Mushroom, සුදුළූණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරලා රසට හදන Mushroom Soup එකක් කියන්නෙ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක්. නිදහස් වෙලාවකට, වැස්ස දවසකට එහෙම නැත්තම් dinner එකට ගැළපෙනම දෙයක්. ක්‍රීම් ගතිය පිරුණු Mushroom Soup පාන්, dinner rolls, mashed potatoes වගේ දේවල් එක්කත් ගැළපෙනවා. ඒ වගේම ප්‍රෝටීන්, ෆයිබර්, විටමින්, B ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් Mushroom Soup ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ලෙහෙසියෙන්ම Mushroom Soup එකක් හදාගන්නෙ කොහොමද බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය
Button Mushroom කෝප්ප 1ක් (කෑලි කපා ගන්න)
බටර් මේස හැඳි 1ක්
සිහින්ව කැපූ රතු ළූණු ගෙඩි 2- 3ක් 
සිහින්ව කැපූ කොත්තමල්ලි කොල
සුදු ළූණු පේස්ට් ස්වල්පයක්
පාන් පිටි මේස හැඳි 1ක්
වතුර කෝප්ප 1 1/2ක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
Fresh Cream කෝප්ප 1/4ක්
• සාදන ක්‍රමය
බඳුනකට බටර් ටික දමා එයට සිහින්ව ලියාගත් ළූණු, සුදු ළූණු පේස්ට් දමා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු එයට කෑලි කපාගත් button mushroom ටික එකතු කර මිශ්‍ර කර පාන්පිටි මේස හැන්දද එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර වතුර කෝප්ප එකහමාර එකතු කර බඳුනේ මූඩිය වසා තැම්බෙන්නට හරින්න.




