FoodTofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

Tofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

-

spot_img

Tofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

නිර්මාංශ අයට කන්න පුළුවන්, මස්වලට සමාන ටෝෆු ගොඩක් රටවල මස් වෙනුවට ආදේශකයක් විදිහට කන කෑමක්. සෝයා කිරි වලින් හදන ටෝෆු පෝෂණ ගුණයෙනුත් ඉහළයි. කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. හදවත් රෝග අවදානම අඩු කරන්නත්, රක්තහීනතාවය වැළැක්වීමටත්, දත් සහ අස්ථි ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිපුන් ටෝෆු, චීනයෙන් ඇරඹිලා මේ වෙනකොට ලොව පුරාම ජනප්‍රිය කෑමක් බවට පත්වෙලා තියෙනවා. ටෝෆු කරි බත්, නූඩ්ල්ස්, රොටිත් එක්ක කෑමට ගන්න පුළුවන්. ලංකාවෙ අපේ රහට ටෝෆු කරියක් හදාගන්නෙ කොහොමද බලමු. 

Tofu Curry

• අවශ්‍ය ද්‍රව්‍ය

ටෝෆු 150g

ඉඟුරු පේස්ට් තේ හැඳි 1Tofu Curry

සුදු ළූණු පේස්ට් තේ හැඳි 1

සිහින්ව කැපූ රතු ළූණු ගෙඩි 5 – 6 ක්

අමුමිරිස් කරල් 2 – 3 ක්

රම්පෙ

කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

එනසාල් ස්වල්පයක්

කරාබුනැටි 2-3

මිරිස්කුඩු ස්වල්පයක්

බැදපු තුනපහ කුඩු තේ හැඳි 02 Tofu Curry

කහකුඩු තේ හැඳි ½

උළුහාල් ස්වල්පයක්

අබ ස්වල්පයක්

ලුණු

යෝගට් මේස හැඳි 2 ක්

මිටිකිරි කෝප්ප බාගයක්

තක්කාලි ගෙඩි 02 ක්

පොල් තෙල්

• සාදන ආකාරය

ටෝෆු කෑලිවලට කපාගෙන ලුණු සහ ගම්මිරිස් දමා තම්බාගන්න. ඉන් පසු වතුර ගතිය නැති වෙනතුරු මිරිකා හරින්න. තෙල් රත් වෙන්නට හැර එයට අබ ටික එකතු කරන්න. ඉන් පසු ඉඟුරු, සුදු ළූණු , එනසාල්, කරාබු නැටි, රම්පෙ, කරපිංචා, රතු ළූණු සහ අමු මිරිස් එකතු කර විනාඩි දෙක තුනක් තෙම්පරාදු කර ගන්න. දැන් මෙයට ටෝෆු එකතු කරන්න. ඊළඟට මිරිස් කුඩු, තුනපහ කුඩු සහ කහ කුඩු එකතු කරන්න. ඊළඟට යෝගට්, තක්කාලි, මිටිකිරි සහ රස අනුව ලුණු එකතු කරන්න. පොල් කිරි ටික හිඳීගෙන එනවිට ලිපෙන් ඉවත් කර ගන්න.

Tofu Curry

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you