More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsMahmoud Shaheen ඊශ්‍රායල බුද්ධි අංශයෙන් පැමිණි දුරකථන ඇමතුම

    Mahmoud Shaheen ඊශ්‍රායල බුද්ධි අංශයෙන් පැමිණි දුරකථන ඇමතුම

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Mahmoud Shaheen – දිනය ඔක්තෝබර් මස 19 වෙනි බ්‍රහස්පතින්දාය. වේලාව උදෑසන 06:30 ට පමණ වූ අතර ඊශ්‍රායලය ගාසා තීරයට දින 12 ක් එක දිගට බෝම්බ හෙළමින් සිටියේය. Mahmoud Shaheen සිටියේ ගාසා තීරය උතුරේ මධ්‍යම පාන්තික ප්‍රදේශයක් වන Al-Zahra හි ඔහු ජිවත්වන මහල් නිවාසයේ තුන්වන මහලේ, නිදන කාමරය තුළය. මේ වන තෙක් එය ගුවන් ප්‍රහාරවලින් බොහෝ දුරට ආරක්ෂාකාරී ස්ථානයක් විය. ඔහුට පිටතින් නැගෙන ඝෝෂාවක් ඇසුණි. “ඔයා පැනලා යන්න ඕනේ,” “ඔවුන් මහල් නිවාසවලට බෝම්බ දානවා” මිනිසුන් එසේ කෑ ගසන්නට වුහ. 40 හැවිරිදි දන්ත වෛද්‍යවරයකු වූ මහමුද් තම ගොඩනැගිල්ලෙන් ඉවත් වී පාර හරහා ආරක්ෂිත ස්ථානයක් සොයමින් සිටියේය.

    Mahmoud Shaheen

    ඒ මොහොතේ ඔහුගේ දුරකථනය නාද වන්නට විය. එය පුද්ගලික අංකයකින් ලැබුණු ඇමතුමකි. දන්ත වෛද්‍යවරයා පවසන පරිදි, “මම කතා කරන්නේ ඊශ්‍රායල බුද්ධි අංශයෙන්,” යැයි යමෙකු පහත් හඬින් පවසා තිබිණි. එම ඇමතුම පැයකට වඩා වැඩි කාලයක් තිබී ඇති අතර ඔහු පවසන්නේ එය ඔහුගේ ජීවිතයේ ලැබුණු භයානකම ඇමතුම වූ බවයි. තමන්ව Abu Khaled ලෙස හඳුන්වා දුන් පුද්ගලයා නිරවුල් ලෙස අරාබි බස හැසිරවූ බව මහමුද් පවසයි.”මට මහල් නිවාස සංකීර්ණයේ කුළුණු තුනකට බෝම්බ දැමීමට අවශ්‍ය බව” පැවසූ ඔහු අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස මහමුද්ට නියෝග කොට තිබිණි. ඔහු ජිවත් වූ කුළුණ සෘජුවම තර්ජනයට ලක් නොවුවත්, මිනිසුන් සිය ගණනක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ඔහු වගකිව යුතු බව ඔහුට හැඟී ගොස් තිබිණි. “මිනිසුන්ගේ ජීවිත මගේ අතේ තිබුණේ ” ඔහු පවසයි.

    Mahmoud Shaheen

    ඔහු මෙම කාර්යය සඳහා තමාව තෝරා ගත්තේ මන්දැයි නොදන්නා නමුත් තම ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතු හෙයින්, ඔහු අබු ඛලීඩ් ලෙස තමන්ව හඳුන්වා ගත් පුද්ගලයාට දුරකථනය විසන්ධි නොකරන ලෙස ඉල්ලා සිටි බව කියයි. ඔහුගේ දුරකතනයේ බැටරිය බසිමින් තිබියදී පවා ඔහු නාඳුනන අමතුම්කරුගෙන් බෝම්බ ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලා සිටි අතර මිනිසුන්ට පලා යන ලෙස උගුර රිදෙන තුරු කෑගැසුවේය. එමෙන්ම
    තම අසල්වැසියන් විශාල වශයෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නායකත්වය දුන් අතරම අසල්වැසි නිවාස ඇස් ඉදිරිපිට පුපුරා යන ආකාරය බලා හිඳින්නටද සිදුවිය. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාරවලට පෙර ගාසා වැසියන්ට අනතුරු ඇඟවීමට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වන අතර මහමුද්ට ලැබී ඇත්තේද එවැනි එක් දුරකථන ඇමතුමක් විය හැකිය. බී.බී.සී පුවත් සේවය ඔහුව සම්බන්ධ කරගෙන ඇත්තේ අල්-සහ්රා වැසියන් කිහිප දෙනෙකුගෙන් ඔහු අනතුරු ඇඟවීමේ ඇමතුම ලැබුණු පුද්ගලයා බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

    -BBC News ඇසුරෙනි- by Alice Cuddy.

    Photo Credits: Getty Images Qutaiba Kolthoum

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Hima Mal Renu හිම මල් රේණු – 06

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ?...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page