NovelsRath Dothaluරත් දෝතළු - 52

රත් දෝතළු – 52

-

spot_img

රත් දෝතළු – 52

කෑම කාමරයේම හිඳගෙන තිදෙන එකතුව කතාබස් කරන අතරේ මම මුළුතැන්ගෙය අස්පස් කළෙමි.

“අද ඔයාලගේ අම්ම ආව…”

විනිෆ්‍රීඩා මහත්මිය ඒ අතරේ කියනු මා සවන් වැකිණි.

“ආහ්… එයා ආවද… කවද්ද ගොඩ බැහැලා තියෙන්නේ…?”

විහඟගේ හඬේ පිරිණු උපහාසය හඳුනාගැනීමට මට අපහසු නොවීය.

“ඔව්… ඔව්… ගොඩ බැහැලා…”

විනීෆ්‍රීඩා මහත්මියද කීවේ එයටම සරිලන හඬකිනි.

“එයා මොනවද කියන්නේ සුදු මම්මා…?”

අහස් විමසුවේය.

“එයා කියන ඒවා කියලා වැඩක් නැහැ පුතා… එයා ඇවිත් කරන්නේ මගේ ඇඟේ ලේ ටික පුච්චන එකනේ…”

“එයාට මෙහේ එන්න එපා කියලා තියනකොටත් එයා එනවානේ… සුදු මම්මා කේන්ති ගන්න එපා…”

“කේන්ති ගන්න නෙවේ… ඔයා ඉන්න තිබුණේ ඒ වෙලේ… කේන්ති ගන්නවද කේන්ති එනවද බලන්න… ඔයාලා එයාට කෝල් නොකරන එකත් මගේ වැරැද්ද…”

“එයාට කෝල් කරන්න ලංකාවේ හිටියානේ… අනික ඉතින් එයා කවද්ද අපි ගැන හොයලා බැලුවේ… එයාට ඊට වඩා රාජකාරී තියෙනවානේ…”

විහඟගේ හඬේ එවර වූයේ උපහාසයට වඩා කලකිරීම් මුසු බවකි. අහස් නම් නිහඬය. මෙතන රැඳි ඔවුන්ගේ කතාබහට සවන් දීමේ වුවමනාවක් මට නොවීය. ඒ නිසා මම වලන් පිඟන් ඉක්මනින් සෝදන්නට වූයෙමි.

“ඔක්කොටම වඩා මට තරහා මොකුත් නෙවේ… එයාට රොසෑන් වත් මුණ ගැහිලා මදිවට… ලංකාවට ආවාම මෙහෙත් එන්න කියලා…”

ඒ සමඟම පුටුවක් හඬ නගා ඇදී යන හඬින් තිගැස්සී ගිය මම වහා හැරී බැලීමි. අහස් අසුනින් නැඟී සිටියේ මිටි මොළවා ගත් දෑතින් වේගවත් පහරකින් මේසයට පහරදීගෙනය. ඔහු කෝපයට පත්ව සිටි අතර දෑස් වලින් පවා ගින්දර පිටවන්නාක් මෙනි. මින් පෙර කවදාවත් ඔහු කෙරෙන් මෙවන් ස්වරූපයක් නොදුටු මා තුළ තැති ගැන්මක් ඇති විය. ඔහු පැමිණි විගස විනිෆ්‍රීඩා මහත්මිය මෙය නොදැන්වීම නම් වාසනාවකි.මෙතෙක් සන්සුන්ව සිටි ඔහු රොසෑන්ගේ නම ඇසූ සැණින් මෙසේ කෝපයට පත් වූවා නම් හදිසියේ හෝ ඈ මෙහි පැමිණියා නම් කුමක් සිදුවනු ඇතිද ? ඔහු ඇයට මෙතරම් වෛර කිරීමට හේතුව කුමක් විය හැකිද.?

“කලබළ නොවී ඉන්නකෝ පුතේ… ඉඳගන්න… ඉඳගන්න…”

වඩා මෘදු හඬකින් විනිෆ්‍රීඩා මහත්මිය කීවේ ඔහු සන්සුන් කරන අදහසිනි.

“බිග් බ්‍රෝ… කූල්… සිට්… හියර්…”

අහස් යළි අසුන මතට ඇද වැටුණේය. මම වහා දෑත් සෝදාගෙන පිටතට පැමිණියෙමි. මිදුලේ සිමෙන්ති බංකුව මත හිඳගෙන මම අහස දෙස බලා සිටියෙමි. අහස මත තැනින් තැන නිවී නිවී දිලෙන තාරකා රහස් ඉඟිකරන්නාක් මෙනි. බංකුව මත සීතලක් වුවද මට නැඟිට යාමට සිත් නොවීය. අහස් මෙන්ම විනිෆ්‍රීඩා මහත්මියගේ කතාබහ තවම අවසන් වී නැතුවා විය යුතුය. ඔහුට මේ තරමට කෝප ගැනීමට තරම් හේතු වූ කාරණය කුමක්ද කියා මට මම සිත වෙහෙසා සිතන්නට වූයෙමි. රොසෑන් යනු ඔහුගේ කලින් පෙම්වතිය වන්නට ඇතැයි අනුමානයක් මේ වන් විටත් මා සිතේ විය. මා සිතුවිලි අතරේ වල්මත්ව සිටින විට අහස් මා වෙත ආවේය. මම වහා අසුන මතින් නැඟී සිටියෙමි.

“ඉඳගන්න අරවින්දි… ඇයි නැඟිට්ටේ…?”

මඳහසක් මුවේ තවරාගෙන ඔහු ඇසීය. මේ මීට පෙර කේන්තියෙන් මුහුණ අඳුරු කරගත් අහස්මද කියා මට නොසිතා බැරි විය. ඔහු බංකුව කෙළවරක හිඳගෙන මටද හිඳගන්නැයි කීවද මම පසුබට වූයෙමි.

“මං ඔයාව ගිලින්නේ නැහැ…”

මා මුවේ සිනහවක් නංවමින් ඔහු කීය.

“එහෙම හරි නැහැනේ සර්…”

“මොකක්ද හරි නැත්තේ… මෙතනින් ඉඳගන්න කිව්ව එකද… නැත්නම් මං ඔයාව ගිලින්නේ නැහැ කිව්ව එකද…?”

එවර මා මුවින් පිටපැන්නේ උස් සිනා හඬකි.

“මං කිව්වේ සර් ළඟ වාඩිවෙන එක හොඳ නැහැ කියලා…”

“මට බෝවෙන ලෙඩ නැහැ…”

“අනේ… සර්…”

මට කියවිණි.

“හරි… දැන් හොඳ නැත්තේ මං ගාව මේ බංකුව උඩ වාඩිවෙන එකද.? එකට වාඩි වෙලා වාහනේ යන්න හොඳයි… එකට වාඩි වෙලා කෑම කන්න හොඳයි… මෙතන වාඩි වුණාම හරි නැහැ…”

ඔහු නොමනාපයෙන් මෙන් කීවේය. ඔහු සමඟ කතා කර බේරෙන්නට නොහැකිය.

“සර් එක්ක නඩු කිව්වොත් නඩු කාරයොත් පරාදයි…”

එසේ කියමින් මම බංකුව මත හිඳහතිමි. ඔහු උස් හඬින් සිනහසුණේය. කතා බහක් නොමැතිව තත්පර ගාණක් ගතවන්නට ඇත.

“මොනවද මෙතන්ට වෙලා කල්පනා කර කර හිටියේ…?”

ඔහු අසනවිට මා දෑස් අහස දෙසට යොමු වූයේ නිතැනිනි. වලා අතරින් බොඳව ගිය අඩ සඳක් මා නෙත ගැටිණි. මා ඔහු පිළිබඳව සිතුවා කියා කියන්නට නොහැකිය. මෙහි පැමිණ මසකට ආසන්නය. නිවැසියන් බැලීමට යෑමට වුවමනා වුවද විනිෆ්‍රීඩා මහත්මිය තනිව දමා යන්නට නොහැකිය. සුසුමක් මුදාහළ මා අහස් දෙස බලන විට මා නෙත ගැටුණේ සඳළුතලයට වී අප දෙස බලා සිටින විහඟවය. තිගැස්මක් මා සිතේ ඇති වන විට ඔහු වහා හුන් තැනින් මෑත්ව නොපෙනී ගියේය.

“ඒ පාර හූල්ලන්නේ… මොකෝ ගෙදර මතක් වුණාද…?”

ඔහු මවෙත හැරී විමසුවේය.

“ඇයි සර් එහෙම ඇහුවේ…?”

“නැහැ නිකමට… අහස දිහා බලන් හූල්ලන්න තරම් දෙයක් ඔයාට නැහැනේ…”

එවර මා මුවට සිනහවක් නැඟිණි.

“අහස දිහා බලන් හීල්ලුවේ නැති වුණාට ගෙදර අයව නම් ඕන තරම් මතක් වෙනවා සර්…”

“සමහර දේවල් නොහූල්ලාම අපිට නිහඬවම දරාගන්න වෙනවා…”

ඔහුට හූල්ලන්නට තරම් දේවල් තිබිය හැකිද කියා මම සිතුවෙමි.

“ඔයා ඇවිත් මාසයක් වෙන්නත් එනවා නේද…?”

“ඔව්නේ…”

“ඔයා මෙහෙ ඉන්නේ සතුටින්ද… කැමැත්තෙන්ද…?”

“අනේ ඔව් සර්… හුඟාක් කැමැත්තෙන්… හුඟාක් සතුටිනි… මැඩම් මට සළකන්නේ එයාගෙම දුවෙක්ට වගේ…”

“ඉතින් ඔයාත් එහෙමනේ…”

“මං මැඩම්ට ආදරෙයි…”

“ඔව්… මං ඒක දන්නවා… ඒක නෙවේ… කවද්ද ගෙදර යන්නේ…?”

“මැඩම් ගාව කවුරුවත් නැහැනේ…”

“නැහැ… ශීලා එයි… මං කෝල් කළා… මටත් ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩ ටික මං ගෙදර ඉඳන් කරගන්නම්… ඔයා ගිහින් එන්න…”

ඔහු එසේ පවසාවි යැයි මම නොසිතුවෙමි. මම එයට එකඟව හිස සැළීමි

“තව දෙයක් අරවින්දි…”

ඒ කුමක්දැයි මම් බැලුවේ කුහුල් දෑසිනි.

“ඔෆිස් එකේ වැඩ ගොඩයි… ඔයා ගෙදර ගිහින් ආවාට පස්සේ මට ඒ ටික කරගන්න ඕන… මං ඒකට ඔයාට අමතර ගාණක් ගෙවන්නම්…”

“මට කරන්න පුළුවන් වෙයිද සර්…?”

“අපෝ පුළුවන්… මං කියලා දෙන්නම්…”

මඳහසක් පාමින් කී ඔහු බංකුව මතින් නැඟී සිටින විට මමද නැඟී සිටියෙමි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you