More
    FeaturesSecurity Cooperation Agreement ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුමේ ඇත්ත...

    Security Cooperation Agreement ආණ්ඩුව ඉන්දියාව එක්ක ගහපු ගිවිසුමේ ඇත්ත පැත්ත

    -

    spot_img

    Security Cooperation Agreement – ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවූ ජනපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරයත්, ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයත් පුවත් මවන සිදුවීම් දෙකක් බවට පත්ව තිබිණි. ඊට ප්‍රධානතම හේතුව ලෙසින් මතුව පෙණුනේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම දැඩි ඉන්දියානු විරෝධීන් වීමයි. අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණ සටනට ඉතා ආසන්න අවධියේ පවා එවකට බලයේ සිටි රනිල් වික්‍රමසිංහගේ ඉන්දියානු මිත්‍රශිලිභාවය දැඩිව විවේචනය කළේ “රනිල්-මෝදී හොර ගිවිසුම් එපා” යනුවෙනි. තාප්ප මත ඇඳි ජනතා විමුක්ති පෙරමුණේ එකී විරෝධතා සටන් පාඨවල තීන්ත වේලීමටත් පෙර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට කැඳවා ඔහුට “මිත්‍ර විභූෂණ” නමින් සම්මාන උපහාර පිදීම මවිතය හා කුහුළ දැනවීම අස්වාභාවික නොවේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සම්ප්‍රාප්තිය අතරතුර දෙරට අතර කිසියම් ගිවිසුම්ගත වීමක් සිදුවන බවත්, එය රටේ ජනතාවට විනිවිද නොවූ එකක් බවත්, අවම තරමේ මේ පිළිබඳව රටේ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නැති බවත් රටේ විවිධ සමාජ දේශපාලන පාර්ශව අතර කතාබහක් පැවතිණි. එහෙත් වත්මන් රජය මේ සියල්ල හමුවේ සිටියේ දැඩි නිද්‍රාශීලි පිළිවෙතක ය.

    මේ අතර කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඉන්දීය විදේශ ලේකම් Shri Vikram Misri ප්‍රකාශ කර සිටියේ, “බොහෝ දෙනා විශේෂ අවධානය යොමු කරන ආරක්ෂිත සහයෝගීතාවය පිළිබඳ නායකයින් දෙපළ අතර හොඳ සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, ඒ සාකච්ඡා ආරම්භ වුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසනායක ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර ” බවයි. මෙම සාකච්ඡාවේ සැබෑ හරය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවේ අභ්‍යන්තර ස්වභාවය සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබීම බව සඳහන් කළ ඉන්දියානු විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී මෙම කරුණු ඉතා සුපැහැදිළිව සාකච්ජා කර තිබුණූ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවේ අවශ්‍යතාවලට අහිතකර ආකාරයකින් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව මෙන්ම ශ්‍රී ලංකාවේ භූමිය හෝ ඒ අවට සාගර කලාපය ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කිසිදු ආකාරයකින් භාවිත කිරීමට ඉඩ නොදෙන බව මෙම සාකච්ජාවේදී ප්‍රකාශ වී තිබිණි. පළමු වරට එළැඹි මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්නා ආරක්ෂක සහයෝගීතා මුල පිරීම් වඩාත් ව්‍යුහගත කරන බවද සඳහන් කෙරිණි. එහි ව්‍යුහාත්මක අයුරින් ආරක්ෂක සහයෝගීතාව මෙන්ම විවිධ ක්‍රියාකාරකම්ද අන්තර්ගත වන බව ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය නිසි අයුරින් ලබාගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්ත පවසයි. එම ගිවිසුම අත්සන් කරනුයේ වසර පහක කාලයක් සඳහා බවත් 2023 දෙසැම්බර් මාසයේ ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී මෙම ද්වීපාර්ශවික ආරක්ෂක සහයෝගීතා සම්බන්ධතාවයන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ඊට එකඟත්වය පළ වූ බවත්, අදාළ අවබෝධතා ගිවිසුම යටතේ සිදුකරනු ලබන සහයෝගිතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර එමඟින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම මාස තුනක පූර්ව දැනුම් දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශවයන්ට ඇති අයිතිය සහිතව වසර පහක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

    ඉහත සඳහන් වුයේ ශ්‍රී ලංකා රජයේ නිවේදන සහ ඉන්දියානු රජයේ ප්‍රකාශයන් ය. මේ අතර “ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා” යන තේමාව යටතේ මෙම ගිවිසුමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතාවයක්ද පවත්වා තිබිණි. ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයේ අඩංගු ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධ “විවිධ ක්‍රියාකාරකම්” මොනවාද යන්න පැහැදිළි නොවන නමුත්, එය මේ වන විට ඉන්දියානු රජයේ ආධාර ලෙස පන්සල් වහල සඳහා ලැබෙන “සුර්ය පැනල” වලට එහා ගිය ක්‍රියාකාරකමක් වන බවනම් සුපැහැදිළි ය. ඉන්දියාව “මීයක් කඩන්නේ අත ලෙවකන්නට” නොවන බැව් ලෝකයම දන්නා හෙයින්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන් වන පරිදි එම ගිවිසුමේ ක්‍රියාකාරකම් “ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව” සිදුවන්නේද, නැද්ද යන්න තීරණය කිරීම කළ හැක්කේ අද නොවේ හෙටයි.

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page