Travelඅන්දරේ මැරුණු වැව් තාවුල්ල - උඩමලල

අන්දරේ මැරුණු වැව් තාවුල්ල – උඩමලල

-

spot_img

අන්දරේ මැරුණු වැව් තාවුල්ල – උඩමලල

අප මෙවර ඔබට හඳුන්වා දෙන්නේ දහ අටවැනි සියවසේ සෙංකඩගල රජ කළ රාජාධිරාජසිංහ රජුගෙන් ගෞරව නාමයෙන් පවා පිදුම් ලැබූ ජනප්‍රිය චරිතයක් ගැන කියැවෙන සංචාරයක් පිළිබඳවයි. එදා මෙදා තුර ජනතාව අතර අපමණ වූ ප්‍රසාදයක් දිනා සිටින කාගෙත් ආදරයට පාත්‍ර වූ චරිතයක්. මෙම චරිතය සම්බන්ධ කර ගනිමින් ලියැවුණු ගීතද වර්තමානයේ ජනප්‍රියව ඇත. දකුණු පළාතේ විශේෂයෙන් කතරගම සංචාරය කරන අතරතුර මෙම සුවිශේෂී ස්ථානයට ඔබට සංචාරය කළ හැකියි. සද්ද විද්ධ පළගපති රාජපක්ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ ඔහුට රජුගෙන් ලැබුණු ගෞරව නාමයයි. ඔහු කවුරුත් දන්නා චරිතයක් වන අන්දරේය. 

Thulana Travel

ජනප්‍රවාදයේ බොහෝ දේ ඔහු පිළිබඳ කතා ඇත. කොළඹ කතරගම මාර්ගයේ උඩමලල ප්‍රදේශය (මෙහි සිට කතරගමට කිලෝමීටර් හතළිහක් පමණ ඇත.) ප්‍රධාන මාර්ගය අසලම අන්දරේගේ පිළිරුවක් ඔබට නෙත ගැටී තිබෙනවාද ? මෙම ස්ථානයේ අන්දරේගේ පිළිරුවක් නිර්මාණය කළේ කුමන කාරණයක් නිසාද ? මෙහි තිබෙන විශේෂත්වය පිළිබඳ ඔබගේ දරුවන් දැනුවත් ද ? බොහෝ දෙනෙක් නොදන්නා සුවිශේෂී හේතුවක් මෙහි තිබෙනවා. ඒ නිසයි ඔබට මෙවර ඒ පිළිබඳ සටහනක් තබන්න අප සිතුවේ. 1987 වර්ෂයේ කතරගම උදාගම විවෘත කිරීමේදී අන්දරේ සිහිවීම පිණිස මෙය ඉදිකර ඇත. උඩමලල ප්‍රදේශයේ උඩමලල වැව්තාවුල්ලේ පලු ගසක් යට අන්දරේ මියගිය බවයි සඳහන් වන්නේ. උඩමලල වැව්තාවුල්ලේ අන්දරේ මියගිය අයුරු සිව් දිගට අත්පා විහිදුවා විහිළු ලීලාවෙන් සිටින ආකාරයට නිර්මාණය කර ඇත.

Thulana Travel

 

අන්දරේ උපත ලබා ඇත්තේ දෙවුන්දර කිරළවැල්ලේය. අන්දරේගේ පියා පාඨශාලා අධ්‍යක්ෂවරයෙකි. අන්දරේ කුඩා කල සිටම කවට කම්වලට උපන් හපන්කම් දක්වා ඇති බවයි සඳහන් වන්නේ. අන්දරේ කිව් කවි සහ විකටකම් පිළිබඳ ජනවහරේ බොහෝ කතා ඇත. අන්දරේ එකල කුසගින්න ඇතිවූ විට ඒ බව ගැමියන්ට අඟවා තිබෙන්නේද කවියෙනි .

ඇස කැන්දේ නුඹ ලන්දේ වැහෙන්නේ
මම මෙතනේ අම්බලමේ තැවෙන්නේ
බත් නැති දා තමයි සැම දුක් යෙදෙන්නේ
බත් නැති දාට කැන්දඤ්ඤා වරෙන්නේ 

Thulana Travel

මෙය ඇසූ ගැමියන් අන්දරේට ආහාරපාන ලබා දී ඇත. අන්දරේ පිළිබඳ රාජාධිරාජසිංහ රජුට සැළවීම සමඟ රජවාසලට කැඳවා දවසකට දෙවරක් රජු බැහැ දැකීමට අවසර ලබා දී ඒ හැම අවස්ථාවකදීම රජුට විහිළු කර රජවාසලේ සැමගේ සිත් දිනා ගැනීමට ඔහු සමත්ව ඇත. අන්දරේ දිනක් උණ රෝගයෙන් පීඩාවට පත්ව ඇත. තම ගම් බිම් බලා යෑමට පෙර රජු හමුවී අවසර ලබා රජුගෙන් සමු ගැනීමට පෙර රජතුමාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ තම ගම් බිම් වෙත යෑමේදී රාජ ආභරණවලින් සැරසී යාමය. රජතුමා ඒ සඳහා අවසර ලබා දී ඇත. අන්දරේ රාජාභරණවලින් සැරසී රාජ ලීලාවෙන් තම උපන්ගම් ප්‍රදේශයට ගමන් කරන අතරතුර තම උණ රෝගය උත්සන්න වී තිබෙනවා. ඒ උඩමලල ප්‍රදේශයේදීය. ඔහු වැව් තාවුල්ලේ පලු ගසක් යටට වී අවසන් හුස්ම හෙළා ඇත. අන්දරේ අවසන් හුස්ම හෙළා තිබෙන්නේද කවියක් ගායනා කරමිනි.

Thulana Travel

රිදී කළෙන් රන් කොතලේ බීපු මට
නිකම් කළෙත් පැන් නැති විය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට
මෙහෙම කල යාද පළු වීර ගස් යට

අන්දරේ පිළිබඳ ජනවහරේ තිබෙන තවත් අපූරු සිදුවීමක් තිබෙනවා. ඔහුගේ පියා විසින් අන්දරේට අධ්‍යාපනය හැදෑරීම සඳහා ගැටමාන්නෙ හිතවත් ගුරුවරයකු වෙත යොමු කර තිබෙනවා. වැඩි කලක් යන්නට මත්තෙන් නැවත අන්දරේ තම නිවසට පැමිණ තිබෙනවා. එයට කෝප වූ පියා කහඹිලියා හා දිමිගොටු අන්දරේට දමා අතපයද බැඳ පහරදී තිබෙනවා. රාත්‍රියට කෑම නොදී දොර වසා තිබෙනවා. රාත්‍රියේ මහා වැස්සක් ඇද හැළී තිබෙන අතර එම මොහොතේදී අන්දරේ කවියක් ගායනා කර තිබෙනවා .

වැස්ස වැඩි නිසා සීතල වැඩි වෙච්චී
ඇඟපත වෙවුළලා සන්නිය ළංවෙච්චි
එලොව පොල් පෙනේ අද නම් වැරදිච්චි
හොඳටම ගෙයි දොයිද මගේ රන් අප්පොච්චි 

Thulana Travel

තම පියාට මෙසේ කවියෙන් තම දුක කියා අන්දරේ මවටද කවියකින් මෙසේ කියා තිබෙනවා .

අසමානේ අම්මේ මේ අහපන්නේ
නොතෙමා මා මෙතනින් අහකට ගන්නේ
බුසමානේ තලපත ගෙන ඉහළන්නේ
ගැටමානට ගෙන ගොස් මා ඇරලන්නේ

මෙවන් අපමණ වූ ජනප්‍රවාද අන්දරේගේ කවිය හා කවටකම් තිබෙනවා. ඔහු අදත් නොමැකෙන නාමයක්. කතරගම හෝ දකුණු පළාතේ සංචාරය කරන ඔබට උඩමලල ප්‍රදේශයට සංචාරය කරමින් ඔහු පිළිබඳ නැවත කියවන්නැයි ඔබට ආරාධනා කරනවා.

thulana-travel-to-sembuwaththa
සටහන සහ ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you