More
    Fashion and Beautyතරුණකම රැකදෙන කොලැජන්

    තරුණකම රැකදෙන කොලැජන්

    -

    spot_img

    තරුණකම රැකදෙන කොලැජන් – collagen

    ලස්සන සමක් ගැන කතා කරනකොට නිතරම ඇහෙන වචනයක් තමයි කොලැජන් (collagen) කියන්නෙ. ඇත්තටම මොනවද මේ? කොලැජන් අපේ සිරුරට වැදගත් ඇයි සහ ඒවගෙන් මොකක්ද සිද්ධ වෙන්නෙ? අපේ සිරුරෙ තියෙන අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් වලින් එකක් තමයි කොලැජන් කියන්නෙ. නිරෝගී, සුන්දර සමක් සඳහා කොලැජන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම සමේ තරුණ පෙනුම රැක ගැනීමටත් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ කොලැජන් කියන ප්‍රෝටීන් වර්ගය සිරුරේ පටක එකට තද කරලා තියාගන්න ශක්තිමත් ගම් එකක් විදිහට ක්‍රියාකරනවා. අපේ සම, අස්ථි, කාටිලේජ ඇඟේ හැමතැනම තියෙන පටක ඇතුළෙ කොලැජන් තියෙනවා. ඒ වගේම කොලැජන් සමට නම්‍යශීලී බවත්, සුමුදු බවත් ලබා දෙනවා. 

    collagen

    • කොලැජන් වර්ග

    සාමාන්‍යයෙන් අපේ සිරුරෙ කොලැජන් වර්ග 28 ක් තියෙනව. ඒ හැම එකක්ම විවිධ කාර්යයන් ඉටු කරනව. මේ අතරින් වර්ග පහක් සුවිශේෂියි.

    1 වැනි වර්ගය

    මේක තමයි අපේ සිරුරෙ වැඩිපුරම තියෙන කොලැජන් වර්ගය. සම, අස්ථි වගේ තැන්වල දකින්න ලැබෙන මේ කොලැජන් වර්ගය සම ශක්තිමත් සහ නම්‍යශීලී කරනවා.

    2 වැනි වර්ගය

    මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නෙ කාටිලේජවල.

    3 වැනි වර්ගය

    මේක 1 වැනි කොලැජන් සමග දක්නට ලැබෙනවා. සමේ නම්‍යශීලී බවට දායක වෙනවා.

    4 වැනි වර්ගය

    සමේ ස්ථර වල දකින්න ලැබෙනවා.

    5 වැනි වර්ගය 

     

    මේ කොලැජන් වර්ගය සිරුරේ සමහර පටක සහ හිසකෙස්වල දකින්න ලැබෙනවා.

    සම සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නෙ 1 සහ 3 වැනි වර්ගයේ කොලැජන්. ඒවා සමේ ව්‍යුහය පවත්වා ගැනීමට සහ නම්‍යශීලී බව පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ගොඩක් skincare products වල මෙම කොලැජන් වර්ග අඩංගු වෙන්නෙ ඒ නිසා.

    • සිරුරට කොලැජන් ලැබෙන්නෙ කොහොමද? 

     

    අපි ලබා ගන්නා ආහාරවල තියෙන ඇමයිනෝ අම්ල භාවිතයෙන් සිරුරේ ස්වභාවිකවම කොලැජන් නිෂ්පාදනය වෙනවා. නමුත් මේ ස්වභාවික කොලැජන් නිපදවීම වයස විසි ගණන්වල මැද කාලෙදි ටිකෙන් ටික අඩුවෙන්න ගන්නවා. එවිට තමයි සමේ වියපත් වීමේ සලකුණු ටිකෙන් ටික මතුවෙන්න ගන්නෙ.

    • සිරුරට කොලැජන් ලබා දෙන ආහාර වර්ග.

    * කුකුළු මස්, මාළු, බිත්තර collagen

    * බෝංචි, කොළ පැහැති එළවළු

    * විටමින් C සහිත ආහාර

    • නිරෝගී සමක් සඳහා කොලැජන් අවශ්‍ය ඇයි?

    * සම සිනිඳු වීමට සහ රැලි වැටීම වළක්වා ගැනීමට

    * තරුණ පෙනුම සුරැකීමට

    * සමේ නම්‍යශීලීබව පවත්වා ගැනීමට.

    • කොලැජන් අවම වීමට හේතු

    * හිරු එළියට නිරාවරණය වීම 

    collagen

    දිනපතා හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ කොලජන් ප්‍රමාණය අඩුවෙන අතර මෙය සම රැළි වැටීමට හේතු වේ.

    * දුම්පානය

    සිගරට් දුම සමට රුධිරය සැපයීමට බාධා කරන අතරම කොලජන් ප්‍රෝටීන් වලට හානි කරනවා.

    * පෝෂණය අඩුකම

    ප්‍රමාණවත් ප්‍රෝටීන් සහ විටමින් C සහිත ආහාර නොගැනීම සහ සීනි අධික ආහාර භාවිතය.

    * ආතතිය සහ නින්ද නොමැතිකම

    ආතතිය සිරුරේ කෝටිසෝල් මට්ටම ඉහළ නංවන අතර එමනිසා කාලයත් සමඟ කොලැජන් නිපදවීම අඩු කරන්න පුළුවන්. එමෙන්ම හොඳ නින්දක් අවශ්‍යයි.

    • සමේ කොලැජන් නිපදවීම වැඩි කරගන්නෙ කොහොමද? collagen

    * හොඳ skincare routine එකක් පවත්වා ගන්න. සම හොඳින් පිරිසිඳු කිරීමත්, විටමින් C සහිත නිෂ්පාදන පාවිච්චි කිරීමත් වැදගත්.

    * SPF සහිත day cream එකක් හෝ sunscreen එකක් පාවිච්චි කිරීම සහ Night cream එකක් පාවිච්චි කිරීම.

    * පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම. වැඩිපුර ප්‍රෝටීන් සහ විටමින් සහිත ආහාර ගන්න.

    * අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.

    * සැහැල්ලුවෙන් සිටින්න සහ සුවබර නින්දක් ලබා ගන්න.

    * ඒ වගේම අපිට supplements විදිහට (collagen powder, capsules) කොලැජන් ලබා ගන්නත් පුළුවන්.

    සම වියපත් වීම ස්වභාවික දෙයක්. නමුත් ඔබ ඔබට ලබා දෙන රැකවරණයෙන්, ඔබේ පෙනුම, සිරුර ගැන සැලකිලිමත් වීමෙන් තරුණ පෙනුම දිගුකල් පවත්වාගන්න පුළුවන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    රත් දෝතළු – 16

    රත් දෝතළු - 16 මාවතේ ඇදී යන රථ වාහන වල ශබ්දයෙන් පරිසරය පිරී තිබිණි. මෙම ශබ්ද මට තවමත් නුහුරුය. නිර්මාණි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page