තේ වෙලාවට රිබන් කේක් එකක් – Ribbon Cake
තේ වෙලාවට වගේම උත්සව අවස්ථාවලටත් ගැලපෙන, කවුරුත් කන්න කැමති රිබන් කේක්, සොෆ්ට් එකට රසට ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියලා බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 250g 
කැස්ටර් සීනි -250g
පාන් පිටි 250g
බිත්තර 4 ක්
බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
වැනිලා තේ හැන්දක්
කිරි මේස හැඳි 2 – 3 ක් (අවශ්‍ය නම්)
කලරින් (රෝස, කොළ හෝ කැමති පාටක්)
• සාදාගන්නා ආකාරය
ඉස්සෙල්ලම බටර් සහ සීනි එකට එකතු කරලා බීට් කරන්න. මේකට බිත්තර එකින් එක එකතු කරමින් ක්‍රීම් ගතියට බීට් කරගන්න. ඊට පස්සෙ වැනිලා තේ හැන්දක් එකතු කරන්න.
ඊළඟට පාන් පිටි සහ බේකින් පවුඩර් එකට එකතු කරලා හලා ගෙන බීට් කරගත්ත බටර් එකට පිටි ටික ටිකෙන් ටික එකතු කරමින් කවලම් කරන්න.




