Artයතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා

යතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා

-

spot_img

යතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා – Backrooms

මිනිස්සු විදිහට අපි කවුරුත් 100% ක්ම perfect නැහැ. මිනිස්සුන්ට තියෙන පසුතැවීම්, මුහුණ දෙන්න වුණ අසාර්ථකවීම් සමහර වෙලාවට බිඳුණු මනුස්සයෙක්ව නිර්මාණය කරනවා. ඔහු හෝ ඇයගෙ මනසෙ පැළපැදියම් වෙන මේ පීඩාකාරී සිතිවිලිවලින් ගැළවෙන එක හරිම අසීරුයි. ගොඩක් වෙලාවට අපි ඇත්ත කියලා විශ්වාස කරන දේවලුත් සැබෑ යථාර්ථයත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි විසින්ම නිර්මාණය කර ගත්ත ලෝකෙක හිරවෙලා ජීවත් වෙනකොට යථාර්ථය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ සීමිත වෙලා යනව. යථාර්ථය කියලා අපි විකෘතියකට රැවටිලා ඉන්නව වෙන්නත් පුළුවන්. එතකොට අපි විසින්ම නිර්මාණය කරගත්තු ප්‍රශ්න, ආතතියට කොටුවෙලා හැමදාම එකම තැන කැරකි කැරකි ඉන්න වෙනවා. ඒක හරියට පිටවීමක් හොයාගන්න අසීරු එකම විදිහෙ rooms ගොඩක කැරකි කැරකි එහාට මෙහාට යනව වගේ දැනෙන මහ වෙහෙසකාරී අත්දැකීමක්. 

Backrooms

1990 අවුරුද්දෙදි Async Research Institute කියන කම්පැනි එකේ පර්යේෂක නරේන් වෝර්න් Backrooms කියන අද්භූත අවකාශයක අතරමං වෙනව. මේක කහපාට කාමර, දිග කොරිඩෝ , විදුලි එළි සහ විකාර පෙනුමක් තියෙන ගෘහ භාණ්ඩවලින් පිරුණ තැනක්. මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනකොට ඔහුට තේරෙනව මෙතන ඉන්නෙ තමන් විතරක් නොවෙන වග. ඒ අතීතයට අයත් සිදුවීමක්.

Backrooms

ගෘහ භාණ්ඩ වෙළඳසල් හිමිකරුවෙක් වුණ ක්ලාක් ජීවත්වුණේ කැලිෆෝනියාවේ සැන් ජෝසේවල. අසාර්ථක විවාහ ජීවිතයක් නිසා මත්පැන්වලට ඇබ්බැහි වුණ ක්ලාක් මේරි ක්ලයින් කියන මනෝ වෛද්‍යවරියගෙන් උපදෙස් ලබා ගත්තා. එක දවසක් රෑ තමන්ගෙ shop එකේ තනිවුණ ක්ලාක්ට අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෙළඳසලේ බිත්තියක් ඇතුලෙන් ලිස්සගෙන ගිය ක්ලාක් ඇවිත් තිබුණෙ Backrooms කියන තැනට. කොහොම හරි ආයෙමත් එන්න වාසනාවන්ත වුණ ක්ලාක් මේ ගැන මේරිට කිව්වත් ඇය ඒ කතාව විශ්වාස කරේ නැහැ. ඉතින් ඔහු සූදානම් වෙනව මේක සැබෑවක්ද නැත්තම් මායාවක්ද කියලා ඔප්පු කරන්න. ඔහු තීරණය කරනව ආයෙමත් එතනට ගිහින් මේකෙ ඇත්ත නැත්ත සොයාගන්න. හැබැයි ඒ තනිවම නෙමේ.

Backrooms

යථාර්ථයෙන් එහා ගිය, මිනිස් ඇසට නොපෙනෙන දේවල් සහ මිනිසාගේ පාලනයෙන් තොර දේවල් මිත්‍යාවන්ය යන අදහස සපුරාම නිවැරදිය යනුවෙන් පැවසිය නොහැකි නමුත් භූතයන්ට, යක්ෂයින්ට වඩා සමහර වෙලාවට අපි බිය විය යුතුවන්නේ අපේම සිතිවිලිවලට. අප තුළම වන අභ්‍යන්තර අන්ධකාරයට. අපි සතු පසුතැවීම්, කළකිරීම්, වේදනා ඇතැම්විට අපිව තව තවත් අගාධයට ඇදලා දාන්නෙ ඉන් පිටත ලෝකයක් ඇත්තේම නැති තරම් යනුවෙන් විශ්වාසයක් ගොඩනැගෙන තරමට. ඒ සිතිවිලිවලට පුළුවන් අපිව විනාශ කරලම දාන්න. එතකොට දෙවියන්ටවත්, භූතයන්ටවත් කරන්න කිසිදෙයක් ඉතිරිවෙන්නෙ නෑ.

Backrooms

මේ අවුරුද්දෙ මැයි මාසෙ රිලීස් වුණ Backrooms චිත්‍රපටිය Science fiction / psychological horror වර්ගයට අයත් කතාවක්. සාමාන්‍ය horror චිත්‍රපටයකට එහා ගිය මේ කතාව ප්‍රේක්ෂකයව නොදන්නා අවකාශයක අතරමං කරලා තිගැස්මට පත් කරන්න සමත්වෙනවා. Backrooms කියන සංකල්පයේ සැඟවුණ අමුතු ගුප්තබවත් අනවශ්‍ය පැහැදිලි කිරීම්වලට නොයාමත් නිසා මේක ප්‍රේක්ෂකයාට තමන්ගෙම ක්‍රමයට හිතන්න දේවල් ඉතිරි කරන ආකාරයේ කතාවක්. ඒ නිසාම මේ චිත්‍රපටය සාමාන්‍ය horror අත්දැකීමකට එහා ගිය මිනිස් මනස ගැන විග්‍රහ කරන කතාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක නිර්මාණය වෙලා තියෙන්නෙ Backrooms web series එක සහ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ creepypasta කියන සංකල්පය ඇසුරින් වීම විශේෂත්වයක්. Backrooms කියන අදහස 2019 අවුරුද්දෙ 4chan වෙබ් අඩවියේ පළ වූ කෙටි creepypasta එකකින් ආව එකක්. මේකෙ කියන විදිහට කෙනෙක් අහම්බෙන් හැබෑ ලෝකෙන් එළියට ගියොත්, කහ පැහැති කාමර, කොරිඩෝ සහ අමුතු ශබ්දවලින් පිරුණු Backrooms කියන අද්භූත අවකාශයකට වැටෙනවා කියන එක. මේ අදහස පස්සෙ කාලෙක ගොඩක් ජනප්‍රිය වුණා.

මිනිත්තු 110 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Kane Parsons විසින්. Will Soodik තිර රචනය කළ අතර, Chiwetel Ejiofor, Renate Reinsve, Mark Duplass, Finn Bennett සහ Lukita Maxwell රංගනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 10ට අඩු පිරිවැයකින් නිපදවූ Backrooms චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 395කට අධික ආදායමක් උපයා A24 සමාගමේ මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට පත්වීමට සමත් වුණා.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you