NewsGermen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට!

-

spot_img

Germen – “විවිධත්වයේ උත්සවය” ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවට ජර්මනියේ Solingen නගරයෙන් වාර්තා වේ. මෙම නගරය පිහිටුවා වසර 600 ක් ගත වීම සැමරීම සඳහා නගර චතුරශ්‍රයේ පැවති සංගීත සංදර්ශණයක් අසළ මෙම ප්‍රහාරය සිදුව ඇති ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව මාධ්‍ය හමුවකදී ප්‍රදේශයේ පොලීසිය සදහන් කර ඇති අතර “මේ අපරාධය කළ පුද්ගලයාගේ අරමුණ ගැන සිතාගත නොහැකි බව” ප්‍රදේශයේ අභ්‍යන්තර කටයුතු ඇමති Herbert Reul පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකයෙකු මෙය සිතා මතා කළ ප්‍රහාරයක් බව පෙනෙන්නට ඇතත්, ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද, නැද්ද යන වග දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය. ඔවුන් සතු සියලු සම්පත් භාවිත කරමින් අපරාධකරුවන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කර තිබේ.

-CNN ඇසුරෙනි-

Image Source: CNN News

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you