NovelsRath Dothaluරත් දෝතළු - 57

රත් දෝතළු – 57

-

spot_img

රත් දෝතළු – 57

සිත සිතා සිටින්නට කාලයක් නැත. මම දොරට තට්ටු කළෙමි.

“කවුද… ශීලාද… මොකද ශීලා…?”

කෝපයට පත් විහඟහේ හඬ මා සවන් වැකිණි. එයට පිළිතුරු දිදී ඉන්නට කාලයක් නොවේ මෙය. විශාකා මහත්මියගේ පාවහන් හඬ මට ඇසිණි. ඈ දැන් මෙහි පැමිණෙනු ඇත. මම අඩවන්ව තිබූ දොර හැරගෙන කාමරයට කඩා වැදුණෙමි.

“අරවින්දි… වට් ද හෙල් ඊස් දිස්…?”

විහඟ පොරවනය ගෙන සිරිරු වටා දවටගනිමින් කෑ ගැසීය.

“අන්න… ඔබ තුමාගේ මව් තුමිය වැඩලා… කාමරේට එන ගමන්… මං ආවේ ඒක කියන්න…”

“වට්… අම්මා… ඕහ්.. ෂිට්… ගෝ ටු හෙල්… දැන් මොකද කරන්නේ… යනවා… යනවා… ඉක්මනට බාත් රූම් එකට රිංග ගන්නවා…”

ඔහු ඇයව යහනින් බිමට තල්ලු කර දැමූ අතර ඈ නිරුවතින්ම යාබද නාන කාමරයට වැදුණාය. විහඟ බිම තිබූ ඔහුගේ කලිසම ගෙන හැඳගන්නට වන විට මම දොර විවර කළේ වහා පිටව යන අදහසින් වුවද මම පමා වූවා වැඩිය. විශාකා මහත්මිය දොර අසලය. ඇගේ දෑස් නළල මත වූ අතර ඒවායේ වූයේ මවිතයකි.

“තමුන් මොකද මේ කාමරේ කරන්නේ…?”

ඈ කෝපයෙන් ඇසුවේ ඉදිරියට අඩියක් තමබමිනි. මම පසුපසට අඩියක් තමබින් කාමරය තුළටම ආවෙමි.

“ම..ම… මොකුත් නැහැ මැඩම්… මම… ආවේ…”

“උඹට ලැජ්ජාවක් නැති හැටි…”

කෑ ගැසූ ඈ මාවෙත එල්ල කළ අතුල් පහරින් මම පසෙකට විසි වන්නට ඇත. විහඟ මා වත්තන් කර නොගත්තා නම් මම ඇද වැටෙනු ඇත.

“අම්මා… මොකද මේ… ආර් යූ ක්‍රේසි… අරවින්දිට එන්න කිව්වේ මම…”

විහඟ කෑ ගැසීය.

“එන්න කිව්වා… මොකටද මේකි කොල්ලන්ගේ කාමර ගානේ රිංගන්නේ… අද අතටම අහුවුණා… වෙනදටත් එහෙමද කවුද දන්නේ…”

කම්මුලට අත තබාගෙන මම ඈ දෙස බැලුවේ ගිනිදළු පිටවන දෑසිනි.

“කට තිබුණු පලියට විකාර කියවන්න එපා… අරවින්දි හොඳට හැඳුණු කෙල්ලෙක්…”

“හැදියාව පේනවා…”

මම විහඟගේ දෑත් ගසා දමා කාමරයෙන් පිටව ආවෙමි.

“මේවා අපේම උන්ගේ වැරදි… නැට්ටිච්චියෙක් ගෙට දාගෙන පේනවානේ…”

“අනේ මේ… වලිගේ පාගන් දඟලන්නැතිව ආපු අතක් බලන් යන්න…”

විහඟ කෑ ගසනු මට ඇසිණි. පහළට බැස මම මැද දොරින් අනෙක් පසට එනවිට විනිෆ්‍රීඩා මහත්මිය ආලින්දයේ සිටිනු දැක මම මැද දොර වසා දමා කාමරයට පැමිණියේ කම්මුල ඇදුම් කන විටය. මා සිතේ යම් ශෝකයක් නොවුණා නොවේ. ඈ සිතන්නට ඇත්තේ කුමක් විය හැකිද කියා මට අනුමාන කළ හැකිය. කෝපයක් මෙන්ම කලකිරීමක්ද මා සිතේ විය. විශාකා මහත්මිය නම් මොළේ කළඳක් නැති මෝඩ උද්දච්ච ගැහැණියක් බව ඈ මනාව ඔප්පු කර පෙන්වූවාය. විනිෆ්‍රීඩා මහත්මිය සමඟ ඇයට හැරෙන්නටවත් නොහැකිය. නොසන්සුන් මා සිත සන්සුන් කරගැනීමට යත්න දරමින් මම කාමරය තුළට වී සිටියෙමි.
සුළු මොහොතකට පසුව විනිෆ්‍රීඩා මහත්මිය කාමරයට පැමිණෙන විට මම යහන මතින් නැඟී සිටියෙමි.

“ඔහොම ඉන්න අරවින්දි… මොකද වුණේ… අරය ගෙයි උළු හෙළවන්න කෑ ගහනවා ඇහුණා මට… අපේ චූටි පුතා අලුතෙන් බාල්දියක් පෙරළන් වගේ… විශාකා ඔයාටත් දොස් කියනවා ඇහුණා…”

ඈ එක දිගටම කියවන් යන විට මා මුවට සිනහවක්ද නැඟිණි.

“මට කෑ ගහන්න මං වැරැද්දක් කළේ නැහැනේ මැඩම්… ඒ නිසා කමක් නැහැ…”

“ඔයා වරදක් නොකළත්… අහක යන මරාලයක් හරි ඇඟේ පටලවලා චෝදනා කරන්න බලයි… එයාගේ හැටි එහෙමයි…”

මම ඒ බව දැනටම දැන සිටින බව කීමට නොගියෙමි. සිදුවූයේත් එයමය.

“ඕවා වැඩක් නැහැ මැඩම්…”

“තමන්ගේ දරුවෝ හදාගන්න බැරිව අනෙක් අයට කෑ ගහලා වැඩක් නැහැ… චූටි පුතාත් මේකට කොහෙන් හරි ගෑවිලා ඇති…”

විපරම් බැල්මක් මවෙත හෙළමින් ඈ කීවාය.

“මොකද වුණේ ළමයෝ…?”

තව දුරටත් මෙය සඟවා පළක් නැත. විහඟට සුදු හුණු ගා මාද කරන්නේ වරදකි. ශීලා බීම සාදාගෙන යෑමට පැමිණි කාරණයේ පටන් මම සියල්ල ඈ හා පැවසීමි.

“පේනවද මේකාගේ තරම… මෙහෙම දෙයක් මගේ වහලේ යට ආයෙමත් කරන්න තරම් මොන හයියක්ද… මොන අසික්කිත වැඩද මේ… මහ ගෑණිට පේන්න අරින්නනේ තිබුණේ…”

“මැඩම් කේන්තිගන්න එපා… විශාකා මැඩම් මේවා ඇස් දෙකටම දැක්කත් කියයි… මේ හැමදේටම වැරදි මැඩම් කියලා… මැඩමුත් දැනුවත්වම මේ දේවල් වෙනවා කියලා… මං ඒකයි විහඟ සර්ට මේ ගැන කියන්න ගියේ…”

“අන්තිමේදි නරක නම ඔය ළමයට… විශාකා එනකොටත් අර කෙල්ල රූම් එකේ හිටියද එහෙනම්…?”

“බාත් රූම් එකේ…”

සමච්චලය මුසු හඬින් මම කීවෙමි.

“මං අද එයාට ලාස්ට් වෝර්නින් එක දෙන්නම්කෝ… එක්කෝ ඉඳියි… නැත්නම් යයි… නෙයිනාඩගම් නටන්න ඉඩ දෙන්න බැහැ මගේ ගෙදර…”

ඈ දැඩි හඬින් කීවාය.

“මැඩම් කේන්ති අරන් විහඟ සර්ට කෑගහන්න යන්න එපා… විහඟ සර් ඔහොම හැසිරෙන්නෙත් එයාට තවම හරි හැටි ආදරයක් නොලැබුණ නිසා… එහෙම ආදරයක් ලැබුණු දාට එයා ඔහොම වෙන එකක් නැහැ… ආදරයක් කරුණාවක් නැතිවුණාම කවුරු වුණත් ඒක කොහෙන් හරි ලබාගන්න හදනවා… එයාලා හිතන්නේ ආදරේ කියන්නෙ කාමරයකට යන එක කියලා…”

ඈ සුසුමක් හෙළුවාය.

“මට පුදුමයි ළමයෝ ඔයා හිතන විදිය…”

මම මඳහසක් පෑවෙමි.

විහඟ යළි පැමිණියේ සවස පහත් පසුවීය. ඔහු විශාකා මහත්මියව නිවසට යවා පැමිණි තරුණියවත් පිටත් කර යැවූ බව මා හා කීවේ ශීලාය. ඔහු මට මුහුණ දීමට නොපැමිණියේ ලැජ්ජාව නිසා වන්නට ඇත. මමද ඔහු නොසළකා හැරියෙමි. විනිෆ්‍රීඩා මහත්මිය ඔහුව ළඟ තබාගෙන දොස් පවරන විට මම පිටතට පැමිණියේ නිර්මාණිට ඇමතුමක් ගැනීමේ අරමුණිනි. මිදුලේ බංකුව මත හිඳගෙන මම ඈ හා පිළිසඳරේ යෙදුණෙමි. මට ඈ හා නිදහසේ කතා බහ කිරීමට ඉඩක් නොලැබුණ තරම්ය.

“සංජීව් මොකද කියන්නේ නිරූ… එයා එක්ක කතාකළාද… අම්මලා මොකද කිව්වේ…?”

“මං අම්මට කිව්වා… මං මේකට කැමති නැහැ කියලා… එයාලා මට වද කළොත් මං ආයේ ගෙදර එන්නෙත් නැහැ කියලා…”

“ඉතින්…?”

“කා එක්ක හරි සම්බන්ධයක් තියනවා නම් ඒක හරි කරගන්නලු… එයාලා බාධා කරන්නේ නැහැලු… එහෙම කියලා… මං කොහොමද සංජීව් ගැන ගෙදරට කියන්නේ…?”

“ඉතින් සංජීව් මොකද කියන්නේ…?”

“මාව වෙන කාටවත් අයිතිවෙන්න දීලා එයාට බලන් ඉන්න බැරිලු…”

“එයාගේ කරගන්නත් එයාට වුවමනාවක් නැහැනේ… ඒක හරි අසාධාරණයි නිරූ…”

“කොලේක අත්සන් නොකළාට… අපි දැන් මැරි කළා වගේ තමා අරවින්දි… ප්‍රශ්නයක් නැතිව අපි දෙන්න ඉන්නවානේ…”

“ඒත් නිරූ… අනාගතේ… ඔයා ගැහැණියක්… තනියම ජීවත්වෙන්නේ කොහොමද…? ඒකත් හිතන්න… වයසට ගිය කාලෙක කවුද බලන්නේ…?”

ඇගේ උස් සිනා හඬ මා සවනට ගළා එනවිට මා තුළ ඇතිවූයේ මවිතයකි.

“මොකද මෝඩයෝ හිනාවෙන්නේ…?”

නොසතුටෙන් මම ඇසීමි.

“හිනා යනවා… ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ… වයසට යනකොට කවුද බලන්නේ…? අපි මැරි කරන්න ඕන දරුවෝ හදන්න ඕන වයසට ගියාම අපිව බලාගන්න අපිට සළකන්න කියන හැඟීමෙන්ද… අනික දරුවෝ බලයි කියලා අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන්ද… එහෙම දරුවෝ බලනවා නම් මේ රටේ ලෝකේ මහළු මඩම් තියෙන්න විදියක් නැහැ… ඒක මහ මෝඩ විකාර කතාවක් අරවින්දි…”

ඈ කියන්නේද සත්‍යයකැයි වැටහුණු බැවින් මම ඇයත් සමඟ වාද කිරීමට නොගියෙමි.

“අනේ මන්දා… මට ඕවා තේරෙන්නේ නැහැ… ඒත් ඔයා සංජීව් එක්ක කතා කරලා තීරණයක් අරගන්න…”

“මං කවදාවත් එයාට බලපෑමක් කරන්න යන්නේ නැහැ… කාලයට ඉඩ දීලා එන විදියකට ජීවිතේට් මූණ දෙනවා…”

ඈ කීවේ සැහැල්ලු හඬකිනි. කතාබහ නිම වීත් මොහොතක් ගතවන තුරුම මම සිතමින් සිටියේ ඈ කී දේවල් ගැනය. නිර්මාණි තුළ වූ දිරිය ආත්ම ශක්තිය බිඳක් හෝ මා තුළ වූවා යැයි කියා මම නොසිතමි. අනාගතය ගැන පවා මා සිතේ වූයේ බියකි. විවාහයක් ගැන මා තවම සිතා නැති මුත් යම් දිනක මට සිදුවන්නේ අම්මා තාත්තා කැමති අයකු හා විවාහ වන්නට යැයි සිතන විටත් මා සිතේ ඇති වූයේ බියකි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...
- Advertisement -spot_img

දරුඵල අහිමි කරන හෝමෝන තත්වය

දරුඵල අහිමි කරන හෝමෝන තත්වය - PCOS Polycystic Ovary Syndrome (PCOS) කියන්නෙ කාන්තාවන්ට බහුලව තියෙන තත්වයක්. ඇත්තටම මේක හෝමෝන සම්බන්ධ...

රත් දෝතළු – 54

රත් දෝතළු - 54 කේෂව මා ගැන කුමක් ඇසුවාද.? මා ඉතේ ඇති වූයේ හදිසි බියකි. "මං ගැන මොනවද ඇහුවේ...?" සිතේ වූ තිගැස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you