More
    SportsWanindu Hasaranga මගේ අරමුණ 2024 ලෝක කුසලානය.

    Wanindu Hasaranga මගේ අරමුණ 2024 ලෝක කුසලානය.

    -

    spot_img

    Wanindu Hasaranga ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (14) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේ පෙර පුහුණු ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදී පැවැත්වුනා. ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාර ලබාගත් පැතුම් නිස්සංක පුහුණුවීම් සඳහා සහබාගී වී සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟ සංචිතය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ටෙස්ට් නායක ධනංජය ද සිල්වාත් ඇතුළත්ව සිටිනවා. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    පුහුණු සැසියෙන් ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක වනිදු හසරංග මෙම තරඟාවලිය මෙන්ම එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳවද අදහස් දැක්වුවා.

    “අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ හැකි පහසුම ක්‍රමය පන්දු රැකීමයි. එක නිසා අපි වැඩි වශයෙන් අවධානය ඒ සඳහා යොමු කල යුතුයි. ලෝක කුසලානය තරගාවලියට පෙර අපට තරගමාලා තුනක් තිබෙනවා. ඒත් අපි තවත් තරගමාලාවක් ක්‍රීඩා කිරීමට අදහස් කරනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර එම තරගමාලා හතර තුළදී අපි ගොඩක් සාර්ථක විය යුතුයි”

    “අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙම කණ්ඩායම තාරුණ්‍යයේ වගේම අත්දැකීම්වල හොඳ මිශ්‍රණයක්… අපි මීට වසර දෙකකට පෙර විස්සයි-20 ආකෘතියෙන් ආසියානු කුසලානයක් දිනුවා. අපි ධනාත්මකව සිටීමට උත්සාහ කරනවා. අපි හොඳින් සෙල්ලම් කළොත් අපට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්” යයි කීවේය.

    ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි-20 තරග 9 ක් පමණ ඇති බවත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත යුතු බවත් වනිඳු හසරංග පවසනවා.

    “මම නායකයෙක් විදියට ක්‍රීඩකයන් වෙතට වැඩි පීඩනයක් දාන්න යන්නේ නැහැ. මම වුණත් පන්දු යවන්නෙක් විදියට වගේම පිත්තෙනුත් කණ්ඩායමට දායක වෙන්න ඕනා. ලෝක කුසලාන තරගාවලියට තවත් මාස පහක් තියෙනවා. ඒක තමයි අපගේ ප්‍රධාන ඉලක්කය”

    විස්සයි-20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ තණතීරු ගැන අදහස් දැක්වූ වනිදු හසරංග.

    “මම එක්සත් ජනපදයේ ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා කරලා තියෙනවා. මා හිතනවා මේ තැන් දෙකේදීම තණතීරු බොහෝ දුරට සමාන වෙයි කියලා. ඒ නිසා අපි අපේ රටේදී ගොඩක් තරග වලට සහභාගි වෙන්න ඕනේ. හොඳට ලෑස්ති වෙන්න ඕනේ”

    Photo Credit SLC

     

    Photo Credit SLC
    Photo Credit SLC
    Photo Credit SLC
    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page