්නි හැත්ත..ලොරිය තියෙන්නෙ කොහෙද..”

    “නාගේෂගෙ මඩුවෙ තමා දාලා තිබ්බා..”

    “ගිහිං බලලා වරෙං…මගෙ යකා ආරූඪ වෙන්න කලිං..”

    “මේ ගියා මාතියා…”

    සින්නා සරම සකසා ගත්තේ දුවන්නටය. සුදු මහත්තයා යමක් සිහි වූවාක් මෙන් සින්නා දෙසට හැරිණි.

    “කොමිනිකේෂන් එකෙන් ෆෝන් එකක් එව්වද මට දෙන්න කියලා..”

    “ආඩවනේ…මට යේක ෂීයක් නෙති උනා….මාතියාගෙ ලාචුවෙ දාලා යෙති..”

    “අනේ මන්ද…වැඩක් කරන්න සිහියක් පතක් තියන එකෙක් නැති හැටි…තවත් මෙතන බකං නිලාගෙන ඉන්නැතිව ගිහිං අරුන්ට එන්ඩ කියාපං..”

    තත්පර කිහිපයකින් සින්නා හුන් තැනින් අතුරුදන් විය. ගබඩාවේ කොනක තබා ඇති මේසය අසළට ගිය සුදු මහත්තයා එහි ලාච්චුව හැර එතුලින් ජංගම දුරකථනයක් එළියට ගත්තේය. එය ක්‍රියාත්මක කොට මොහොතක් එදෙස බලා හුන් ඔහුගේ මුවඟින්

    “මිස් කෝල් තුනක්..” යනුවෙන් හඬ නැගිණි.

    මැදින්නෝරුව හන්දියේ මහ කඩය අසළ සිය මේට් වර්ගයේ යතුරු පැදිය නතර කළ කාලිංග කඩය තුළට පිවිසියේය. කැෂියර් කූඩුවේ හුන් තරුණයා කාලිංගව දැක ඔහු පෙරමඟට ආවේ සිනහවකින් මුව සරසාගෙනය.

    “මොනාද බැලුවෙ කාලිංගයියා..”

    “මට ඔය පිටි පැකට් එකකුයි,විස්කෝතු පෙට්ටියකුයි දියං මලේ…”

    “කිරි පිටි මොනායි ඕනේ..”

    “මං ඔය විච්චූර්ණ නම් කියන්න දන්නෑ බං පොඩි උන් කන,බොන දෙයක් බලලා දියං..”

    “සමන්ති අක්කගෙ පොඩි එකාටනෙ..”

    “නැතුව ඉතිං මට පොඩි උන් ඉන්නවයැ බං..”

    කැෂියර් කූඩුව දෙසින් දුරකථනය නාද වන හඬ ඇසිණි. අතින් සන් කොට මොහොතක් රැඳී ඉන්නැයි කාලිංගට පැවසූ තරුණයා එදෙසට ඇදිණි.

    “හලෝ….මේ කවුද…ඔව්..මැදින්නෝරුව හන්දිය..ආං..එහෙමනම් කියන්ඩ බෑ….මොකද ගොඩක් අය කෝල් අරගන්නවා මෙතනින්..මහ කඩේ කිව්වම ඕන කෙනෙක් දන්නවා….ඒකට කමක් නෑ..”

    රිසීවරය තැබූ තරුණයා රාක්කය මතින් කිරිපිටි පැකට්ටුවක් සහ බිස්කට් පැකට්ටුවක් ගෙන ෂොපින් බෑගයක දමා කාලිංග වෙත පැමිණියේය.

    “අපේ නොම්බරෙන් කෝල් වගයක් ඇවිත්ලු…විස්තර අහනවා….දවසට කී දෙනෙක් කෝල් ගන්නවද…ඔක්කමගෙ විස්තර ලියලා තියාගන්නයැ මං…”

    යැයි කාලිංගට පැවසූ තරුණයා ඔහු දුන් මුදල් රැගෙන කැෂියර් කූඩුව වෙතට ගියේය. කාලිංගද ඔහු පසුපස ඇදිණි.

    “ආං…හොඳ වෙලාවට මේක දැක්කෙ…දවසක් කෝල් එකක් ගන්න ඇවිත් සමන්ති අක්කා මේක දාලා ගියා….ආයෙ ඇහුවොත් දෙන්න කියලා මං අරන් තිබ්බා….මේකත් අක්කට දෙන්න..”

    ඉතිරි මුදල් සමඟ කුඩා කොල කැබැල්ලක් කාලිංග අත තැබූ තරුණයා පැවසීය. එක්වරම කාලිංගගේ මුහුණේ හැඩය වෙනස් වූවද ඔහු එය නොපෙන්වා ඉතිරි මුදල් සමඟ කොල කැබැල්ල කමිස සාක්කුවේ රුවා ගත්තේ ආයාසයෙන් මවා ගත් සිනහවක්ද ඇතිවය.

    ජංගම දුරකථනය මේසය මත ඒ මේ අත තල්ලු කරමින් සිටි සුදු මහත්තයා එයින් මිදුණේ,ගබඩාවට ඇතුළු වූ ලක්මාල් නිසාවෙනි.

    “ගෙදරට වෙලා ඉන්න කියලා තියෙද්දි තමුසෙ කොහෙද මේ ඇවිදින්නෙ..”

    “මොබයිල් එක බලන්න කමිනිකේෂන් එකට ආවා.. එහෙන් කිව්වා කඩේට එව්වා කියලා..”

    “මේක අතේ නැතුව හරියට පාඩු ඇති නේද තමුසෙට..”

    “එල්ලෙන්න බොරු හේතු හදාගන්නෙපා අයියා.. මට නිදහසේ හුස්ම ගන්නවත් දෙන්නැද්ද..”

    “තමුසෙ දැන් ඔය තුවක්කු කරේ එල්ලගෙන ඉන්න රස්සාවෙන් හොඳට හුස්ම කට අරන් ඉන්නවා ඇතිනේ..”

    “රස්සාව තෝරගත්තෙ මගේ කැමැත්තට.. ඒකෙන් අයියට කරදරයක් උණේ නෑනෙ..”

    “අපොයි ඔව්.. අපි කරදර නොවුනනම්… මෙලහකටත් තමුසෙ අර අලි පල්ලියෙ මැරිලා..”

    “මං මේ රස්සාව තෝරගත්තෙ මරණෙත් එක්ක සෙල්ලම් කරන්න බලාගෙන.. වෙලාව එනකං මාව මරන්න කාටවත් බෑ..”

    “බොහොම හොඳා මල්ලියේ.. උඔ ඔය කරන සෙල්ලම වෙලාවක අපිටත් දැනගන්න ලැබෙයිනෙ…”

    “අයියලාට හොයාගන්න තරං හංගපු කිසි දෙයක් මගේ ජීවිතේ නෑ සුදු අයියේ.. මං ආවෙ අයිය එක්ක රණ්ඩු අල්ලන්න නෙවෙයි. මගේ මොබයිල් එක දුන්නනම් මට යන්න පුළුවන්..”

    සුදු මහත්තයා ලක්මාල් වෙත ජංගම දුරකථනය දිගු කලේ ඔහුගේ මුහුණ දෙස විමසිලිමත් වෙමින්‍ ය.

    “ඕකට මැදින්නෝරුව හන්දියෙන් කෝල් එකක් ආවා..”

    යැයි පවසද්දී,ලක්මාල් එකවරම තිගැස්සී යන අයුරු දුටු සුදු මහත්තයාගේ මුහුණට මෙතෙක් වේලා සොයමින් සිටි යමක් හදිසියේ හමුවූවා වැනි ජයග්‍රාහී සිනහවක් නැග ආයේය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page