More
    NovelsSadewtharaSadewthara - 06 සදෙව්තාරා

    Sadewthara – 06 සදෙව්තාරා

    -

    spot_img

    Sadewthara – 06 සදෙව්තාරා

    සදෙව් ඇත්තේ රෝහල් ඇඳක් මතය. ඔහුට කෘතීමව ස්වසනය ලබා දීමේ උපකරණ සවිකර තිබේ. තද නින්දකට වැටී ඇති ඔහුගේ ළය රිද්මයානුකූලව උස් පහත් වන අයුරු නිරීක්ෂණය කරමින් නිම්නා ,සදෙව්ගේ ඇඳ අසලට වී සිටින්නීය.

    ඇයට පෙරදා රාත්‍රීයේ ඔහු අසනීප වූ අවස්ථාව සිහියට නැඟුණාය.

    සදෙව් අසනීපව බිම වැතිර ගත් මොහොතේ මාලක ඔහුව ඔසවන්නට උත්සාහ කළ අතර,නිම්නා සහ මිහිර කළේ උදව් ඉල්ලා කෑගැසීමය. එහෙත් තාරා කළේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයකි. ඇය තමන් හැඳ සිටි ජර්සිය ගලවා සදෙව්ගේ හිසේ සිට ආවරණය වන පරිදි ඔහුට එය ඇන්දවූවාය. ඉන් නොනැවතී සදෙව්ගේ දෑත් ඇගේ අත්ලෙන් පිරිමදිමින් උණුසුම් කරන්නට වූවාය. එමෙන්ම සිය දෑත් එකට පිරිමැද උණුසුම් කොට සදෙව්ගේ කොපුල් මත තදින් තෙරපන්නට වූවාය. සැබවින්ම නිම්නාට සදෙව් අසනීප බව මොහොතකට අමතක වී තාරා කෙරෙහි ඊර්ෂ්‍යාවකට සමාන හැඟීමක් උපදිමින් තිබුණා කිවහොත් එය මුසාවක් නොවේ. ඇගේ පපුවේ එක් කොනක් කෙවෙමින් තිබුණාය. සදෙව් සේම තමන්ටද බොරුවට හෝ බිම ඇදගෙන වැටෙන්නට ඇත්නම් කියා ඇයට කිහිපවරක් සිතුණාය. ගිලන් රථය සදෙව්ව රැගෙන යන්නට සංචාරක බංගලාවට පැමිණි මොහොතේ කිසිවෙකු ඊට ගොඩවැදීමට පෙර තමා එයට නැඟී සදෙව් අසලින් වාඩිවූයේ කෙසේදැයි නිම්නාට තවමත් සිතාගත නොහැකිය. ගිලන් රථය සමඟ හෙද සේවයක් පැමිණියද,ඔහුව දියතලාව රෝහලට ගෙන එන තුරුම ඇය උන්නේ සදෙව්ගේ අතෙන් අල්ලාගෙන එය පිරිමදිමිනි. සංචාරක බංගලා හිමිකරු වික්‍රම සහ ඔහුගේ බිරිඳ දර්ශී කොතෙක් බලකර සිටියද,ඇය ඔහුව රෝහල් ඇඳ මත තනිකර දමා ආපසු තමන් නැවතී සිටි සංචාරක බංගලාවට යෑමට එකඟ නොවූවාය. රෝහල් කාර්‍ය මණ්ඩලයේ විරුද්ධතාවය පවා නොසලකා හරිමින්,රැය පහන් වනතුරුම ඇය මෙසේ විටින්,විට සදෙව්ගේ ඇඳ අසලට විත් ඔහු දෙස බලා හිඳින්නට වූවාය. ඉතිරි කාලය තමා දියතලාව මූලික රෝහලේ සදෙව්ගේ වාට්ටුව අසල බංකුවක නිදි වරමින් සිටියාය යන්න ඇයටම පුදුමය දනවන කාරණයකි.

    “දැන් කොහොමද තත්වෙ..”

    සංචාරක බංගලා හිමිකරු වික්‍රමගේ හඬින් නිම්නා කල්පනාවෙන් මිඳුණාය.

    “පාන්දර තමා නින්ද ගියේ..හුස්ම ගන්න ටිකක් අමාරු වුණා…ඒකයි…”

    “මං ගෙදරට විස්තරේ කිව්වා…”

    “ගෙදරට කිව්වෙ අංකල්…”

    “ඔයාලයෙ ගෙදරටයි,සදෙව්ලයෙ ගෙදරටයි…”

    “අනේ…ඒ ඇයි අංකල්…”

    “ඒ ඇයි කියන්නෙ ළමයො…මේ වගේ දෙයක් පවුලෙ අයට නොකියා කොහොමද..අනික ඔයාල ගැන වගකීම තියෙන්නේ මගේ කරපිටනෙ…”

    “සදෙව්ලයෙ ගෙදරින් මොකද කීවේ අංකල්..”

    “ඉක්මනට කොළඹට ගෙන්නගන්නව කිව්ව…”

    “මේ තත්වයෙන්..අනික ට්‍රිප් එක…”

    “මේ තත්වයෙන් මොන ට්‍රිප්ද ළමයෝ….අනික ඒ ගොල්ලො හොඳටම කළබල වෙලා ඉන්නෙ සදෙව් ගැන…අදම ඔය ළමයින්ට ආපහු කොළඹ යන්න ට්‍රාන්ස්පෝට් එකක් ඇරේන්ජ් කරන්න කිව්වා….සදෙව් ගැන හොස්පිට්ල් එකත් එක්ක කතා කරලා තීරණයක් ගනී…”

    “එහෙනම් අන්කල් බංග්ලෝ එකේ ඉන්න අයට ට්‍රාන්ස්පෝට් එකක් ඇරේන්ජ් කරන්න කොළඹ යන්න…”

    “එතකොට ඔයා..”

    “මං සදෙව් යන වෙලාවක එයා එක්ක තමා යන්නෙ…”

    “මෙහෙම කිව්වට මොකුත් හිතන්නෙපා නිම්නා…මං ඊයේ රෑ ඔයා හිටියෙ හොස්පිට්ල් එකේ කියලවත් ඔයාලගෙ ගෙදරට කිව්වෙ නෑ…හැබැයි තවදුරටත් ඔයා මේ විදිහට හිතුවක්කාර වුණොත් මට ඒ ගැන ගෙදරට දැනුම් දෙන්න වෙනවා….ඒක මගේ වගකීම..සොරි…”

    වික්‍රම පිටව ගියේ තරමක් හිත නොහොඳින් බව නිම්නා අවබෝධ කරගත්තාය. එහෙත් තමන්ගේ හිත තමන්ටවත් පාලනය නොවන වග කාට තේරුම් කර දෙන්නේදැයි ඇයට වැටහෙන්නේ නැත. එක් අතෙකින් සදෙව්ගේ අසනීපයය. අනෙක් අතෙන් සියල්ල අතහැර කොළඹ යා යුතු වීමය. තවත් එක් කාරණයක් තමන්ටවත් නොතේරී හිත කොනක වදවෙමින් සිටිනා වග ඇයට දැණුනද,ඒ කුමක්දැයි තෝරා,බේරා ගැනීමට අපොහොසත්ව ඇය පැටලී උන්නාය. තමන්ගේ උරහිස මත කිසිවෙකුගේ අතක් ගැටීමෙන් ඇය හැරී බැලුවාය.

    “තාරා…..”

    නිම්නා ඇසූයේ පුදුමයෙනි. එහෙත් ඒ පුදුමයට පිළිතුරු බඳින්නට තාරා නිම්නා අසල නතර නොවූවාය. ඇය කෙලින්ම ගොස් නතරවූයේ සදෙව්ගේ ඇඳ ඉහත්තාවේය. නිම්නා වේගයෙන් ඇසිපිය සලන්නට වූ අතර ඇගේ කොපුල් නළියන වග ඇයට දැනෙන්නට වූවාය.

    මිහිර සංචාරක බංගලා උද්‍යානයට වී ඈත ෆයිනස් කඳු පන්තිය වෙත දෑස් යොමා උන්නේය. එක යායට පෙනෙන ෆයිනස් ගස් අගිස්සෙන් වළාකුළු රැළි පාවෙමින් තිබුණි. ඊයේ රාත්‍රිය ඔහුට නොවිසඳුණු ප්‍රශ්න බොහොමයක අක්,මුල් ඉතුරු කොට ඇත්තේය. ඉන් පළමුවැන්න සදෙව්ගේ හදිසි අසනීප තත්වය වීද,ඒ මොහොතේ මාලකගේ හැසිරීම තුළ මතුව ආ සමහර කාරණා තාමත් ඔහුට ප්‍රෙහේලිකාවකි. සදෙව් රෝහලට රැගෙන ගිය පසුවත් ඔහු බොහෝ දේ කියමින් තමන්ට බැන වැදුණේය. අඩුම තරමේ ඒ බැනුම් වලට හේතූ අසන්නට තරම්වත් පියවි සිහියක ඔහු නොසිටියේය. විටෙක ඒ සැබෑවක්ද නොඑසේනම් රඟපෑමක්ද කියා තෝරා,බේරා ගැනීමට නොහැකි තරමට ඔහුගේ හැසිරීම් තිබුණේ අවුල් සහ පැටලිලි ගොඩකය. කිහිප වතාවක් ඔහු තමන්ට පහර දෙන්නට සැරසුණේය. ටී ෂර්ටයෙන් ඇද බනින්නට වූයේය. ඔහුගේ කියවිලි අතර ප්‍රධාන වූයේ නිම්නා සහ තාරාය. මාලක හැසිරුණේ තමන් ඔහුගේ අනාගත බලාපොරොත්තු වල බාධකයක් ලෙස සිතාගෙන යැයි ඔහුට සිතුණේය. එහෙත් ඒ කුමන බලාපොරොත්තුද,තමන් ඊට බාධාවක් වන්නේ කෙසේදැයි තවමත් ඔහුට වටහාගත නොහැකිය.

    “ඒයීඊඊ……”

    ඈතින් එසේ තමන් අමතනු ලැබූයේ මාලක විසිනි,ඒ හැසිරීම එක්වරම හිතට අප්‍රසාදයක් එක් කළද,මේ ඔහු හා පැටලීමට සුදුසු මොහොත නොවන බව මිහිර තමන්ගේම හිතට ඒත්තු ගන්වමින් ඔහු සිටින දෙසට ගමන් කළේය. මාලකගේ මුහුණ තඩිස්සි වී ඇස් ඉදිමී තිබිණි.

    “ඊයේ මොකෝ බං වුණේ..”

    මාලක ඇසූයේ ඇඟමැළි කඩමින්,ඈනුම් අරින අතරවාරයේය. එය සිනා උපදවන ප්‍රශ්නයක් වුවද,සංයමයෙන් මාලකට උත්තර දෙන්නට මිහිර හිතට ගත්තේය.

    “ඇත්තටම ඊයේ වෙච්චි කිසිදෙයක් මතක නැද්ද…”

    “මතකනම් අහනවද ඩෝ…පඬියා නොවී අහපු දේට උත්තර දීපංකෝ..”

    “සදෙව්ට අසනීප වුණා…”

    “උණද… හෙම්බිරිස්සාවද…”

    “දන්නෑ…හුස්ම ගන්න බැරුව ඇදගෙන වැටුණා…ඊයේ රෑම හොස්පිට්ල් ඇඩ්මිට් කරා…”

    “අප්පට සිරි… ”

    මාලක හිසේ අත ගසා ගත්තේය. එක් වරම යමක් මතක් වූවාක් මෙන්,

    “කෝ නිම්නා..”

    කියා මිහිරගෙන් ඇසුවේය.

    “ඊයේ රෑ සදෙව් අරං ගියපු ඇම්බියුලන්ස් එකේම නැඟලා නිම්නත් ගියා…”

    “මේකිට මොන මෝල්……….”

    කියන්නට ගිය දෙය ගිලගනිමින් මාලක සිය කලිසම් සාක්කු දෙක අතගෑවේය.

    “උඔ අතේ මොබයිල් එක තියනවද..”

    “ඔව්..”

    “මට නිම්නට කෝල් එකක් අරං දියං..”

    මිහිර සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගැනීමට කිහිපවරක් උත්සාහ කොට අවසන මාලක දෙස බලා,

    “නිම්නගෙ මොබයිල් එක ස්විච් ඕෆ්…”

    කියා කීවේය.

    “කෝ දියං පොඩ්ඩක් මොබයිල් එක..”

    මාලක මිහිරගේ ජංගම දුරකතනය ඔහුගෙන් උදුරා ගත්තේය. එය කිහිපවරක් අංකනය කොට,ඇමතුම සම්බන්ධ කරගැනීමට නොහැකි වූ තැන නොසන්සුන්ව එහා,මෙහා ඇවිදිමින් හිස කසන්නට වූයේය.

    “ගනිං උඔලයෙ අයියට කෝල් එකක්..”

    කියා ඔහු මිහිරට නැවත දුරකතනය ලබා දුන්නේය.

    “අපෙ අයියට…”

    මිහිර ඇසූයේ කුහුලෙනි.

    “තොපෙ අයියට තමා…ගෑණි වගේ තොඳොල් වෙන්නැතුව ඉක්මනට අරං දියං..”

    මාලක නොරිස්සුමෙන් කීයේය. මිහිර දුරකතනය අංකනය කොට මොහොතක් එය කනේ තබාගෙන හිඳ මාලක වෙත පෑවේය. මාලක එය කනේ තබාගෙන සිටියේ පාලනයෙන් තොරවය.

    “මල්ලි නෙවේ…මං මාලක මහත්තයා බං…කෝ අපේ තාත්ත ආවද….තාත්තා ෆෝන් එක ඉස්සුවනම් මං උඔට ගන්නවද බං…ආපු ගමන් තාත්තට කියපං සදෙව් හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලෙ…නිම්නා ඌ එක්ක ඊයේ රෑ තිස්සෙම එහේ කියලා…”

    කියූ සැනින් දුරකතනය විසන්ධි කළ මාලක එය මිහිර අත තැබුවේය.

    “එහෙම කියනෙක හරි නෑ නේද මාලක..”

    මිහිර එසේ කියද්දී,මාලක ඔහු සමීපයට පැමිණ ඇඟිල්ල උරුක් කොට කතා කරන්නට වූයේය.

    “මාලක මහත්තයා….මොකක්ද…මහත්තයා…මං කරන දේවල් වල හරි,වැරදි බලන්න උඔ තාම පුංචි වැඩියි මචං…ඒ නිසා අයියට කියපං මං කියපු දේ ඒ විදිහටම අකුරක් නෑර අපේ තාත්තගෙ කනේ තියන්න කියලා…උඔත් මේ වෙන දේවල් දිහා ගොළුවා,බීරා වගේ ඉන්න තරමට නිම්නලා,සදෙව්ලා යාළුවෝ කියලා තව ටික කාලයක් උඔට ආඩම්බරෙන් කියන්න පුළුවන්…උඔලයෙ අයියට රස්සාවත් බේරගෙන…උඔට කොහෙන් හරි පරස්තාවකුත් කරගෙන සතුටෙන්,සමාදානෙන් ඉන්න ඕනේනම්.මං කියපු විදිහට වැඩ කරපං…එච්චරයි…”

    කියා මාලක පිටව ගියේය. සිද්ධ වූ දෙයින් අන්ද,මන්දව මිහිර ඔහු යන දෙස බලා උන්නේය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page