ArtBath Tharanga කෙනෙක් මැරෙන්න හුස්ම යන්නම ඕනෙ නෑ හීන...

Bath Tharanga කෙනෙක් මැරෙන්න හුස්ම යන්නම ඕනෙ නෑ හීන දැකීම නතර වුණත් ඇති

-

spot_img

Bath Tharanga – කෙනෙක් මැරෙන්න හුස්ම යන්නම ඕනෙ නෑ හීන දකින එක නතර වුණත් ඇති.මනුස්සයෙක්ගෙ ජීවිතේ නතර වෙන්නෙ හුස්ම ගියාම නෙමේ.එහෙම වෙන්නෙ ඔහු ජීවිතය ගැන හීන මවන එක,බලාපොරොත්තු තබා ගන්න එක අත්හැරියාම. සමහරු සිහින තුළම ජීවත්වෙනවා ඉන් පිටතට ඒමක් ගැන නොහිතාම. කොහොම වුණත්,සිහිනයක් තිබීමම සුන්දර දෙයක්. මොකද හීනවලට සීමාවන් නැහැ . ඔබ මොන තත්වයෙන් හිටියත්,මොන වගේ සමාජ තත්වයක හිටියත්,ඔබේ පෙනුම මොන විදිහේ එකක් වුනත් ඔබට පුලුවන් හීන දකින්න.”බත් තරංග” කියන්නේ එවන් සිහින තරංග මාලාවකට.

Bath Tharanga

“හතේ ලේන් එක”.එය කොළඹ පරිසරය තුළම පිහිටා ඇති එක්තරා කොටසක්. කුඩා පෙදෙසක්. එක පෙළට පිහිටා ඇති ටකරං වහළවල් සහිත පුංචි ගෙවල්,වැඩ නිම නොකරපු කුඩා නිවාස,හැම තැනම එල්ලාපු රෙදිවැල්,ටින්වල හිටවාපු මල්පැළ ,සද්දෙට කතා කරන – රණ්ඩු කරන – ඒ සැණෙන් යාළු වෙන ,කලබලකාරී තැනක් . කොළඹ ඉන්න හැමෝටම වඩා සිහින මවපු මිනිස්සු පිරිසක් ජීවත්වුනු තැනක්. මේ ලේන් එකේ කවදාවත් කාර් නම් ගමන් කළේ නැහැ . කුඩා පාරේ ඉඩ තිබුණෙ ත්‍රීරෝද රියකට පමණයි . රත්නපුරයේ ගහකොළ,සෙවණ සහිත සීතල පරිසරයේ නිදහසින් ජීවත්වුන “රූපසිරි” නම් තරුණයා හතේ ලේන් එකට එන්නෙ තනි කැමැත්තට විවාහ වෙලා හතේ ලේන් එකේ පදිංචි වුන තමන්ගෙ අක්කව සහ ඇගේ සැමියාව බලන්න. ටික දිනක් එහි ගත කරාට පසුව රූපසිරිත් මේ කඩිමුඩි පරිසරයට හැඩ ගැහෙනවා. නාග පච්චෙ,සැන්ඩො මාමා,රෝං සර්විස් වගේ හදාගත්තු නම් වලින් තමයි මේ පෙදෙසේ වැසියන් එකිනෙකාව ඇමතුවෙ. ඇත්ත නම්වලට වඩා ඒ නම්වලින් කතා කරන එක ඔවුන්ට පහසුයි. ඒ වගේම ඒ ඇමතීම් ලෙංගතුයි. කරාටේ වලට කැමති රූපසිරිට ඔවුන් දෙන නම බී.බී (බ්ලැක් බෙල්ට්). මේ ගෙවල්වල කාන්තාවො බත් ඉව්වේ නැහැ . මොකටද නිකම් කරදර වෙන්නෙ? බත් විකුණන ගැහැණු කෙනෙකුත් ලේන් එකේ ජීවත්වෙද්දි. ඇය “බත් නැන්දා”. ඇගෙ ගෙදර “බත් ගෙදර “.බත් නැන්දාට පුතෙකුත් හිටියා. පොඩි ළමයෙක් වගේ පෙනෙන ඔහු උසින් අඩු,කුරු – මිටි අයෙක්. හැමෝම ඔහුට ආදරේට කිව්වෙ “බට්ටිච්චා” කියන නම. මේ කලබල ජීවිතේ මොකක්දෝ රසවත් කමකුත් ගමෙන් ආව බීබී ට දැනෙන්න ගත්තා. ඔහු වැඩියෙන් ම ආශ්‍රය කළේ බට්ටිච්චාව. බත් ගෙදර මිදුලේ ජෑම් ගහ යට ඉඳගෙන පොත් පත්තර කියවපු අකුරු උගත් බට්ටිච්චා ,ලේන් එකේ අනිත් වැසියන්ට වඩා ගොඩක් දේවල් ගැන දැනසිටියා. තමන්ගෙ හිතට ආව සිතිවිලි ,කවි,සිංදු විතරක් නෙමේ කෙටි කතාත් ලියපු බට්ටිච්චා ඒවා බීබී ට පෙන්නුවා.

“මට එක දිගට කතාවක් ලියන්න හිතෙන්නෙ නෑ. අද හිතාගෙන ඉන්න කතාව හෙට වෙනස් වෙනවා.”

ඔහු බීබී සමගින් එසේ පවසනවා. ජීවිතේ ඉදිරියක් ගැන තීරණයක් ගන්න බැරි,අවිනිශ්චිත සමාජයක වෙසෙන්නෙකුගේ කතා එහෙම නිතර නිතරම වෙනස්වීම් වලට ලක්වෙනවා ඇති. බට්ටිච්චාට මාර ගුවන් විදුලි උණක් තිබුන බව බීබී කියනවා.සමහර දවසට නිවස තුළ පැදුරක ඉඳගන්නා බට්ටිච්චා ගුවන් විදුලි වැඩසටහනක් පවත්වනවා. මවට ඇසෙන්නට. ඔහු තමයි නිවේදකයා. නමුත් ,හීන ගොඩක් තිබුණු,ගොඩක් පොත් කියවපු,මරණය ගැන නිතරම කතා කරපු,සිරුරින් කුඩා,බට්ටිච්චා නම් මේ මිනිසා හදිසියේම මියයනවා.

Bath Tharanga

“මං මැරුණොත් ඉන්දියාවෙ සැරිසරලා මගේ තාත්තා ඉන්නවද කියලා බලනවා.”

“මං මැරුණොත් කෙලින්ම හොලිවුඩ් ගිහින් චිත්‍රපටි හදන හැටියි,ඩිස්නිලන්තෙයි බලනවා.”

“මං මැරුණොත් ගම්භාර දේවතාවෙක් වගේ මේ හතේ ලේන් එකට ඇවිත් මේ බෝ ගහට වෙලා ඉඳගෙන මේකෙ මිනිස්සුන්ගෙ දුක සැප බලනවා.”

ඒත් බට්ටිච්චා අන්තිමේ දි කලේ එකම එක ඉල්ලීමක් පමණයි.

“අම්මෙ මං මැරුණොත් හෙම මං ලියපු දේවල් සේරම බීබීට දෙන්න”

ඒ කුඩා කාඩ්බෝඩ් පෙට්ටිය බීබී ට ලැබෙන්නෙ එහෙම. ඒ ලිවීම් ඔහු කියවන්න ගන්නවා.ඒ කුඩා මිනිසාගේ විශාල සිතිවිලි. ගුවන් විදුලි නිවේදකයෙක් වීමට වූ ඔහුගේ හීනය එහි ලියැවී තියෙනවා. ගුවන් විදුලි වැඩසටහන් ගැන. ගුවන් විදුලි සාකච්ඡා ගැන (නිවේදකයා බට්ටිච්චා වන අතර සාකච්ඡාවට එන්නේ හතේ ලේන් එකේ වැසියන්ගෙන් අයෙක්),ඔහු කැමති ගීත ගැන එහි ලියැවී තිබෙනවා. මේ සිහින මැවූ එෆ් එම් එකට ඔහු යොදා තිබූ නම
“බත් තරංග” යි. හතේ ලේන් එකට බොහෝ දුරකින් ඇති සිහින රාශියක් බට්ටිච්චාට තිබී ඇති බැව් බීබී දැනගන්නේ ඒ ලිවීම් මගින්. එපමණක් නොවේ ඒ ලිවීම් තුළ මේ කුඩා ලේන් එකේ වැසියන් ගැන ඔහු සිතේ තිබූ ආදරය,කාටවත් නොකිව්වත් සුන්දර බිරිඳක් එක්ක පුංචි පවුලක් හදාගන්න තිබූ හීනයකුත් ඒ ලිවීම්වල තිබුණා . එදා දවස ජීවත් වීම වෙනුවෙන් සටන් කරන්නට වූ සමාජයක ජීවත්ව,සිහින මියෙන්නටත් කලින් මැරෙන්නට සිදුවීම මොනතරම් දුක්බරද? සුනේත්‍රා රාජකරුණානායක ඇගේ සුපුරුදු චාරිකාවන් රැගෙන යන ලිවීම් රටාවෙන් බැහැරවී ලියූ වෙනස්ම තේමාවක් සහිත ලිවීමක් ලෙස “බත් තරංග ” හඳුන්වන්න පුලුවන්.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you