More
    FeaturesBeyond the Struggle මෙරට මලයහ ජනතාවගේ ජිවන අරගලය

    Beyond the Struggle මෙරට මලයහ ජනතාවගේ ජිවන අරගලය

    -

    spot_img

    Beyond the Struggle – පසුගිය ජූනි මස 23 සහ 24 දෙදින තුළ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේ දී සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්විණ. එය නම් කර තිබුණේ 200+Beyond the Struggle යනුවෙනි. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සමාජ සහයෝගීතාවය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන(Strengthening Social Cohesion and Peace in Sri Lanka programme – SCOPE) සමඟ ඒකාබද්ධ වෙමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබුණි. ඒ යුරෝපා සංගමයේ සහ ජර්මන් ෆෙඩරල් විදේශ කාර්යාලයේ අරමුදල් දායකත්වයෙනි. ජාත්‍යන්තර සහයෝගය සඳහා වන ජර්මන් සමාජය (The Deutsche Gesellschaft für International Zusammenarbeit – GIZ GmbH) විසින් ශ්‍රී ලංකා රජයේ ද සහයෝගය ඇතිව SCOPE ක්‍රියාත්මක කරනු ලබයි.

    Beyond the Struggle

    මෙය මෙරට මලයහ ජනතාව කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබූ ප්‍රදර්ශනයකි. මලයහ යන තමිල් වචනයේ සිංහල අර්ථය කඳුකරය යන්නයි. කඳුකරයේ වෙසෙන ජනතාව මලයහ ජනතාව ලෙස හඳුන්වයි. මෙකී ජනතාව මෙරට තුළ සුවිශේෂී ඉතිහාසයකට හිමිකම් කියයි. මෙයට අවුරුදු දෙසීයකට පමණ ඉහත දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ඔවුන් ගෙන්වන ලද්දේ තේ, කෝපි ආදී වතු වගාව උදෙසා ය. මන්නාරම ප්‍රදේශයේ සිට ඔවුන් පා ගමනින් කඳුකරය බලා රැගෙන එද්දී අතරමග දී බොහෝ පිරිසක් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්ව මිය ගොස් ඇති වග ඉතිහාසයේ සඳහන් ය.

    Beyond the Struggle

    වසර දෙසීයකට පසු වුවද අද පවා මලයහ ජනතාවගේ ජීවිතවල වැඩි වෙනසක් දක්නට නොලැබේ. දැන් පරම්පරා කීපයක් ම මෙරට ජීවත් වුවද තවමත් ඔවුන්ට උපන් බිමේ අයිතියක් නොමැත. උපන් බිමේ අයිතියක් තබා ජීවත්වන නිවෙස් සඳහා ලිපිනයක්වත් නොමැත. ඉතා සොච්චම් දෛනික වැටුපක් වෙනුවෙන් උදේ හවා මහ පොළොව සමඟ ඔට්ටු වන ඔවුන්ගේ ජීවිතයද, අනාගතයද එකම ඛේදවාචකයකි. අතීතයේ පටන් හැම ආණ්ඩුවක්ම සහ බොහෝ දේශපාලකයින්ද ඔවුන් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය නැවත නැවතත් ලියා දැක්විය යුතු නොවේ.

    මේ ඡායාරූප ප්‍රදර්ශනය ඔවුන්ගේ ජීවිතවල අඳුරු පැති කඩ තව තවත් ඇසට ළං කර අපට පෙන්වා දෙයි. විශේෂත්වය වන්නේ ඒ ඡායාරූප ලබාගෙන ඇත්තේද මලයහ ජනතාවගේ නූතන ම පරම්පරාව නියෝජනය කරන යෞවන යෞවනියන් විසින් වීම ය. අනාගත විශිෂ්ට ඡායාරූප ශිල්පීන්ගේ මූල බීජ ඒ සේයා රූ අතර අපට පැහැදිලිව ම කැපී පෙනෙයි. මේ සමග ඇති ඡායාරූප කීපය නිරීක්ෂණය කිරීමෙන් ඔබටද ඒ ගැන නිඟමනයක් කළ හැකිය. නමුත් ප්‍රශ්නය එය නොවේ. ඔවුන් විසින් එළැඹෙන අනාගතයේ දී ත් ගත යුතුව ඇත්තේ මෙවන් පින්තූර ම පමණක්ද..? ප්‍රශ්නය එයයි. පිළිතුර සැබවින්ම නැත යන්න ය. ඔවුන්ට නිසැක ලෙසම මෙයට වඩා දියුණු, ලස්සන, ගෞරවාන්විත මිනිස් දිවියක් හිමි විය යුතුය. එහි තිබූ ඇතැම් පින්තූර සැබැවින් ම ගෞරවාන්විත මිනිස් දිවියට නිගා දෙන පින්තූර ය. පින්තූරවලට එහා ගිය ඒ භෞතික, සැබෑ ජීවිතය මොන තරම් ඛේදවාචකයක් වනවා ඇද්ද..?

    Beyond the Struggle

    අප සැම රටක් ලෙස අවංකව මේ පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ එබැවිනි. ශ්‍රී ලංකාව ලෝකයට තේ සපයන රටවල් අතර තුන්වන ස්ථානයේ සිටින බව කියැවේ. නමුත් ඒ පසුපස ඇති මහා මිනිස් ශ්‍රමයේ හිමිකාරයන්ගේ ඉරණම කුමක්ද..? එබැවින් වහ වහා මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබිය යුතුය. පිළිතුරු සෙවිය යුතුය. මේ ප්‍රදර්ශනය බඳු කලාත්මක සමාජ මැදිහත්වීම් සඳහාද නිසි වටිනාකමක් ලැබෙනු ඇත්තේ එවිට පමණක් බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

    සටහන
    කසුන් සමරතුංග 

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 06

    රත් දෝතළු - 06 නිර්මාණිට ඇමතුමක් ගන්නට කීපවරක්ම කළ උත්සාහය නිරර්ථ වූයේ එය ක්‍රියා විරහිත කොට තිබූ බැවිනි. සමහරවිට ඈ...

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින්

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින් - Mohanlal ප්‍රවීණ රංගන ශිල්පී මෝහන්ලාල් දශක හතරකට අධික කාලයක් සිනමාව හැඩ කළ මලයාලම් සිනමාවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page