NewsChamara Weerasinghe ICU ඉන්නෙ ඇයි?

Chamara Weerasinghe ICU ඉන්නෙ ඇයි?

-

spot_img

Chamara Weerasinghe – ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර වීරසිංහ, සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමත් සමඟම, ඔහුගේ රෝගී තත්වය පිළිබඳ සමාජය තුළ විවිධ කටකතා පැතිරෙමින් තිබේ. තුලන Mag වෙත අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති, ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පෙනහළු තුළ ඇතිවූ අබාධයක් හේතුවෙන් කෘතීම ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන් [Ventilator Machine] චාමර වීරසිංහ, දැනට එම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ [ICU] පසුවන බවයි.

පෙනහළු ආශ්‍රිත රෝගී තත්වයන්, එම රෝගීන් සඳහා Ventilator Machine භාවිතා කිරීමේ හේතුව යන කාරණා පිළිබඳව, අප කොළඹ ජාතික රෝහලේ Neuro Trauma Center හි Clinical Physiotherapist උදය සම්පත් ජයතිලක [B.sc [bio] B.sc [PT], UK Reg PT] මහතාගෙන් විමසීමක් කළෙමු.

Udaya Sampath Jayathilaka“කිසියම් රෝගියෙකුට සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමේ අපහසුවක් පවතින අවස්ථාවක තමා කෘතීම ශ්වසන ආධාරක මඟින් හුස්ම ගැනීමේ පහසුව ලබාදීම කරන්නෙ. පෙනහළු ආශ්‍රිත රෝගී තත්වය ගැන කතාකරද්දී, පෙනහළු වල සම්මත තත්වය තමා, ශරීරයට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිටකිරීම. නමුත් කෙනෙක්ට පෙනහළු වල ආබාධයක් තියනකොට ශරීරයෙන් කාබන්ඩයොක්සයිඩ් පිටකරගැනීමේ ක්‍රියාවලියට බාධා ඇතිවෙලා Consciousness level එක අඩුවෙනවා. ඒ වෙලාවට තමා යන්ත්‍රයක් ආධාරයෙන් ඒක කරන්නේ. පෙනහළු අබාධ ඇතිවන ප්‍රධාන ක්‍රම දෙකක් හඳුනාගන්න පුළුවන්. පළවෙනි එක තමා උපතේදීම ඇතිවන තත්වය. දෙවෙනි එක අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා ඇතිවන තත්වය. උපතේදීම ඇතිවන තත්වය ගැන කතාකරද්දී අඩු මාස වලින් ඉපදීම, ඇදුම වැනි නිධන්ගත රෝගත් හේතුවක් වෙනවා. අනිත් කාරණයේදී විශේෂයෙන්ම දුම්පානයට ඇබ්බැහි වුණු කෙනෙක් මේ රෝගී තත්වයට පහසුවෙන් ගොදුරු වෙනවා. ඊට අමතරව නාගරික පරිසරයක ජීවත්වෙන අයට නොයෙකුත් විෂ වායු නිතර ආඝ්‍රහනය කිරීම තුලිනුත් මෙම පෙනහළු ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්වය පාලනය කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට තමා Ventilator Machine ආධාරයෙන් ශරීරයට ඔක්සිජන් ලබාදීමත් කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් පිට කිරීමත් කරන්නේ. මේක කරන්නේ මුඛ මාර්ගයෙන් බටයක් ශ්වාසනාලයට ඇතුල් කිරීම මඟින්. ඒ අතරතුර රුධිර පරීක්ෂණ,ස්කෑන් පරීක්ෂණ මඟින් පෙනහළුවල නිව්මෝනියා තත්වය ගැන අධීක්ෂණය කරනවා. මේ තත්වයේදී තියන එක අවධානමක් තමා සමහරුන්ගේ ශ්වාසනාලය ආශ්‍රිත මාංශ පේශීන් සංකෝචනය වීම නිසා මේ බටය නැවත ශ්වාසනාලයෙන් ගැලවීමේදී අපහසුතා ඇතිවන එක. නමුත් ඒක බොහොම කලාතුරකින් සිද්ධවෙන දෙයක්.”

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you