ආදරයේ අපූරු පාඩම – The Little Broken Cake
මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු මතක ගොන්නකින් සමන්විත වූ අපූර්ව එකකි. ඒ හැමටත් වඩා ආදරය, අනුකම්පාව සහ ත්‍යාගශීලී බව පිරුණු එක් අපූරු මතකයක් මා සතුව ඇත. එය මායාකාරී සිදුවීමකි. එය මාව නිරතුරු ආදරයෙන් සහ ධෛර්යයෙන් පෝෂණය කරන කතාවකි. ආදරයට ආශ්චර්යයන් සිදුකළ හැකිය යන්න එය කියාදෙයි. එබැවින් මම ඒ ප්‍රේමයේ තිළිණය ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි.
ඒ 1968 වසරේ ඔක්තෝබර් මාසයේ වැසි වැටුණු දිනයකි. එදිනට මගේ ප්‍රියතම මාමාගේ උපන්දිනය යෙදී තිබුණ අතර මට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ දෙයක් කිරීමට අවශ්‍ය විය. එනිසා මම ඔහු වෙනුවෙන් බර්ත්ඩේ කේක් එකක් සෑදීමට සිතුවෙමි. තනිවමම. මගේ ඊසි බේක් අවන් එක මුළුතැන්ගෙට ගෙනා මම, කේක් එක සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරගෙන වැඩ පටන් ගත්තෙමි. දක්ෂ ලෙස මැන බලමින් අවශ්‍ය කළමනා එකතුකර හැමදේම හරියටම කෙරූ පසු මට මමත් බෙටී ක්‍රොකර් වගේ කියා සිතුණි. දැන් කේක් එක බේක් කරන වෙලාවයි. මේක නිකංම නිකං කේක් එකක් නෙමෙයි. ඒක මගේ මාමගේ උපන්දිනය වෙනුවෙන්. ආදරෙන්.

පැය ගණනකට පසු අවසානයේ මම එය සාර්ථකව නිම කර තිබුණි. මගේ අතින් සැකසුණු ලස්සනම කේක් එක එයයි. ඉවසීමෙන් සහ මහන්සියෙන් මට ප්‍රතිඵල ලැබී තිබුණි. තට්ටු දෙකක සුදු පැහැ කුඩා කේක් එකක් වූ එය වෙල්වට් ෆජ් ෆ්‍රොස්ටින් වලින් සරසා නිල් පැහැ කුඩා ඉටිපන්දමක් ගැසුවෙමි. මගේ පුංචි අත් දෙකෙන් වෙහෙස මහන්සි වී සැකසූ මේ විශේෂ තෑග්ග මාමාට ලබා දෙන තුරු මට ඉවසුමක් නොවීය. ඔහු නිවසට එන්නේ හවස පහටයි.
අවසානයේ ඒ මොහොත උදා විය. මාමාට කේක් එක පිළිගන්වා ඔහුට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමේ මොහොත එලැඹුණු ප්‍රීතියෙන් මම අත් දෙකෙන් කේක් එක රැගෙන නිවසෙන් එළියට දිව ගියෙමි. කළබලය නිසා එලියේ වහින බවවත් මට සිහිපත් වුණේ නැත. ආලින්දය අසල බැම්ම වැහි වතුරෙන් තෙමී තිබුණි. අන්ධයෙක් විලසින් එතැනින් දිව ගිය මම ලිස්සා වැටුණ අතර කේක් එක මා අතින් ගිලිහී අහසේ පියාසර කර මා අසලම බිම වැටුණේය. දුඹුරු පැහැ මඩ මත සුදු පුළුන් ගොඩක් මෙන් එය කැබලි කැඩී තිබුණ අතර එය සේම මගේ හදවතද බිඳී ගියේය.
මම එතන ඉඳගෙන අඬමින් මගේ තුවාල වලට බෙහෙත් දමමින් සිටියදී අහසේ සිට මහළු දේවදූතියක් මදෙස බලාගෙන සිටියේය. මෘදු කටහඬක් මට ඇසුණි.
“බය වෙන්න එපා බබා. හැමදේම හරි යයි”
ඇය කීවාය. මුළුතැන්ගෙයි ජනේලයෙන් බලාගෙන හිටපු මගේ අත්තම්මා මාව බේරගත්තාය. ඒ අපූරු, මායාකාරී ජීවියා වූ ඇය මාව බේරාගත් අතර, මා අසල දණගසා කම්මුලට හාදුවක් දී මගේ කඳුළු පිස දමමින්
“අපි මේ බර්ත්ඩේ කේක් එක වෙලාවට පාටි එකට අරන් යන්න නම් ඉක්මන් කරන්න ඕනේ ”

යනුවෙන් පැවසුවාය. මම සැකයෙන් ඇය දෙස බැලුව මුත් ඇය සිනාසෙමින් බිම වැටුණ කේක් කැබලි පරිස්සමට අහුලා ගත්තාය. ඇගේ රැලි වැටුණු අත්වලින් මෘදු ලෙස හැම කැබැල්ලක්ම අහුලා ඒවා කුකී ෂීට් එක මත තබන හැටි දුටු විට මට සැනසීමක් දැණුනි. ඇයට තිබුණේ විස්මිත දෑතකි. මැජික් එක ඇරඹුණේ ඉන් පසුවයි. බිඳී ගිය කේක් කැබලි ඇගේ මැජික් අත් දෙකෙන් ඇය නැවත සැකසුවේ කලාකාරියක් තරම් සූක්ෂමවය. ඉන්පසු අමතර අයිසිං ටිකක් තැවරූ ඇය කේක් එක උඩින් කුඩු කරපු සීනි තවරා, මැරස්චිනෝ චෙරි කෑලි ටිකකින් එය හැඩ කළාය. මට මගේ ඇස් අදහාගත නොහැකි විය. එය පෙරටත් වඩා හැඩට පෙනුණි. ඇය ළඟ ඉටිපන්දම්ද තිබුණේය. ඇය පැවසුවේ එය මහ ලොකු දෙයක් නොවන බවයි. නමුත් එවැනි කැඩී ගිය කේක් එකක් යළි සැකසිය හැක්කේ ආත්තම්මාගේ ආදරයටම පමණක් බව මම දැන සිටියෙමි. මම ඇයව තදින් වැළඳගෙන හාදුවක් දී මට ගොඩක් ආදරය කරනවාට ඇයට කෘතවේදී වුණෙමි. ඉතින් මගේ අලුත් සහ වැඩිදියුණු කළ කේක් එක මගේ අතේ තියාගෙන, මම ආයෙත් පාරක් ඉදිරියට ආවෙමි. මෙවර, කලින්ට වඩා බොහොම පරිස්සමට!
ඒ වෙලාවේ මාමා ගෙදර ආව අතර මම කේක් එක ඔහුට පිළිගන්වා හැපි බර්ත්ඩේ ගීතය ගායනා කලේ ආදරයෙන් සහ සතුටින් පිරී යමිනි. කේක් එකට සිදු වූ දේ ඇසූ මාමා, එය මෙතෙක් සාදන ලද ලස්සනම උපන්දින කේක් එක බව පැවසුවේය. අන්තිම කැබැල්ලත් අවසන් කෙරූ ඔහු
“ඒ මම කාලා තියෙන රසවත්ම චෙරි-චොකලට් කේක් එක! ඒවට මම ගොඩක් ආසයි කියලා ඔයා කොහොමද දැනගත්තේ?”




