Colombo stock exchange (CSE) – අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස්, ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට ද සිදුව තිබුණා.