More
    ArtRizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ...

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    -

    spot_img

    Rizana A Caged Bird – ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana – A Caged Bird මේ වන විට රූගත කරමින් පවතිනවා. ඒ දෙස් විදෙස් රංගන ශිල්පීන්ගේ දායකත්වය සමගින්.

    මේ චිත්‍රපටය සඳහා තේමා වී තිබෙන්නේ 2013 දී සෞදි අරාබියේ දී මරණ දඬුවම ලබා දුන් ශ්‍රී ලාංකීය යුවතියක වූ Rizana Nafeek පිළිබඳ ඛේදජනක කතා පුවතයි. සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙසින් කටයුතු කළ රිසානා ඇය සේවය කළ නිවසේ මාස හතරක් වයසැති බිළිඳෙකුව ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අතර බෝතලයෙන් කිරි පෙවීමේදී හුස්ම හිරවීම හේතුවෙන් බිළිඳා මිය ගොස් තිබුණා. දරුවාගේ මව සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් රිසානා විසින් බිළිඳාව මරා දැමූ බව පවසමින් ඇයට මරණ දඬුවම නියම වුණා. රිසානා 17 හැවිරිදි බාල වයස්කාරියක් (ළමයෙකු) බව පවසමින් ඇයට මරණ දඬුවම ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා රජය සහ මානව හිමිකම් සඳහා වන ගෝලීය සංවිධාන විසින් සිදුකළ ඉල්ලීම් නොතකා 2013 ජනවාරි මාසයේ සෞදි අරාබියේදී රිසානා නාෆීක් ව හිස ගසා මරා දැමුවා. ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සම්මතයන් සහ ක්‍රියා පිළිවෙත් උල්ලංඝනය කිරීමක් බව චෝදනා කරමින් ලොව පුරා මානව හිමිකම් සංවිධාන මෙම ඝාතනය හෙළා දකිනු ලැබුවා. බලහත්කාර පාපොච්චාරණය, භාෂා පරිවර්තකයෙකු නොමැති වීම සහ ඇය වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයෙකු නොමැති වීම වැනි කරුණුද මෙම මරණ දඬුවම ලැබීමට හේතු වී තිබුණා.

     Rizana - A Caged Bird Rizana - A Caged Bird

    දශකයකටත් පසුව මෙම කතාව ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ලෙස ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ගෙන යෑමට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් කටයුතු කරමින් සිටිනවා. චිත්‍රපටය නිෂ්පාදනය සුමති ස්ටුඩියෝ විසින්. සුමති හෝල්ඩින්ග්ස් හි සභාපති නිෂ්පාදක ජගත් සුමතිපාල මහතා පැවසුවේ ශ්‍රී ලාංකීය චිත්‍රපට ජාත්‍යන්තරය කරා ගෙන යෑම සුළුපටු කාර්යයක් නොවන බවත්, චන්ද්‍රන් රත්නම් යනු ඒ සඳහා සුදුසු අයෙක් බවත් ය. නිර්මාණශීලිත්වය මෙන්ම නිවැරදි හවුල්කාරිත්වයද මේ සඳහා අවශ්‍ය බැව් ඔහු පැවසුවා. චිත්‍රපටයේ සම රචනය ජේම්ස් රත්නම් විසින් සිදුකර තිබෙනවා.

    රිසානා ලෙස විසි හැවිරිදි විදුෂිකා රෙඩ්ඩි (Vidushika Reddy) රංගනයෙන් දායක වෙනවා. ඇය නවක නිළියක්. නාවලපිටියේ ජීවත්වෙන ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර, වෙළෙඳ දැන්වීම් කිහිපයකට පමණක් දායක වූ ශිල්පිනියක්. විදුෂිකා රෙඩ්ඩි පවසා සිටියේ ඇයට තමා රිසානා මෙන් දැනෙන බවයි. තම මවත් වසර ගණනාවක් විදේශයක සේවය කළ බව ඇය පවසා සිටියා. ඉන්දීය රංගන ශිල්පිනී Varalaxmi Sarathkumar වෛද්‍ය රාණි චෙල්වම් ලෙසින් රංගනයෙන් දායක වෙනවා. Lolita, Reversal of Fortune වැනි චිත්‍රපට රාශියකින් ලොවපුරා ප්‍රේක්ෂක ආදරයට ලක්වූ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පී Jeremy Irons රිසානා වෙනුවෙන් හඬ නැගූ බ්‍රිතාන්‍ය මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන Julian Miles ලෙසින් රංගනයෙන් දායක වෙනවා. Jeremy Irons ගේ පළමු ශ්‍රී ලාංකීය ආගමනය සහ සිනමා රංගනය මෙයයි. තමා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවසුවා.

     Rizana - A Caged Bird Rizana - A Caged Bird

    “මම හිතුවේ මෙය ශෝකජනක කතාවක් ගැන ලිව්ව ලස්සන පිටපතක් පමණයි කියලා. වසර ගණනාවකට ඉහතදී රිසානා පිළිබඳ පුවත මාව කම්පනයට පත් කළා. මුදල් වෙනුවෙන් අදටත් කාන්තාවන් විදෙස්ගත වෙනවා. අසාධාරණයන්ට මුහුණ පානවා. වසර ගණනක් ගෙවී ගියත් මේ දේවල් වෙනස් වෙලා නැහැ. මේ කතාවෙන් කියැවෙන්නේ ඒ අසාධාරණය පිළිබඳව. අපි හැමෝම එක සමානයි. අපි හැමෝටම හදවතක්, ආත්මයක් තිබෙනවා. ආදරය, දුක දැනෙනවා. මම හිතනවා මෙය ජාත්‍යන්තරය කතාබහ කරන චිත්‍රපටයක් වේවි. මොකද, මේ තුළ දුක, අයුක්තිය, ආසාධාරණය පිළිබඳ කතා කරනවා. එකම විදිහේ ගැටළු, අසාධාරණකම් සහ වේදනාවන් ලෝකයේ සෑම තැනකම තිබෙනවා.” යනුවෙන් Jeremy Irons සිය අදහස් දක්වා සිටියා.

     Rizana - A Caged Bird

    මෙය සංක්‍රමණික ගෘහ සේවිකාවන් මුහුණදෙන අරගලය පිළිබඳව දැනුවත් කිරීමේ උත්සාහයක් බව චන්ද්‍රන් රත්නම් මහතා පැවසුවා. චිත්‍රපටය නිකුත් කරන දිනයක් මෙතෙක් නිශ්චිතව සඳහන් වී නොමැති අතර තවමත් චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතී.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page