NewsMahmoud Shaheen ඊශ්‍රායල බුද්ධි අංශයෙන් පැමිණි දුරකථන ඇමතුම

Mahmoud Shaheen ඊශ්‍රායල බුද්ධි අංශයෙන් පැමිණි දුරකථන ඇමතුම

-

spot_img

Mahmoud Shaheen – දිනය ඔක්තෝබර් මස 19 වෙනි බ්‍රහස්පතින්දාය. වේලාව උදෑසන 06:30 ට පමණ වූ අතර ඊශ්‍රායලය ගාසා තීරයට දින 12 ක් එක දිගට බෝම්බ හෙළමින් සිටියේය. Mahmoud Shaheen සිටියේ ගාසා තීරය උතුරේ මධ්‍යම පාන්තික ප්‍රදේශයක් වන Al-Zahra හි ඔහු ජිවත්වන මහල් නිවාසයේ තුන්වන මහලේ, නිදන කාමරය තුළය. මේ වන තෙක් එය ගුවන් ප්‍රහාරවලින් බොහෝ දුරට ආරක්ෂාකාරී ස්ථානයක් විය. ඔහුට පිටතින් නැගෙන ඝෝෂාවක් ඇසුණි. “ඔයා පැනලා යන්න ඕනේ,” “ඔවුන් මහල් නිවාසවලට බෝම්බ දානවා” මිනිසුන් එසේ කෑ ගසන්නට වුහ. 40 හැවිරිදි දන්ත වෛද්‍යවරයකු වූ මහමුද් තම ගොඩනැගිල්ලෙන් ඉවත් වී පාර හරහා ආරක්ෂිත ස්ථානයක් සොයමින් සිටියේය.

Mahmoud Shaheen

ඒ මොහොතේ ඔහුගේ දුරකථනය නාද වන්නට විය. එය පුද්ගලික අංකයකින් ලැබුණු ඇමතුමකි. දන්ත වෛද්‍යවරයා පවසන පරිදි, “මම කතා කරන්නේ ඊශ්‍රායල බුද්ධි අංශයෙන්,” යැයි යමෙකු පහත් හඬින් පවසා තිබිණි. එම ඇමතුම පැයකට වඩා වැඩි කාලයක් තිබී ඇති අතර ඔහු පවසන්නේ එය ඔහුගේ ජීවිතයේ ලැබුණු භයානකම ඇමතුම වූ බවයි. තමන්ව Abu Khaled ලෙස හඳුන්වා දුන් පුද්ගලයා නිරවුල් ලෙස අරාබි බස හැසිරවූ බව මහමුද් පවසයි.”මට මහල් නිවාස සංකීර්ණයේ කුළුණු තුනකට බෝම්බ දැමීමට අවශ්‍ය බව” පැවසූ ඔහු අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස මහමුද්ට නියෝග කොට තිබිණි. ඔහු ජිවත් වූ කුළුණ සෘජුවම තර්ජනයට ලක් නොවුවත්, මිනිසුන් සිය ගණනක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ඔහු වගකිව යුතු බව ඔහුට හැඟී ගොස් තිබිණි. “මිනිසුන්ගේ ජීවිත මගේ අතේ තිබුණේ ” ඔහු පවසයි.

Mahmoud Shaheen

ඔහු මෙම කාර්යය සඳහා තමාව තෝරා ගත්තේ මන්දැයි නොදන්නා නමුත් තම ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතු හෙයින්, ඔහු අබු ඛලීඩ් ලෙස තමන්ව හඳුන්වා ගත් පුද්ගලයාට දුරකථනය විසන්ධි නොකරන ලෙස ඉල්ලා සිටි බව කියයි. ඔහුගේ දුරකතනයේ බැටරිය බසිමින් තිබියදී පවා ඔහු නාඳුනන අමතුම්කරුගෙන් බෝම්බ ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලා සිටි අතර මිනිසුන්ට පලා යන ලෙස උගුර රිදෙන තුරු කෑගැසුවේය. එමෙන්ම
තම අසල්වැසියන් විශාල වශයෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නායකත්වය දුන් අතරම අසල්වැසි නිවාස ඇස් ඉදිරිපිට පුපුරා යන ආකාරය බලා හිඳින්නටද සිදුවිය. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාරවලට පෙර ගාසා වැසියන්ට අනතුරු ඇඟවීමට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වන අතර මහමුද්ට ලැබී ඇත්තේද එවැනි එක් දුරකථන ඇමතුමක් විය හැකිය. බී.බී.සී පුවත් සේවය ඔහුව සම්බන්ධ කරගෙන ඇත්තේ අල්-සහ්රා වැසියන් කිහිප දෙනෙකුගෙන් ඔහු අනතුරු ඇඟවීමේ ඇමතුම ලැබුණු පුද්ගලයා බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

-BBC News ඇසුරෙනි- by Alice Cuddy.

Photo Credits: Getty Images Qutaiba Kolthoum

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you