More
    spot_imgspot_imgspot_imgspot_img
    InterviewsThanuja Dilhani මං රඟපානවට අපේ අම්මා තදින්ම විරුද්ධ වුණා

    Thanuja Dilhani මං රඟපානවට අපේ අම්මා තදින්ම විරුද්ධ වුණා

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img
    Thanuja Dilhani යනු 90 දශකය තුළ ලංකාවේ රුපවාහිනිය අතිශයින් ජනප්‍රියව පැවති වකවානුවේ, රුපවාහිනී තිරය මත දුටු එහෙත් කාලයාගේ අවෑමෙන් අපේ මතකයෙන් ගිලිහී ගිය රංගන ශිල්පිණියකි. වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය, ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක ,නිවේදිකාවක මෙන්ම වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිණියක ලෙසද එකල ඉහමත් ජනාදරයට පත්ව සිටියාය. මේ, වසර ගණනාවක් තිස්සේ නවසීලන්තයේ පදිංචිව සිටින ඇය තුලන Mag හා කළ සාකච්ජාවකි.
    • අපි තනුජාගේ රංගන ජීවිතය පටන් ගත්තු තැනින්ම කතාව පටන් ගමු

    ඇත්තම කීවොත් මට රඟපාන්න ආසාවක් තිබ්බද,නැද්ද කියලා ඔයා ඇහුවොත් ඒකට දෙන්න හරි,හමන් උත්තරයක් මං ළඟ නෑ. මොකද මගේ රංගන ජීවිතය කියන්නෙ බොහොම අහම්බෙන් පටන් අරගෙන හදිසියේම ඉවරවුණු එකක්. නමුත් ඒ කාල පරිච්ජේදය මගේ මතකයේ හරිම ආදරණීයව රැඳිලා තියනවා. එතකොට මං සාමාන්‍ය පෙළවත් ලියලා නෑ මට මතක විදිහට. මගේ පුංචි කෙනෙක් හිටියා ඩුබායිවල. එයා එහේ වේදිකා නාට්‍ය පෙන්නන්න යන නළු,නිළියන්ගෙ ෆොටෝ අරගෙන අපිට එවනවා බලන්න. මේවා දැක්කාම මට නිකං පොඩි කැමැත්තක් ආවා “රඟපාන්න තිබ්බනම් මරු නේද” වගේ එකක්. ඉතින් මං ඕක පුංචිට කියලා තිබ්බා. පුංචිගේ හිතවතෙක් වුණු ආනන්ද පොල්ගම්පළ කියන අංග රචනා ශිල්පියා හරහා තමා මට මිලින්ද පෙරේරාගේ “පාරාදීසය” වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නෙ. ඊට පස්සේ සනත් අබේසේකරගේ “අශ්ව ගුඩුන්” වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙනවා.

    Thanuja Dilhani

    • ලංකාවේ ප්‍රේක්ෂකයන් ඔයාට වඩාත් ආදරය කරන්න පටන් ගන්නෙ ටෙලිනාට්‍ය හරහා, කොහොමද ඒක සිද්ධ         වෙන්නෙ?

    වේදිකා නාට්‍යවල රඟපාද්දී තමා මට මානෙල් වානගුරු අක්කා මුණ ගැහෙන්නෙ. එයාට දුවලා හිටපු නැති නිසා මට හරි ආදරෙන් හිටියා. එයා හරහා තමා මගේ පළවෙනි ටෙලිනාට්‍යය වුණු සෝමරත්න රාමනායකගේ “ලෝගුව” ටෙලිනාට්‍යය ලැබෙන්නෙ. විශේෂ සිද්ධිය තමා මේ වේදිකා නාට්‍ය දෙක සහ ටෙලිනාට්‍යයත් එක්කම මගේ රඟපෑම එකපාරටම කාලෙකට නතර වෙනවා.

    • ඒ ඇයි ?

    අපේ අම්මා මං රඟපානවට විරුද්ධ වුණා. මට ගෙදරට එන කෝල්ස් පවා එයා බ්ලොක් කරා. ඉස්සර ඉතිං මොබයිල් ෆෝන් තිබ්බෙත් නෑනේ. [සිනා] සෑහෙන කාලයක් ඔහොම ඉද්දි හදිසියේම මට කහ උණ හැදිලා ජයවර්ධනපුර ඉස්පිරිතාලේ නවත්වනවා. ඩොක්ටර් සුදම් දම්සිංහ තමා මට බෙහෙත් කෙරුවේ. එයා ඒ කාලේ ස්වර්ණවාහිනියේ “ලියසෙවන” කරනවා. මගේ විස්තර අහලා ඉවරවෙලා ඩොක්ටර් මගෙන් ඇහුවා ප්‍රෝග්‍රෑම් එකක් තියනවා කරන්න කැමතිද කියලා. මාත් ඉතින් පොටක් හොයා, හොයානේ හිටියේ පැනපු ගමන් “හා ” කිව්වා. මං ලියසෙවන කර,කර ඉද්දි තමා නිල්මිණි තෙන්නකෝන් අක්කා හම්බවෙලා “නේත්‍රාන්ජලි” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණෙ. “ලෝගුව” මං පළවෙනියට කරපු ටෙලිනාට්‍යය වුණාට ඉස්සෙල්ලාම විකාශය වුණේ “නේත්‍රාන්ජලි” ටෙලිනාට්‍යය. ටෙලිනාට්‍ය 30-40ක් වගේ කරත් මාව මිනිස්සු හුඟක් අඳුරගත්තෙ වෙළෙඳ දැන්වීම් වලින්.

    Thanuja Dilhani

    • මොනාද ඔයාගේ අදටත් මතක තියන වෙළෙඳ දැන්වීම්?

    “Idex” බාම් වෙළෙඳ දැන්වීම තමා හුඟක්ම ජනප්‍රිය වුණේ. තාමත් ඒක රුපවාහිනියේ යනවනෙ. ඊට අමතරව “මල්ටිලැක් තීන්ත”, “ඇන්කර් රයිස් යෝගට්” වගේ ඒවා නිසා අදටත් මිනිස්සුන්ට මාව මතකයි.

    • මේ ක්ෂේත්‍රයේ හුඟක් අය රට දාලා ගියේ තමන්ගෙ ජනප්‍රියත්වය අඩු වුණාම, ඒත් තනුජා නවසීලන්තෙට යන්නෙ     තමන්ගේ ජනප්‍රියම කාලෙ. මොකක්ද ඒකට හේතුව?

    පළවෙනිම හේතුව තමා මේ වෘත්තියේ ගරුත්වය තියාගෙන තව දුරටත් රඟපෑම කරන්න බැරි තත්වයක් ක්ෂේත්‍රයේ ඇතිවුණු එක. නිළිය කියන වෘත්තියට මුවාවෙලා වෙන,වෙන දේවල් කරන අය එන්න,එන්නම වැඩිවුණා. එහෙම සිද්ධි ගොඩක් එක දිගට සිද්ධ වෙන්න පටන් ගත්තාම මේ වෘත්තියට ආදරෙන් වැදගත් විදිහට මේක කරන අයටත් මිනිස්සු අර ලේබල් එකම ගහන්න පටන් ගත්තා. මුලින්ම මං රඟපාන එකට ගෙදරින් විරුද්ධ වෙන්න හේතු වුණෙත් නිළියො ගැන සමාජේ තිබ්බ ඒ මතය. “සක්විත්තෝ” ටෙලිනාට්‍යයෙන් පස්සෙ මට මේ ක්ෂේත්‍රය ගැන හොඳටම කලකිරුණා. මට හිතුණා “දැන් මේ රටේ හිටියා ඇති” කියලා. එතකොට මං කසාද බැඳලා හිටියේ. මගේ පෙරැත්තය නිසාම මහත්තයා කරපු බිස්නස් පවා අතෑරලා මාවත් අරගෙන නවසිලන්තෙට ආවා.

    • නවසිලන්තෙට එන්න එහෙම ලොකු කැපකිරීමක් කරපු ඔයාගෙ මහත්තයා ගැනත් කියමු ඉතින්

    මගේ මහත්තයා මං රඟපාන කාලේ ඉඳලා ඒ කැපවීම කරපු කෙනෙක්. එයා නිසා තමා මට ක්ෂේත්‍රයේ තැනක් තියාගෙන ගමනක් යන්න පුළුවන් වුණේ. එයාගේ නම පණ්ඩුක දයානන්ද. ලංකාවේ ප්‍රවීන කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන කේ.ඩි දයානන්ද මහත්මයාගේ පුතා. එයා මාත් එක්ක නවසීලන්තෙට ආවේ ස්ටඩිස් වලට. දැන් අපීටම කියලා පුංචි ව්‍යාපාරයකුත් තියනව. මාත් මෙහෙ පෙර පාසල් ගුරුවරියක් විදිහට රස්සාවක් කරනවා. අපිට ළමයිනුත් නැති නිසා මං ඒ රස්සාව කරන්නේ හරිම අසාවෙන්.

    Thanuja Dilhani

    • පවුල සම්පුර්ණ වෙන්න දරුවෙක් හිටියොත් හොඳයි කියලා හිතිලා නැද්ද?

    එහෙම හිතුණෙ නෑ කිව්වොත් බොරුවක්. අනන්තවත් හිතිලා තියනවා. දුක් වෙලත් තියනවා. පස්සේ ලැබීම කියලා හිත හදාගෙනත් තියනවා. ඒ කොහොම වෙතත් මේ වගේ රටක ඉද්දි ඒ වගේ දේවල් හොයලා අපිට මානසික වදයක් වෙන අය නැති එක ගැන සන්තෝෂයි. මායි,මහත්තයයි දෙන්නම ජිවිතයේ අද දවස ගැන හිතන්න පුරුදු වුණු අය. ඊයේ දවසයි,හෙට දවසයි ගැන හිතලා අද දවස විනාශ කරගන්නෙ මොකටද? අපි අද රෑ ඇස් පියාගත්තට පස්සෙ හෙට උදේ ආයේ ඇස් අරියිද කියලා කවුද දන්නෙ?

    Thanuja Dilhani

    • ලංකාවෙන් එළියට ගියපු නිළියක් විදිහට ලිංගිකත්වය ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද?

    මගේ අදහස නම් ලිංගිකත්වය කියන්නෙ සෙක්ස් කරන එකට විතරක්ම නෙවේ. විශේෂයෙන්ම ලංකාව සහ ඉන්දියාව ලිංගිකත්වය ගැන හිතන්නෙ හරිම ප්‍රාථමික විදිහට. කොටට ඇඳුමක් ඇන්දත් හැඟීම් ඇවිස්සෙනව වගේ කියන තැනක තමයි අපි ඉන්නෙ. ඒක විඳලා අතාරින්න ඕනේ හැඟීමක් මිස කරේ තියාගෙන යන්න ඕනේ දෙයක් නෙමෙයි. මෙහෙ තියනවා “නිව්ඩ් බීච්”, “නිව්ඩ් වෝක්” වගේ දේවල්. ඒවාට ගැහැණු,පිරිමි දෙගොල්ලොම සහභාගී වෙනවා. හැබැයි ඔයා අහලා තියනවද ඒවායින් කාවහරි අපහසුතාවයට පත්වුණා කියලා? හේතුව තමා ඒ මොහොත විඳලා ඊළඟ මොහොතට යන්න පුළුවන් සංයමය මෙහෙ අයට තියන එක.

    • කවුරුහරි ඔයාගෙන් අහලා තියනවද රෙබෙකා නිර්මලීට හරි චම්පා ශ්‍රියාණිට හරි ඔයාගේ නෑදෑකමක් තියනවද        කියලා?

    නෑනේ. හැබැයි දිල්හානි අශෝකමාලා අක්කා දවසක් වැඩකදී හම්බවෙලා කිව්වා, “ඔයාටනෙ අනේ මගේ නංගිට රඟපාන්න තිබ්බේ,ඒකට ගැළපෙන්නෙ ඔයානේ” කියලා. මට රෙබෙකා අක්කා හම්බවෙලා තියනවා. හැබැයි චම්පා අක්කා හම්බවෙන්න අවස්ථාවක් ලැබිලා නෑ.

    Thanuja Dilhani

    • ඔයා හිටපු ක්ෂේත්‍රයේ වැඩිපුරම කැමති චරිතය නිළියද,නිවේදිකාවද?

    නිළිය. වෙලාවකට දුකත් හිතෙනවා අයින් වෙච්චි එක ගැන. මට ආසාවක් තිබ්බා කවදා හරි සම්මානයක් ගන්න පුළුවන් වැඩක් කරන්න. කීප වතාවක් මං සම්මාන වලට නිර්දේශ වෙලත් තියනවා. අද වුණත් කවුරුහරි ඒ වගේ වැඩකට කතා කරොත් ලංකාවට ගිහින් හරි සම්බන්ධ වෙනවා. මට ඕස්ට්‍රේලියාවේ හැදෙන ටෙලිනාට්‍ය වලට රුක්මල් නිරෝෂ්, සුදන්ත තිලක්සිරි වගේ අය කතා කරත් සම්බන්ධ වෙන්න ලැබුණෙ නෑ.

    • දැන් ලංකාවේ රැල්ල තමා “මේ රටේ ඉඳලා වැඩක් නෑ” කියන එක. ඇත්තටම නවසිලන්තය වගේ රටකට ඇවිත්      ගොඩ යන්න පුළුවන්ද?

    මං ඔයාට ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. අපි ලංකාවේ අවුරුදු 25-30 ක් විතර ජීවත් වුණානෙ. නිළියක් විදිහටවත් ඒ අවුරුදු ගාන ඇතුලත මට ස්ථාවර වෙන්න ලැබුණෙ නෑ. හැබැයි මෙහෙ ඇවිත් අවුරුදු දහයක් ඇතුළත මටයි මගේ මහත්තයටයි ස්ථාවර ජිවිතයක් එක්ක මෙහේ පුරවැසි භාවයත් ලැබුණා. මෙහෙ ඇවිත් ඉගෙනගෙන,රස්සාවක් හොයාගෙන,තමන්ගේම බිස්නස් එකක් කරන්න අපිට ගියේ උපරිම අවුරුදු 15 වකට වඩා අඩු කාලයක්. ඇයි ඒ? ඒකට තමා “සිස්ටම්” එක කියන්නේ. තමන්ගෙ මහන්සියෙන් හම්බකරගෙන දියුණු වෙන්න පුළුවන් රටකට එන්න ලැබීම වාසනාවක්. ඒ වාසනාව ලංකාවෙන් එළියට ඇවිත් ජීවිතේ ගොඩ දාගන්න හිතාගෙන ඉන්න අනිත් අයටත් ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව.

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page