Tilvin silva – ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට හැකි දේවල් පමණක් බවත්, කිව්වොත් අනිවාර්යෙන්ම කරන බවත්, ඒවා කිරීමට හෝ පටන්ගෙන තිබෙන බවයි ජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ.
මෙරට දේශපාලනයේ බොරු කීමේ ඉතිහාසයක් ඇති බවත්, මාලිමාවේ ආණ්ඩුවක් පැමිණියහොත් මෙරට දේශපාලන පළිගැනීම්, ලේ වැගිරීම් හා කලබල සිදුවන බවට ඔවුන් ප්‍රකාශ කළ බවත්, එවැන්නක් සිදුව නොමැති බැවින් බොරු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් බවද ඔහු සඳහන් කළා.
එසේම මාලිමාවේ ආණ්ඩුවක් පැමිණියහොත් බුද්ධාගම විනාශ වන බවට ඔවුන් ප්‍රකාශ කළ බවද, එහෙත් එවැන්නක් සිදුව නොමැති බවද, වසර 16කට පසු දළදා දැක්මක් ද පැවැත්වූ බවද ටිල්වින් සිල්වා සඳහන් කළා.
එවක මැතිවරණ කාලයේ ඔවුන් ප්‍රකාශ කළ සියල්ල බොරු බවට පත්ව ඇති බවත්, ‘පට්ටපල් කෙබර කෙලින’ ලද පිරිස් පැමිණ කිසිවක් නොවූ අයුරින්, ආණ්ඩුව බොරු ප්‍රකාශ කළ බවට සඳහන් කරන බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.