NewsIsrael-Gaza war හමාස් නියෝජ්‍ය නායකයා බෝම්බ ප්‍රහාරයකින් මරුට

Israel-Gaza war හමාස් නියෝජ්‍ය නායකයා බෝම්බ ප්‍රහාරයකින් මරුට

-

spot_img

Israel-Gaza war – හමාස් හි නියෝජ්‍ය දේශපාලන නායකයෙකු වන Saleh al-Arouri, හමාස් හමුදාපතිවරුන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු සමඟ ලෙබනනයේ දකුණු Beirut හිදී ඩ්‍රෝන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය බව Lebanon මාධ්‍ය වාර්තා කරයි. ඔහු හමාස් සන්නද්ධ අංශය වන Qassam බළකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක Ismail Haniyeh ගේ සමීපතමයෙකි. ඔහු තම කණ්ඩායමත් සමඟ Hezbollah සංවිධානය හා සම්බන්ධ වී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වෙමින් පසුවූ බව වාර්තා වෙයි.

හමාස් නායකයෙකු බීරූට්හිදී ඝාතනය කිරීම ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයක් නොවන බව ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ ඔහුගේ මරණයට “දඬුවම්” දෙන බවට එහි සිටින ඊශ්‍රායලයට විරුද්ධ සතුරු පාර්ශව අනතුරු ඇඟවා ඇති හෙයිනි. ඊශ්‍රායල ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ “හමාස් නායකත්වයට එරෙහි ප්‍රහාරයකින්” හමාස් නියෝජ්‍ය නායකයා මිය ගිය බවයි. හමාස් සංවිධානය මෙම මරණය හෙළා දකින අතර, හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළේ එය ලෙබනන් ස්වෛරීත්වයට කළ පහරදීමක් බවයි. මේ අතර ලෙබනනයේ අගමැති, ඊශ්‍රායලය විසින් “ලෙබනනය ගැටුමකට ඇද දැමීමට” උත්සාහ කරන බවට චෝදනා කළේය. හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා වන හනියේ, මෙම ප්‍රහාරය හැඳින්වූයේ “බියගුලු,ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ලෙබනනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ ආක්‍රමණශීලී කවය පුළුල් කිරීමක්” ලෙසිනි.

Saleh al-Arouri

ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව දකුණු බීරූට් හි උපනගරය වන Dahiyeh හි හමාස් කාර්යාලයකට ඊශ්‍රායල විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අරෝරි මියගොස් තිබේ. එය හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස හැඳින්වේ. ගිනි නිවන භටයන් සහ පරිපූරක වෛද්‍යවරුන් එම කාර්යාලයේ තුන්වන මහලේ විශාල සිදුරක් තිබූ උස් ගොඩනැගිල්ලක් වටා රැස්ව සිටින බව Reuters ප්‍රවෘත්ති ඒජන්සියේ සාක්ෂිකරුවෙකු දැක ඇති බව වාර්තා වෙයි. සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන මගින් කාර්‍ය බහුල නේවාසික ප්‍රදේශයක ගින්නෙන් මෝටර් රථයක් සහ ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුවී ඇති බව පෙන්නුම් කරයි.

Saleh al-Arouri

ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවලට අනුව අරූරි, බටහිර ඉවුරේ හමාස් හමුදා අංශයේ නිත්‍ය නායකයා ලෙස ද සැළකේ. ඔහු 2014 වසරේ බටහිර ඉවුර අල්ලාගෙන සිටි ඊශ්‍රායල යෞවනයන් තිදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන අතර, වෙනත් ප්‍රහාර සඳහා ඊශ්‍රායල සිරගෙවල්වල කාලයක් සේවය කර ඇති බවද වාර්තා වේ. The Times of Israel පවසන ආකාරයට ඔහු ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට වඩාත් සමීපව සම්බන්ධ වූ හමාස් නිලධාරින්ගෙන් කෙනෙකි. ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu, හමාස් නායකයින් කොහේ සිටියත් තුරන් කර දමන බව මීට පෙර ප්‍රතිඥා දී තිබුණි.

-BBC News ඇසුරෙනි- by Raffi Berg & Graeme Baker.

Image Source: AFP / J Post

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you