NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 34

Tharu Mal Viyan තරු මල් වියන් – 34

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

මාලක හදිසියේ තමා සොයා පැමිණියේ කුමකටද.? ඔහු සමඟ කිරීමට තරම් සුහද කතා බහක් ඇයට නොමැත.

“අලි මදිවට හරක් කිව්වලු…”

ඈ ඉස්තෝප්පුවට ගොඩ වූයේ එසේ සිතමිනි. මාලක සිටියේ ඇයට පිටුපා සිටගෙනය.

“මාලක…”

ඈ ඔහු අමතන හඬින් මාලක වහා හැරී බැලීය.

“මොකටද ආවේ…?”

යැයි අසන්නට මුව විවර වුවද ඈ වහා එම වචන මුව තුළම සිර කර දැමුවේ ඔහුගේ මුහුණ දැකීමෙනි. මුහුණ පුරා වැවුණු රැවුළ් කොට, යට ගිය දෑස් කියා පෑවේ පෙරදා සිටි මාලක නොව මේ ඉන්නේ වෙනත් අයෙකු කියාය. එම මුහුණේ වෙනදා වූ සැහැල්ලුව දඟකාර බව අද නැත. පෙර සිටි මාලකත් මේ සිටින මාලකත් දෙදෙනාම එකම අයෙකුදැයි කියා ඇයටම සිතා ගන්නට අපහසු විය.

“මම ආවේ ඔයාව පොඩ්ඩක් හමුවෙලා කතා කරන්න…ඔෆිස් එකට ගත්තාම ඔයා අද කලින් ආවා කිව්වා…”

තම ජංගම දුරකථනය නිහඬ කර දැමුවේ නවාතැනට පැමිණි පසුව බව ඇයට සිහි වූයේ දැන්ය.

“ඔව්…මං ටිකක් කලින් ආවා…ඔයා ඇයි ආවේ…ඔයාගේ වයිෆුත් ඇවිත් මට සද්දයක් දාලා යන්න ලෑස්ති වුණේ…මං බැනලා එළවගත්තා…ඔයාත් ආවේ ඒකටද…?”

උපහාසය මුසුව ඈ විමසුවාය. මාලක තිගැස්සුණු බැල්මෙන් ඈ දෙස බැලුවේය.

“සංචලා මෙහෙ ආවද…?”

“මෙහෙට නෙවේ…ඔෆිස් එකට…එයාගේ මඟුල කැඩෙන්න යන්නේ මං නිසා වගේ කතාවක් කිව්වේ…”

“ඒ ගෑනිට පිස්සු…”

මාලක කීවේ කෝපයෙනි. අංජලි කෙටි සුසුමක් පිට කළාය.

“ඒවයින් කමක් නැහැ…ඔයා ඇතුළට එනවද…?”

ඈ ඇරයුම් කළද මාලක එය ප්‍රතික්ෂේප කළේය.

“එහෙනම් යමු බංකුවට…”

ඈ පෙරමුණ ගන්නා විට මාලක නිහඬවම ඈ පසුපස ඇවිද ආවේය.

“ඔය දෙන්නා අතරේ ප්‍රශ්න තියනවා කියලා මං දන්නවා…ඒත් ඒවට මං පළි නැහැනේ…මාමලා ඉන්නවා ඇත්තෙත් මොන තරම් දුකකින්ද…ඔයා සංචලා එක්ක කතා බහ කරලා මේවා විසඳගන්න බලන්න…එයා ගෙදරින් ගියාලු නේද…?”

ඔහු කතා කරන තුරු බලා නොසිටි අංජලී එක දිගටම කියවන් ගියාය.

“මං අද ආවෙත් ඒ ගැන කතා කරන්න තමා…”

සුසුමක් පිට කළ මාලක කීවේය.

“මේ හැම දේටම මායි වැරදි අංජු…මං ඔයා එක්කත් සෙල්ලම් කළා වගේ…අපි දෙන්නා ගැන මං සංචලා එක්ක කිව්වා…මේ හැම ප්‍රශ්නෙටම හේතුව ඒකයි…”

“ඒ ගැන දැන් කතා කරන්න එපා…මං ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ… ඔයා කොහොම හරි සංචලා එක්ක කතා බහ කරලා මේ ප්‍රශ්න විසඳගන්න…ඔයා ගිහින් එයාව එක්ක එන්න ගෙදර…එයා බලන් ඉන්නවා ඇත්තේ ඔයා එනකල්…”

ඔහු පුදුමයෙන් ඈ දෙස බැලීය.

“මං යන්න…මං එයාට යන්න කිව්වේ නැහැනේ…”

“ඔයා කිව්වෙ නැති වුණාට එයා ගියානේ…ඔයාගේ ඔය මහන්තත්ත කම පැත්තක දාලා ගිහින් එයාව එක්ක එන්න…දෙන්නාගෙන් කවුරු හරි පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න එපැයි…”

ඈ කීවේ තරමක් තද හඬකිනි. මීට පෙර නම් ඈ මෙසේ කතා කරන්නේ හෝ නැත.

“සංචලා නරක කෙනෙක් නෙවේනේ…එයා ගියේ එයාගේ ගෙදරට…එයාගේ තියෙන්නේ උද්දච්ච කම…ඔයා දැන් යන ගමන් එයා එක්ක යන්න…අනික එයාට කියන්න එපා ඔයා මෙහෙ ආව කියලාවත් එයා ආව කියලා මං කිව්වා කියලවත්…”

ඔහු ඊට එකඟව හිස සැලීය.

“මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ…මං පිටරටකට යන්න කියලා හිතුවා…”

“ඔයා හදන්නේ ප්‍රශ්න වලින් පැනලා ගිහින් ඒකට විසඳුම් හොයන්න…රට යන්න…ඊට කළින් මේ ප්‍රශ්න විසඳගන්න බලන්න…සංචලාට තව අවස්ථාවක් දීලා බලන්න… ඊට පස්සේ ඔයා තීරණයක් ගන්න…”

ඈ කියන දෙයක් කිරීම සුදුසු යැයි කියා ඔහුටද සිතිණි. ඔහු ඈ කෙරෙන් සමුගෙන පැමිණියේ යම්තාක් දුරට හෝ සැහැල්ලු වූ සිතිනි.
——————————————————————————————————
ගයානිත් රංගිකාත් සවස පැමිණෙන විට අංජලී සිටියේ තද නින්දකය. ඈ අවදි වූයේ ඔවුන්ගේ හඬ නිසාය. ඇඟමැලි කඩමින් ඈ යහන මත හිඳ ගත්තාය.

“හොඳ නින්ද නේද…?”

රංගිකා ඇසුවේ ඇගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරමිනි. එහි සංවේගයක සලකුණක් නොමැති වීම නම් සහනයකි.

“දැන් නිදාගත්තේ…”

“දවල් ඉඳන් පොල් ගෑවද එතකොට…?”

ගයානි ඇසුවේ නොසතුටෙනි. සංචලා පැමිණ ගිය බව ඈ දැන ගත්තේ රංගිකාගෙනි.

“නැහැ හාල් ගැරුවා…”

ඇයත් පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.

“දවල් සංචලා ආවාලු නේද…මට කතා කරන්න එපැයි…කනේ පාරක් දීලා යවන්න තිබුණේ…”

ගයානි කීවේ අලුතින් ඇති වූ කෝපයෙනි.

“සංචලා විතරක් නම් බැරියැ…මාලකත් ආවා…”

ඒ ඇසූ දෙදෙනාම මවිතයට පත් විය.

“මොනවා ! ඉතින්…”

“එයා ඔෆිස් එකට කෝල් කළා කිව්වේ… ඔයාටද ගත්තේ…?”

ඈ රංගිකාගෙන් ඇසුවාය.

“කෝල් එකක් නම් ආවා මං හිතුවේ සුදු අයියා කියලා…නංගි ඉන්නවද ඇහුවා…මං කිව්වා එයා බෝඩිමට ගියා සුදු අයියේ කියලා…මාලක ඔයාට නංගි කියලා කතා කරන්නේ නැහැනේ…”

අංජලීගේ මුවේ ඇඳුණේ සාවඥ සිනහවකි.

“ඒ දෙන්නාගේම කටහඬ එක වගේ තමා…”

එසේ කී ඈ මාලක පැමිණි කාරණය ඔවුන් හා පැවසීය.

“හදිසි වෙලා බැඳගෙන දැන් පේනවනේ වෙලා තියන දේ…”

ගයානි කීවේ යම් තරමක අනුකම්පාවක්ද සහිත හඬකිනි.

“මේ හැමදේම මාලකගේ වැරදි…දැන්වත් තේරිලා නම් හොඳයි…”

අංජලී සුසුමක් හෙළුවාය.

“හරි හරි දැන් ඉතින් ඕවා අමතක කරලා දාමුකො…වුණ දේ වුණා…”

රංගිකා තුවායත් රැගෙන නාන කාමරයට වැදුණේ එසේ කියමිනි.
——————————————————————————————————
මාලක පැමිණි බව මව විත් පවසන විට සංචලාගේ සිතේ ඇති වූයේ සියිම් සතුටකි.

“මාලක ආවේ එක්ක යන්න නම්…කට වහගෙන එයා එක්ක යනවා…ආයේ සංඩු වෙලා ගෙදර එන්න බැහැ…ඔය කට පරිස්සම් කරගෙන ඉන්න ඉගෙන ගන්නවා දැන්වත්…දොස් අහන්න වෙන්නේ අපිටත් එක්ක…දුවව හදපු හැටි කියයි…”

මව දුන් අවවාදයත් සිතේ තබාගෙන ඈ ආලින්දයට දිව ගියාය. මාලක නිවසට හෝ ගොඩ නොවී සිටියේ ඉස්තෝප්පුවේය.

“ඇයි පුතේ එළියට වෙලා…ඇතුළට එන්න…”

බුද්ධිමා ඇරයුම් කළද මාලක එය නෑසුණාසේ සිටියේය. බුද්ධිමාගේ සිතට හරි නැත. මාලක ඇයව නොසළකා හැරියාක් මෙනි. මේ සියල්ලම සංචලාගේ වැරදිය. දියණිය කෙරෙහි කෝපයක් ඈ සිතේ ඇති විය.

“මාලක එන්නකෝ ගෙට…”

සංචලා පහත් හඬින් කීවාය. මාලක හැරී බැලුවේ නොමනාපය මුසුවය.

“ගෙට එන්න ඕන නැහැ…මං ආවේ තමුන්ව ගෙදර එක්ක යන්න…මීට පස්සේ මගේ ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් තමුන් නෙවේ එළියට බැහැලා එන්නේ…මං පන්නන්නේ…ඒක මේ ගෙදර අයත් දැන ගත්තොත් හොඳයි…”

බුද්ධිමාට ඒ කතාව ඇසිණි. ඈ ලැජ්ජාවෙන් මිරිකී ගියාය.

“දැන් ඉතින් සිද්ධ වෙච්ච දේවල් අමතක කරලා දාන්නකෝ පුතේ…මීට පස්සේ එහෙම වෙන්නේ නැහැ…අපි මෙයාට කියන්න ඕන ඒවා කියලා තියෙන්නේ… පුතා කැමති තීරණයක් ගන්න…”

සංචලා බිමට නැඹූරු කොටගත් හිසින් කාමරයට පැමිණ ක්ෂණිකයෙන් සූදානම්ව විත් රථයට නැගුණේ මවටවත් නොපවසාමය.

“මට සමාවෙන්න මාලක…”

ඈ කීවේ මාලක නිහඬව රථය පදවන විටය. ඔහු එය නෑසුණාසේ පසු විය.

“අනේ මා එක්ක කතා නොකර ඉන්න එපා…මේ ටිකේ මං ඇති වන තුරු විඳෙව්වා…”

හැඬුම් මුසුව ඈ කීවාය. මාලක පාරේ පසෙක රථය නවතා ගත්තේ සංචලා සමඟ කතා කරන්නටය.

“මං ආවේ අම්මාගේ කීමට…නැතුව තමුසේ ගැන කැක්කුමකට නෙවේ…මීට පස්සේ මගේ ගෙදර තමුන් නිසා ප්‍රශ්න ඇති වෙන්න බැහැ…මගේ අම්මයි තාත්තයි දුක් විඳිනවා බලන්න මට බැහැ… තේරුණාද…?”

ඈ හිස සැළුවාය.

“ම…ම…එයාලගෙන් සමාව ගන්නම්…”

ඈ කීවේ සැබෑවටමය. මාලක රථය පණ ගන්වා ගත්තේ ඒ නෑසුණාක් මෙනි.

“තමුසේ සමාව ගත්තා කියලා වෙච්ච දේවල් නිවැරදි කරන්න බැහැ…දැන් පරක්කු වැඩියි…”

ඔහු පසුව කීවේය.

-හෙටත් හමුවෙමු-

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you