ArtPower Of Love - ඇල්මැරුණු ජීවිත සතුටින් පුරවන්න පුළුවන්...

Power Of Love – ඇල්මැරුණු ජීවිත සතුටින් පුරවන්න පුළුවන් ආදරයකට විතරයි!

-

spot_img

Power Of Love – මේ කතාව වියපත් මහාචාර්යවරයෙක්,තුරුණු ගෘග සේවිකාවක් සහ ඇගේ දස හැවිරිදි පුත්‍රයා වටා ගෙතුණු එකක්. ළමා විය – තුරුණු විය – මහලුවිය එකට මුසු වූ බැඳීමක කතාවක්. අපි ජීවිතයේ කුමන අවධියක් ගෙවමින් සිටියද අපි කාටත් ආදරය එකසේ අවශ්‍යයි.

ඔහු වසර ගණනාවකට ඉහතදී සිදුවූ අනතුරක් නිසා මතකය අහිමි වූ වියපත් ගණිතඥයෙක්. හුදකලා මිනිසෙක්. ඔහුගේ මතකය මිනිත්තු අසූවක් තරම් කුඩා කාලයකට සීමා වූ එකක්. උදාහරණයක් වශයෙන් ඔබ මේ මහාචාර්යතුමා මුණගැසී දොඩමළු වුවහොත් විනාඩි අසූවක් ඉක්මවූ පසු ඔහුට ඔබ කවුරුන්ද කියාවත් මතක නැහැ.

power of love

ඇය ගෘග සේවිකාවක්. ඈ ජීවත්වුණේ සිය පුතු සමගින්. ගෘහ සේවිකා ඒජන්සිය මහාචාර්යතුමාට සේවය කිරීම ඇයට පවරනවා. මේ මහාචාර්යතුමා නම් හරිම කරදරකාරයෙක් වගෙයි. මින් පෙර සේවිකාවන් නව දෙනෙක්ම ඔහුව රැකබලා ගැනීමට පැමිණ තිබූ අතර ඔවුන් කිසිවෙකුටත් හැකිවුණේ නැහැ ඔහුව බලාගන්න. ගණිත ගැටළු සිය ඇඳුමේ අමුණාගත් ඔහු ඒ දූවිලි බැඳුන කුඩා නිවසේ තනිවම ජීවත්වුණා. ඇය උදෑසන සිට සවස් වන තුරු ඔහුගේ වැඩ කටයුතු සිදුකළා. පසුදා උදයේ නැවත ආ පසු ඇයට සිදුවුණා. තමන් කවුදැයි ඔහුට හඳුන්වා දෙන්නට. මෙය හැමදාමත් සිදුවුණා. ඈ ඔහුට කෑම සකසා දුන්නා. නිවස පිරිසිඳු කර දුන්නා.

දිනක් ඇය තම පුතාවත් රැගෙන ආවා. දරුවාව දුටු පමණින් මහාචාර්යතුමා දරුවාට ආදරේ වෙනවා. ඔහු දරුවාට පටබඳින සුරතල් නම “මුලයා”. එතැන් පටන් මේ තුන්දෙනා එක පවුලේ සාමාජිකයන් මෙන් දින ගත කළා.

power of love

“මම සිටියේ ඇඳ මත ඈඳිගෙන යම් කිසි අලුත්වැඩියාවක් කරමිනුයි. මුලයාගේ ගෙදර වැඩ පටන් ගන්නා හාම පාඩම් කුටියේ යම් කිසි වැඩක් සොයා ගැනීමට මම වගබලා ගතිමි. එවිට මට ඔහු අසලින්ම සිටිය හැකි නොවැ. ඉතින් එක්කෝ මම මහාචාර්යතුමාගේ කමිස ඉස්ත්‍රික්ක කරමි. නැතහොත් බුමුතුරුණ මත ඇති පැල්ලම් සෝදමි. ඒත් නැතහොත් රෑ කෑම සඳහා බෝංචි කපමි. මා මුලුතැන්ගේ සිටිද්දී පාඩම් කුටිය තුළ ඔවුන්ගේ සිනහව පාවී ඒනම් මම කොන් වී ඇතැයි වැනි හැඟීමක් මට දැනෙයි. මගේ දරුවාට කවුරුන් හෝ කරුණාවක් පෙන්වද්දී ඒ අසල දැවටෙන්නට මට ඇවසි විය.”     (47 පිටුව)

power of love

බැඳීමකට තිබිය යුතුම දේ අනෙකාට සවන්දීම. මිනිස්සු වියපත් වෙද්දී ඔවුන්ට තනිකම දැනෙනවා වැඩියි. එතරම් ඉගෙන ගෙන නොතිබූ ඇයත් ඇගේ දරුවාත් මහාචාර්යතුමා ඔවුන්ට ලබා දෙන පුංචි ගණිත ගැටළු විසඳන්නේ උනන්දුවෙන්. සතුටින්. ජීවිතය සතුටින් පුරවන්නේ පුංචිම පුංචි දේවල්. කාරුණික සිනහවක්,සිත සැනසෙන වදනක්,උණුසුම් කෑම වේලක් වගේ දේවල්. ඇල්මැරුණු ජීවිත සතුටින් පුරවන්නට,උණුසුම් කරන්නට පුළුවන් ආදරයටම පමණයි. ඉවසිලිමත් බවට,කරුණාවෙන් පිරුණු එක් පුංචි සිතිවිල්ලකට,අනෙකා ගැන සැලකිලිමත් වීමකට,ආදරයට මොනතරම් නම් දේවල් වෙනස් කළ හැකිද?

ජපන් ජාතික ලේඛිකා Yoko Ogawa විසින් රචිත The Housekeeper and the Professor කෘතිය 2020 වසරේ බුකර් සාහිත්‍ය සම්මානයේ කෙටි ලැයිස්තුගත කිරීම් අතරට නිර්දේශ වූවා. මේ කතාව ඇසුරෙන් The Professorzs Beloved Equation නමින් චිත්‍රපටයක් ද නිමැවී තිබෙනවා.”ඉලක්කමට පෙම් බැඳි මිනිසා” ලෙසින් මෙය මනරම් අයුරින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ මහේෂි වීරකෝන් විසින්.

power of love

 

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you