More
    FoodMeatball Curry විනාඩි තිහකින් මීට් බෝල් කරියක්

    Meatball Curry විනාඩි තිහකින් මීට් බෝල් කරියක්

    -

    spot_img

    Meatball Curry – මීට් බෝල් කරිය ලොකු කුඩා කවුරුත් ප්‍රියකරන රසවත් කෑමක්. විනාඩි තිහකින් සකසා ගත හැකියි. බත්, කිරිබත් සහ නූඩ්ලස් සමග ආහාරයට ගැනීමට පුළුවන්.

    Meatball Curry

    අවශ්‍ය ද්‍රව්‍ය Meatball Curry

    • මීට් බෝල්ස් 500g
    • ඉඟුරු – සුදුලූණු පේස්ට් මේස හැඳි 1
    • දුරුකුඩු මේස හැඳි 1
    • කොත්තමල්ලි කුඩු මේස හැඳි 2
    • මිරිස් කුඩු මේස හැඳි 2
    • ලුණු
    • පොල්තෙල් මේස හැඳි 5
    • කරපිංචා
    • සිහින්ව කපාගත් සුදුලූණු
    • කරාබුනැටි 3
    • ලොකුළූණු ගෙඩි 1
    • තක්කාලි ගෙඩි 2
    • අමුමිරිස් කරල් 2 (දිග අතට කපාගත්)
    • පොල්කිරි කෝප්ප 1

    සාදන ආකාරය

    මීට්බෝල්ස් බඳුනකට දමා ශීත ගතිය ඉවත්වන්නට හැර එයට ඉඟුරු – සුදුලූණු පේස්ට් එක, දුරු කුඩු සහ කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න. බඳුනක් ලිප තබා එයට තෙල් එක්කර, කරපිංචා, සිහින්ව කැපූ සුදු ලූණු , කපාගත් ලූණු, තක්කාලි, අමුමිරිස් එක්කරන්න. මෘදුවන තුරු තෙම්පරාදු කරගන්න. දැන් එයට මීට්බෝල්ස් එක්කරන්න. මද ගින්නේ විනාඩි 4 -5 ක් පිසීමෙන් පසුව පොල්කිරි එක්කර විනාඩි 10 -15 ක් පමණ පිස ගන්න. රස අනුව ලුණු එක්කරන්න.

    Meatball Curry

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page