Fashion and Beautyතරුණකම රැකදෙන කොලැජන්

තරුණකම රැකදෙන කොලැජන්

-

spot_img

තරුණකම රැකදෙන කොලැජන් – collagen

ලස්සන සමක් ගැන කතා කරනකොට නිතරම ඇහෙන වචනයක් තමයි කොලැජන් (collagen) කියන්නෙ. ඇත්තටම මොනවද මේ? කොලැජන් අපේ සිරුරට වැදගත් ඇයි සහ ඒවගෙන් මොකක්ද සිද්ධ වෙන්නෙ? අපේ සිරුරෙ තියෙන අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් වලින් එකක් තමයි කොලැජන් කියන්නෙ. නිරෝගී, සුන්දර සමක් සඳහා කොලැජන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම සමේ තරුණ පෙනුම රැක ගැනීමටත් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ කොලැජන් කියන ප්‍රෝටීන් වර්ගය සිරුරේ පටක එකට තද කරලා තියාගන්න ශක්තිමත් ගම් එකක් විදිහට ක්‍රියාකරනවා. අපේ සම, අස්ථි, කාටිලේජ ඇඟේ හැමතැනම තියෙන පටක ඇතුළෙ කොලැජන් තියෙනවා. ඒ වගේම කොලැජන් සමට නම්‍යශීලී බවත්, සුමුදු බවත් ලබා දෙනවා. 

collagen

• කොලැජන් වර්ග

සාමාන්‍යයෙන් අපේ සිරුරෙ කොලැජන් වර්ග 28 ක් තියෙනව. ඒ හැම එකක්ම විවිධ කාර්යයන් ඉටු කරනව. මේ අතරින් වර්ග පහක් සුවිශේෂියි.

1 වැනි වර්ගය

මේක තමයි අපේ සිරුරෙ වැඩිපුරම තියෙන කොලැජන් වර්ගය. සම, අස්ථි වගේ තැන්වල දකින්න ලැබෙන මේ කොලැජන් වර්ගය සම ශක්තිමත් සහ නම්‍යශීලී කරනවා.

2 වැනි වර්ගය

මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නෙ කාටිලේජවල.

3 වැනි වර්ගය

මේක 1 වැනි කොලැජන් සමග දක්නට ලැබෙනවා. සමේ නම්‍යශීලී බවට දායක වෙනවා.

4 වැනි වර්ගය

සමේ ස්ථර වල දකින්න ලැබෙනවා.

5 වැනි වර්ගය 

 

මේ කොලැජන් වර්ගය සිරුරේ සමහර පටක සහ හිසකෙස්වල දකින්න ලැබෙනවා.

සම සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නෙ 1 සහ 3 වැනි වර්ගයේ කොලැජන්. ඒවා සමේ ව්‍යුහය පවත්වා ගැනීමට සහ නම්‍යශීලී බව පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ගොඩක් skincare products වල මෙම කොලැජන් වර්ග අඩංගු වෙන්නෙ ඒ නිසා.

• සිරුරට කොලැජන් ලැබෙන්නෙ කොහොමද? 

 

අපි ලබා ගන්නා ආහාරවල තියෙන ඇමයිනෝ අම්ල භාවිතයෙන් සිරුරේ ස්වභාවිකවම කොලැජන් නිෂ්පාදනය වෙනවා. නමුත් මේ ස්වභාවික කොලැජන් නිපදවීම වයස විසි ගණන්වල මැද කාලෙදි ටිකෙන් ටික අඩුවෙන්න ගන්නවා. එවිට තමයි සමේ වියපත් වීමේ සලකුණු ටිකෙන් ටික මතුවෙන්න ගන්නෙ.

• සිරුරට කොලැජන් ලබා දෙන ආහාර වර්ග.

* කුකුළු මස්, මාළු, බිත්තර collagen

* බෝංචි, කොළ පැහැති එළවළු

* විටමින් C සහිත ආහාර

• නිරෝගී සමක් සඳහා කොලැජන් අවශ්‍ය ඇයි?

* සම සිනිඳු වීමට සහ රැලි වැටීම වළක්වා ගැනීමට

* තරුණ පෙනුම සුරැකීමට

* සමේ නම්‍යශීලීබව පවත්වා ගැනීමට.

• කොලැජන් අවම වීමට හේතු

* හිරු එළියට නිරාවරණය වීම 

collagen

දිනපතා හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ කොලජන් ප්‍රමාණය අඩුවෙන අතර මෙය සම රැළි වැටීමට හේතු වේ.

* දුම්පානය

සිගරට් දුම සමට රුධිරය සැපයීමට බාධා කරන අතරම කොලජන් ප්‍රෝටීන් වලට හානි කරනවා.

* පෝෂණය අඩුකම

ප්‍රමාණවත් ප්‍රෝටීන් සහ විටමින් C සහිත ආහාර නොගැනීම සහ සීනි අධික ආහාර භාවිතය.

* ආතතිය සහ නින්ද නොමැතිකම

ආතතිය සිරුරේ කෝටිසෝල් මට්ටම ඉහළ නංවන අතර එමනිසා කාලයත් සමඟ කොලැජන් නිපදවීම අඩු කරන්න පුළුවන්. එමෙන්ම හොඳ නින්දක් අවශ්‍යයි.

• සමේ කොලැජන් නිපදවීම වැඩි කරගන්නෙ කොහොමද? collagen

* හොඳ skincare routine එකක් පවත්වා ගන්න. සම හොඳින් පිරිසිඳු කිරීමත්, විටමින් C සහිත නිෂ්පාදන පාවිච්චි කිරීමත් වැදගත්.

* SPF සහිත day cream එකක් හෝ sunscreen එකක් පාවිච්චි කිරීම සහ Night cream එකක් පාවිච්චි කිරීම.

* පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම. වැඩිපුර ප්‍රෝටීන් සහ විටමින් සහිත ආහාර ගන්න.

* අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.

* සැහැල්ලුවෙන් සිටින්න සහ සුවබර නින්දක් ලබා ගන්න.

* ඒ වගේම අපිට supplements විදිහට (collagen powder, capsules) කොලැජන් ලබා ගන්නත් පුළුවන්.

සම වියපත් වීම ස්වභාවික දෙයක්. නමුත් ඔබ ඔබට ලබා දෙන රැකවරණයෙන්, ඔබේ පෙනුම, සිරුර ගැන සැලකිලිමත් වීමෙන් තරුණ පෙනුම දිගුකල් පවත්වාගන්න පුළුවන්.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you