NovelsShort Storiesප්ලාන්ට් වීදියේ යාචකයා

ප්ලාන්ට් වීදියේ යාචකයා

-

spot_img

ප්ලාන්ට් වීදියේ යාචකයා – Dead Man Walking

ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ.

“Anything Helps “

“God Bless! “

මම ඔහුව දකින්නට නිහඬවම හිස යොමමි. හෙතෙම මගේ බැල්ම මග හරියි. ඔහු මගේ මෝටර් රථය වෙත ළඟා නොවෙන්නැයි මම ප්‍රාර්ථනා කරමි. ඔහු මෙතැනට ළඟා වීමට පෙර සංඥා පුවරුවේ කොළ පැහැය දැල්වෙනවා නම් හොඳය. නමුත් ඔහු පැමිණ රථයේ කවුළුවට තට්ටු කරයි. මම ඔහුගේ දෑස් දෙස බලමි. ඔහුගේ රැලි වැටුණ මුහුණේ තීන්ත ආලේප කර ඇත. මේ මිනිසාට අවුරුදු පනහක් පමණ වන්නට ඇත. ඉරි වැටුණ කමිසයේ ඉදිරිපස පැල්ලම් තැවරී තිබේ. ගිම්හානයේ උණුසුම නොතකා ඔහු ඉරී ගිය හමුදා කොළ පැහැති ජැකට්ටුවක් ඇඟලා සිටියි. රිය කවුළුව නිසාවෙන් මට ඔහුගේ දුඟද දැණුනේ නැත. ඔහු දිගටම කවුළුවට තට්ටු කරයි. මම නොසන්සුන් වුණෙමි. ඔහු හැම මෝටර් රථයක් අසලටම යයි. මම මුදල් නොදුන්නෙමි. මට මේ මිනිසා ගැන දුක හිතුණේ නැත. මම වැනි පොඩි කළමණාකරන රැකියාවක් කරන කෙනෙක් මේ මිනිසා ගැන බලාගන්නේ කොහොමද? අද මම ඔහුට මුදලක් දුන්නත්, ඔහු ඊළඟ දිනයේත් මෙලෙසම හමුවේ. මේ කාලය හැමෝටම දුෂ්කරය. රැකියාව අහිමි වුවහොත් මාද මොහුගේ තත්වයටම ඇද වැටෙන බව නිසැකය.

Dead Man Walking

මේ පුවරුවත් සහිතව, එකම ඇඳුම ඇඟලාගෙන ඉන්නා ඔහුව මට හැමදාමත් දකින්න ලැබේ. සමහර වෙලාවට පොලිසිය ඔහුට කතා කරයි. ඔහුගේ බඩු බාහිරාදිය තිබෙන්නේ කුඩා කරත්තයකයි. ඔහු ඒ බඩු පොලිසියට භාර දෙන මුත් ඊළඟ දිනයේ නැවතත් එලෙසින්ම ඔහුව දක්නට ලැබෙයි. ඔහුට ඉන්න හිටින්න තැනක් ලබා දීම රජය සතු වගකීමකි. මම කිසිදාක මේ මිනිසාගේ දෑස් දෙස නොබැලුවෙමි. ඔහුගේ ඇදී ගිය මුහුණ සමහර දවස්වල මට සිහිනෙන් පෙණුනි. ඒ හීනවල ඔහුගේ දෑස් බැබළුණේය. ඔහු උදව් ඉල්ලුවේය. සිහිනෙන් අවදිවෙන මම ඒ මිනිසාව නැවත දකින්න නොලැබේවායි යාඥා කරමි. එක් දිනක් සැබැවින්ම ඔහු පෙනෙන්නට සිටියේ නැත. මම වටපිට විපරම් කෙරුවෙමි. පොලිසිය ඔහුව එතනින් ඉවත් කරන්නට ඇති. ඔහු කොහේවත් නොසිටියේය. මගේ කාර්යාලයට පොලිසිය එනතුරු මා කිසිවක් දැන සිටියේ නැත.

Dead Man Walking

“මිස්ටර් සදර්ලන්ඩ්? අපිට ඔයාගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. යමු අපිත් එක්ක.”

“මොකටද?… ඇයි මේ?… මොකක්ද වෙලා තියෙන්නෙ?”

මම කටහඬ වඩාත් ආචාරශීලී කරමින් විමසුවෙමි. පොලිස් නිලධාරීන් දෙදෙනා එකිනෙකා වෙත බැල්මක් හුවමාරු කර ගනියි.

“අද උදේ ප්ලාන්ට් වීදියේ සිදු වූ පහර දීම සම්බන්ධව “

ඔවුන් වැරදි පුද්ගලයා අල්ලාගෙන ඇතැයි මට සිතිණි. මට බියක් දැනුනේය. අනේ දෙවියනේ! මම කාව හරි මැරුවද?

“මිස්ටර් සදර්ලන්ඩ්”

නැවතත් කතා කරන හඬ ඇසුණේය.

“මම මේක කළේ නැහැ. කවුරුහරි මගේ කාර් එක හොරකම් කරන්න ඇති ප්ලාන්ට් වීදියෙදී. මම දැක්කා අර ගෙදරක් නැති නාකි මිනිහා ඒ හරියෙ ඉන්නවා.”

“ඔහු එතන හිටියේ නැහැ” 

Dead Man Walking

මේක විහිළුවක් වෙන්න ඇති. ඒ නාකි මිනිහා පැනලා ගිහින්ද? නැත්තම් මැරිලද? පොලිසිය මාව අල්ලාගෙන ජිප් රථයට තල්ලු කෙරුවෝය. හැමෝම මා දෙස බලා සිටින්නේ අවිශ්වාසයෙනි.

“ඔහු එතන හිටියේ නැහැ?”

මම නැවත අසමි. උත්තරයක් නැත. උදව් ඉල්ලා මා කෑගසන හඬ, කිසිවෙකුට ඇසෙන්නේ නැත. මට ලැජ්ජාවක් දැනෙයි. මම යාඥා කරමි.

“කරුණාකර, කවුරුහරි මට අනුකම්පා කර මේ නපුරු හීනයෙන් මාව බේරගන්න.”

[Reedsy වෙබ් අඩවියෙහි පළවූ Dead Man Walking නැමති කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි]

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you